පිහිනුම් ඇඳුමින් සැරසුණු (කාමුක)

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පිහිනුම් ඇඳුමින් සැරසුණු (කාමුක)

    පුරුෂයින්ගේ හැසිරීම පිළිබඳව කරන ලද පර්යේෂණයකට අනුව පිහිනුම් ඇඳුමින් සැරසුණු (කාමුක) කාන්තාවන්ව කෙළි භාණ්ඩයක්‌ ලෙස දකින්නට ප්‍රබෝධයක් පිරිමින්ගේ සිත් තුළ ඇති කරවයි.

    නැෂනල් ජියොග්රැෆික් නිව්ස්: ඇමරිකාවේ, චිකාගෝ නගරයේ සිට ක්‍රිස්ටීන් ඩෙල් ඇමෝ වාර්තා කරනවා.

    පුරුෂයින්ගේ හැසිරීම පිළිබඳව කරන ලද අලුත්ම පර්යේෂණයකට අනුව පිහිනුම් ඇඳුමින් සැරසුණු කාමුක කාන්තාවන්ව භාණ්ඩයක්‌ ලෙස දකින්නට ප්‍රබෝධයක් පිරිමින්ගේ සිත් තුළ ඇති කරවන බව ඔප්පු වී තිබෙනවා. අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රීන්ගේ පින්තූර පිරිමින්ට පෙන් වූ විට උපකරණයක් හෝ මෙවලමක් දුටු විට ඔවුන්ගේ මොළයේ උද්දීපනය වන කොටස අවදි වූ බව ස්කෑනයක (පරිලෝකනයක) මාර්ගයෙන් සනාථ කර ගෙන තිබෙනවා. ඇමෙරිකාවේ ඉතා ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් වූ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක් වූ සුසාන් ෆිස්ක් විසින් කරන ලද මෙම පර්යේෂණය අනුව අඩු ඇඳුමින් සැරසුණු කාන්තාවන්ගේ පින්තූර දුටු විට පිරිමින්ගේ සිත් තුළ උත්තම පුරුෂ ක්‍රියා පදයන් වූ “මම තද කරමි, මම බදා ගනිමි, මම හසුරුවන්නෙමි” යනාදී අදහස් ඇති වන බවද මෙම මනෝ විද්‍යාඥවරිය පවසා තිබෙනවා.

    ෆිස්ක් මහත්මියගේ ප්‍රකාශනයක් අනුව ඉතාම කම්පනීය සොයා ගැනීම වුයේ මෙම පරීක්ෂණයට සම්බන්ධ වූ ඇතැම් පිරිමින්ගේ මොළයේ මෙම පර්යේෂණ අවස්ථාවේදී තවත් අයෙකු මුණ ගැසුන විට අනිකාගේ අදහස් පිළිබඳව සිතන ස්ථානයේ කිසිදු ක්‍රියාකාරකමක් දක්නට නොලැබුණු බවයි. මෙයින් අදහස් වන්නේ මෙම පිරිමින් ස්ත්‍රීන් සම්බන්ධව දකින්නේ ලිංගිකත්වයට ආරාධනා කරන අය ලෙස බවත් එම ස්ත්‍රීන්ගේ සිතුවිලි පිළිබඳව තැකීමක් මෙම පිරිමින් අතර නොතිබුණු බවයි. මෙය සාමාන්‍යයෙන් කිසිසේත්ම සිදුවන තත්වයක් නොවෙයි යන්නත් ඇයගේ අදහසයි.

    විෂම ලිංගික(ස්ත්‍රී/පුරුෂ) චර්යාවන් ඇති පිරිමි 21 දෙනෙකු තෝරා ඔවුන්ගේ ලිංගික ආකල්පයන් ගැන පළමුව පරීක්ෂණයක් පවත්වන ලදී. මෙම පරීක්ෂණයට පැමිණි පිරිමින්ට අඩුවෙන් ඇඳගත් කාන්තාවන්ගේ හා හොඳින් ඇඟ වැසෙන පරිදි ඇඳ ගත් පිරිමින්ගේ හා කාන්තාවන්ගේ පින්තූර පෙන්වන ලදී. පිරිමින්ගෙන් බහුතරය හිස පෙදෙස නොමැති බිකිනි ඇඳ ගත් කාන්තාවන්ගේ රුප තත්පරයෙන් 1/5 ක් වූ කාලයකට පෙන්වුවත් ඒවා ඉතා හොඳින් මතකයේ රඳවා ගෙන තිබුණු බව දක්නට ලැබුණා. මේ බව ෆිස්ක් මහත්මිය විසින් ඇමරිකානු විද්‍යාඥන්ගේ සංගමයකට වාර්තා කර තිබෙනවා.

    දරුණු ලිංගිකත්වයක් ඇති පිරිමින් ලෙස වැඩිම ලකුණු ලබා ගත්තේ පිරිමින්ගේ ක්‍ෂේත්‍රය ආක්‍රමණය කරන හා පාලනය කරන උදවිය ලෙස ස්ත්‍රීන්ව දුටු අයයි. එයට අමතරව මිනිසත් බවක් ඇති, සිතීමට හැකි, චේතනාවන් ඇති අයෙක් දුටු විට මොළයේ ඇති වන ආකාරයේ කිසිම ක්‍රියාකාරිත්වයක් මෙම බිකිනි ඇඳ ගත් ස්ත්‍රීන්ව දුටු විට ඔවුන්ගේ මොළයේ දකින්න ලැබිලා නැහැ. විද්‍යාඥයින් විසින් මෙවැනි මොළයේ කිසිම ක්‍රියාකාරිත්වයක් මෙයට පෙර නොදැක තිබුණේ නිවාස නොමැති හා මත් ද්‍රව්‍යයන්ට අබ්බැහිවුවන්ගේ පින්තූර පෙන් වූ විට පමණයි.

    නැෂනල් ජියෝග්‍රෆි ප්‍රවෘත්තියට ෆිස්ක් මහත්මිය විසින් පවසා සිටි පරිදි මෙවන් අධ්‍යයනයක් ස්ත්‍රීන්ව සම්බන්ධ කරගෙන අඩු ඇඳුමින් සැරසුන පිරිමින්ගේ ශරීර පෙන්වුයේ නම් මෙවන් ආකාරයෙන් එම පිරිමින්ව අමනුෂ්‍ය (භාණ්ඩයක) තත්වයට ඔවුන් විසින් පත් නොකරනු ඇත යන්නයි.

    පරිනාමීය මනෝ විද්‍යාඥයින්ගේ මතය වුයේ ස්ත්‍රීන් වස්තුව හා බලය ඇති සහකරුවන් කෙරෙහි කැමැත්තක් දක්වන බවයි. එහෙයින් ෆිස්ක් මහත්මියගේ සහායකයන් විසින් අධික මිලැති වාහන හා අනෙකුත් ධනවත් සංකේත අසල සිටිනා පිරිමින්ගේ පින්තුර පෙන්වා මෙවැනි පරීක්ෂණයක් කරන්නට යෝජනා කරන ලදී. නමුත් ෆිස්ක් මහත්මියගේ අදහස වන්නේ එය එලෙසින්ම සිදුනොවනු ඇත යන්නයි. මෙයට හේතුව ස්ත්‍රීන් තමන් කැමති පිරිමින් පිළිබඳව ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ ඔවුන්ගේ මනස පිළිබඳ අවබෝධයක් ඇති කරගැනීමෙන්, ඔවුන් කැමති දේවල් පිළිබඳව කල්පනාකාරී වීමෙන් හා ඉන් පසු ඔවුන්ව සතුටු කිරීමට උත්සාහ කිරීමෙන් වන නිසායි.

    මෙම පරීක්ෂණයෙන් තහවුරු වන්නේ අන්‍ය අය ඉදිරියේ අඩු ඇඳුමින් සැරසී සිටීම කාන්තාවගේ ගරුත්වයට හානි ගෙන දෙන බව නොවේද? කාන්තාවන්ගේ වර්ණය, ලස්සන, තාරුණ්‍යය හා ඔවුන්ගේ ශරීර අවයව යනාදිය දෙස බලා රස විඳීම පිරිමියාගේ ස්වභාවයයි. අඩ නිරුවත් ඇඳුම් හෝ ශරීරය සමඟ තදින් තිබෙන ඇඳුම් අඳින කාන්තාවන් දෙස නිතර නිතර බැලීමට පිරිමියා පෙළඹෙන්නේ මේ නිසයි. මෙම ආශාව නොමැති පිරිමීන් ඉතා ස්වල්පයක් සිටියද බහුතරයකගේ ස්වභාවය මෙයයි. පිරිමියාගේ මෙම ආශාව පදනම් කරගනිමින් අසභ්‍ය චිත්‍රපට සඳහා දැන්වීමක් ලෙස අධිකව කාන්තාවන් යොදාගන්නවා. චිත්‍රපට නිපදවීම තුළින් බොහෝ අවස්ථාවල ධනය ඉපැයීමක් අපේක්ෂා කෙරෙනවා. එනිසා වර්තමානයේ තිරගත වන බොහෝ චිත්‍රපටවල ගැහැණුන්ගේ අඩ නිරුවත් දර්ශණ අඩංගු වී තිබෙනවා දැක ගන්න පුළුවන්. මෙවැනි දර්ශණ නොමැති නම්, පිරිමි ප්‍රේක්ෂකයින්ගේ සංඛ්‍යාවෙහි අඩුවීමක් දකින්න පුළුවන්. මීට අමතරව විවධ වෙළඳ දැන්වීම් වලදීද කාන්තාවන් යොදා ගැනෙනුයේ පිරිමියා ආකර්ෂණය කර ගන්නා මාද්‍යයක් ලෙසයි. මින් පෙනී යන්නේ කාන්තාව ලිංගික භාණ්ඩයක් බවට පත් වී අවසන් බව බවයි. කාන්තාවක් ඇඳුම් ඇඳිය යුත්තේ ඇයගේ ගරුත්වයට හානි වන අකාරයෙන්ද?

    පිරිමීන් තමන්ගේ ඇතැම් ශරීර අවයව (කකුල්, පපුව) පෙනෙන්න ඇඳුම් ඇන්දද එයින් විශාල බලපෑමක් නැහැ. එවැනි පිරිමීන් පවා ගෞරවාන්විතව සලකනු ලැබීමට ශරීරය පූර්ණ ලෙස වැසෙන ආකාරයේ ඇඳුම් අඳිනවා (රටක ජනාධිපති, මන්ත්‍රීවරුන්, අචාර්යවරු, ගුරුවරු යනාදී පුද්ගලයින්). නමුත් ශරීර අවයව පෙනෙන ලෙස ඇඳුම් ඇඳීමෙන් තමා දෙස බලන කෙනෙකුට වැරදි චින්තනයක් ලබා දිය හැකි ශරීරයක් තිබෙන කාන්තාවන් තම ශරීර අවයව ආවරණය නොකර අන් අයට මනා ලෙස පෙනෙන ආකාරයට ඇඳීම පුදුම සහගත දෙයක්.

    කිතුනු මව්තුමියකගේ හෝ භික්ෂුණියකගේ හෝ ඇඳුම එක හා සමාන නොවෙන්න පුළුවන්. නමුත් මෙම ඇඳුම් දෙකම සදාචාර සම්පන්න යැයි පැවසීම ඉතාමත් නිවැරදියි. අප මෙම ඇඳුම් සදාචාර සම්පන්න යැයි පවසන්නේ ඇයි? පිරිමියෙකුට මෙම දෙදෙනා දෙස බලන්නට සිදුවුවහොත් ඔහුගේ සිතේ ඇතිවන්නේ කුමන ආකාරයේ හැඟීම්ද? සත්‍ය වශයෙන්ම ලිංගික හැඟීම් ඇතිවීමට ඉඩක් තිබේද? දෙදෙනාම ස්ත්‍රීන්. නමුත් මෙම ස්ත්‍රීන් දෙදෙනා දෙස බලා තම සිතේ ලිංගික උත්තේජනයක් ඇතිනොවීමට ප්‍රධාන හේතුව කුමක්ද? තම හෘදසාක්ෂියට එකඟව පැවසිය හැකි එකම සත්‍යය වන්නේ ඔවුන්ගේ සිරුරු වැසෙන පරිදි ගෞරවනීය ලෙස ඇඳ ඇති “ඇඳුම” බව නොවේද? එසේනම් තමන්ගේ මව, බිරිය, දියණිය, සහෝදරිය හෝ ඕනෑම ස්ත්‍රියක් මහමග අන් පිරිමින්ගේ සිත් අනවශ්‍ය ලෙසට නොසන්සුන් නොකොට හා එම අයගේ සිත් තුළ ලිංගික හැඟීම් ඇති නොකොට සිටී නම් ඔවුන්ගේ ඇඳුම් සංවර විය යුතු බව අප පිළිගත යුතු නොවන්නේද?
    :rolleyes:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ochchara research karala mahansi une aparade ahuwa nam kiyanawa api asa kohomada kiyala :lol::lol::lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    එයාල මනසෙන් උසස් කියලනෙ මෙහෙ අය කියන්නෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.jpg