පිළිතුරක් නොලද පිළිතුරු කවියක්
පිළිතුරක් නොලද පිළිතුරු කවියක්
ගඟක් වුව ගල් පරත් බොහෝ නම්
මුවදොරත් මුව අයා හිඳී නම්
මලක් වුව නටු අගෙත් කටු නම්
දැඩි නොවනු කුණාටුව නොවෙත් නම්
පලා පැහැ දිදුලවා කඳුවලියේ
ගිජු ලිහිණි මතුවේ
සඳක් වුව නුඹ සදාකල් දැල්වෙයි නම්
මගේ කඳුලැලි රටා පෙමින් පිසලෙයි දැන්
දෑස රවටන මිරිගු දියතලයේ
නොවැටෙන්නට කදුළේ
අරුත වී මා නුඹේ ළග ඉන්නම්
මිරිගු දියට මැඩ කෙත් බිමක් වී
- මාලන් විදානපතිරණ
පිළිතුරක් නොලද පිළිතුරු කවියක්
ගඟක් වුව ගල් පරත් බොහෝ නම්
මුවදොරත් මුව අයා හිඳී නම්
මලක් වුව නටු අගෙත් කටු නම්
දැඩි නොවනු කුණාටුව නොවෙත් නම්
පලා පැහැ දිදුලවා කඳුවලියේ
ගිජු ලිහිණි මතුවේ
සඳක් වුව නුඹ සදාකල් දැල්වෙයි නම්
මගේ කඳුලැලි රටා පෙමින් පිසලෙයි දැන්
දෑස රවටන මිරිගු දියතලයේ
නොවැටෙන්නට කදුළේ
අරුත වී මා නුඹේ ළග ඉන්නම්
මිරිගු දියට මැඩ කෙත් බිමක් වී
- මාලන් විදානපතිරණ