පිළිකා අවදානමට වැඩිපූර කැරටි කන්න

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පිළිකා අවදානමට වැඩිපූර කැරටි කන්න


    පිළිකා අවදානම අඩූ කර ගන්න වැඩිපූර කැරටි කන්න

    රසයෙන් හා ගුණයෙන් මෙන්ම පියකරු වර්ණයෙන් පිරිපූන් කැරටි ලොවේ කොයි කා අතරත් ජනප්‍රිය ආහාරයකි. නිව්කාසල් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිිරිසක් විසින් කරන ලද පර්යේෂණයකින් කැරටිවල අඩංගු පැල්කැරිනොල් නම් රසායනික ද්‍රව්‍ය පිළිකා වැළඳීමේ අවදානම අඩූ කරන බව පෙනී ගොස් තිබෙනවා. මේ බව හෙළි වූයේ පිළිකා ගැටිති හෙවත් ටියූමර් හටගත් මීයන් 24 දෙනෙකු යොදවා කළ පර්යේෂණයකිනි. මෙම පර්යේෂකයන් මෙම මීයන්ගෙන් කොටසකට උන්ගේ කෑම වේලට අමූ කැරටි ලබා දුන් අතර අනෙක් මීයන්ට ලබාදුන්නේ සාමාන්‍ය කෑම වේලක් පමණි. සති 18 ක් ගෙවූණූ පසූ කැරටි ආහාරයට ගත් මීයන්ගේ සිරුරේ තිබූණූ පිළිකා ගැටිති පිළිකා බවට පත්වීමට තිබූණූ අවදානම අඩූ වී තිබූණූ අතර සාමාන්‍ය ආහාර ගත් මීයන්ගේ එම තත්ත්වය එනම් පිළිකා තත්ත්වය වැඩි වී තිබූණි. මේ පර්යේෂණය කළ ආචාර්ය ක්‍රිස්ටින් බැන්ඩිටි පවසන්නේ කැරටි මගින් පිළිකා සෑදීමේ අවදානම අඩූ කළ හැකි බව කලින් දෑනගෙන සිටියත් ඊට හේතුවන රසායන ද්‍රව්‍ය සොයාගත් මූල් අවස්ථාව මෙය බවයි. අඩූ කැරටි වලට මෙම හැකියාව තිබූණත් තම්බපූ කැරටිවලට මෙහැකියාව තිබේදෑයි සෙවීමට දෑන් ක්‍රිස්ටින් පර්යේෂණ පවත්වමින් සිටියි.


    එහෙත් ආචාර්ය ක්‍රිස්ටින් පවසන්නේ දෛනිකව ගන්නා එළවළු සමග කුඩා කැරටි අලයක් හෝ අමූවෙන් ගැනීම පිළිකා අවදානම අවම කළ හැකි බවයි. කැරටි පමණක් නොවෙයි තම්බපූ එළවළු දිනපතා ගැනීම පිළිකා අවදානම අවම කිරීමට හේතුවන බව ද ඔහූ තවදුරටත් පවසයි.