පිළියන්දල ගෑස් බැරලය පිපුරුණාද? පිපිරෙව්
ගම්වැසියන් කුපිත කිරීමේ සැලැස්මක්
කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමයි
පොලිසිය ඇතුළු දෙපාර්තමේන්තු රැසකින් පරීක්ෂණ
ගෑස් ශරීරගතවූ පුද්ගලයන් 72ක් රෝහලේ
පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ පිහිටි එස්.ඇන්ඩ්.ඩී. නමැති රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ආයතනය තුළ සිදු වූ ගෑස් බැරලයක් පිපිරීම යම් කිසි කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් පිපිරෙව්වාද? නැතහොත් ඉබේ පිපිරී ගියාද? යන්න සම්බන්ධව හෙළිකර ගැනීමට පරීක්ෂණ සිදු කෙරේ.රතුපස්වල ප්‍රදේශයේ පසුගියදා ගම්වාසීන් කුපිත කර සිදුවූ සිද්ධිය හා සමාන කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීමට යම් කිසි කණ්ඩායමකට අවශ්‍යතාව තිබුණේද යන්න සොයා ගැනීමට මෙහිදී පරීක්ෂණ අංශවල විශේෂ අවධානය යොමුවී තිබේ.
පොලිසිය, මධ්‍යම පරිසර අධිකාරිය ආයෝජන මණ්ඩලය සහ රස පරීක්ෂකවරයා එක්ව සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කරති. පිළියන්දල බටකැත්තර ශාන්ත මිචෙල් මාවතේ 2 පටුමගේ පිහිටි මෙම ආයතනය මේ වන විට තාවකාලිකව වසා තිබේ.
මෙම සිද්ධිය දැනගත් වහාම මූලික පරීක්ෂණයෙන් පසු එම කර්මාන්ත ශාලාවේ බලපත්‍රය තාවකාලිකව අත්හිටවූ බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසීය. ඊයේ අලුයම 2.45ට පමණ පොටෑසියම් සහ හයිඩ්‍රොක්ලෝරීන් අඩංගු ගෑස් නලයක් පුපුරා කාන්දුව සිදුවී තිබේ.
එම කාන්දුව සිදුවී පැයක් ඉක්ම යාමටත් පෙර එය වැළැක්වීමට පියවර ගෙන ඇත. පිළියන්දල ප්‍රදේශයේ මෙවැනි ආයතන කිහිපයක්ම ඇත. රතුපස්වල ප්‍රදේශයේ ජනතාව කුපිත කරවීම පිටුපස සිටි කඩාකප්පල්කාරී කණ්ඩායම මෙම ආයතනයේ ගෑස් ගලායාමට ඉඩ හැර අවට ගම්වාසීන් කුපිත කරවා ඊට එරෙහිව නැගී සිටීමේ සැලසුමක් ඇතැයිද යන්න සැක කෙරේ.
එබැවින් මේ පිටුපස සිටින පිරිස සොයා ගැනීමට පරීක්ෂණ සිදු වෙයි.මෙසේ ගෑස් ශරීරගතවීම නිසා රෝහල්ගත වූ පිරිස ප්‍රකාශ කරන්නේ පාන්දර 2.00ට පමණ ගෑස් ශරීරගතවී හුස්ම ගැනීමට අපහසු වූ නිසා ගම්වැසියන් පන්සලට එකතු වී හැකි ආකාරයට රෝහල් වෙත ගෙන ගිය බවයි.
මෙසේ රෝගාතුර වූ රෝගීන් 72ට අධික පිරිසක් කලුබෝවිල, පිළියන්දල යන රෝහල් වෙත ගෙන ගොස් තිබේ. එහිදී විශාල පිරිසක් ප්‍රතිකාර ලබා රෝහලෙන් මේ වන විට පිටව ගොස් ඇත.අසාධ්‍ය නොවූවත් තවදුරටත් රඳවාගෙන ප්‍රතිකාර ලබන පිරිසක්ද වෙති. කාන්තාවන්, ගැහැණු ළමයි සහ කුඩා දරුවන් කිහිප දෙනෙකුද ඒ අතර සිටිති. පිළියන්දල සහ කලුබෝවිල රෝහල් ප්‍රකාශ කරන්නේ මොවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.
පිළියන්දල රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රනීපත් චමෝද්‍ය, මොහාන් රාජ්, ප්‍රිමාල් කරුණාරත්න, රොෂාන් විතානගේ සහ එම්.පී. ජයරත්න යන අය ප්‍රකාශ කළේ මෙම විෂ ද්‍රව්‍ය නිෂ්පාදිත කම්හල් එම ස්ථානයෙන් ඉවත් කර දෙන ලෙස ඉල්ලා නඩු පවරා ඇති බවයි.
මෙම ආයතනයේ සියලු අපද්‍රව්‍ය හා ජලය ගලා යාමට සලස්වා ඇත්තේ මහ පාරේ කාණුවකට බවත් මේවා පිළිබඳව ප්‍රදේශවාසීන් වරින්වර ආයතනය දැනුවත් කළත් ඒ පිළිබඳව මෙම ආයතනය කිසිදු ඇහුම්කන් දීමක් සිදු නොකළ බව ප්‍රදේශවාසීන් පවසති. පිළියන්දල ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත පිළියන්දල පොලිසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.
source: http://www.lankagossipnews.com/2013/10/Piliyandala-gas.html