පිළිවෙලක් නැතිකම

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
පිළිවෙලක් නැතිකම

කාර්යාලයෙන් කාර්යාලයට යමින් ලිපි ලියමින් තෙමසක් තිස්සේ සොයමින් සිටි ජාතික හැඳුනුම්පත නිවසේ මේසයක් මත තිබී හමුවීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය. රජයේ රැුකියාවක නිරත අයෙකි. ජාතික හැදුනුම්පත අපහැදිලිවීම නිසා අලූතින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරනු ලැබුයේ මාස තුන හතරකට පෙරදීය. ඒ අනුව සියලූ කටයුතුකර ඉල්ලූම් පත‍්‍රය ග‍්‍රාම නිලධාරී මගින් යවනු ලැබීය.
මසකින් පමණ නව හැදුනුම්පත තැපෑලෙන් ලැබෙනු ඇති බව ප‍්‍රකාශ වුවත් මේ අයට එය ලැබුණේ නැත. ග‍්‍රාම නිලධාරීන්ගෙන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විමසීම් කරනු ලැබුවේ ඒ නිසාය.
ඉල්ලූම්කර දින කිහිපයක් ඇතුළත නව හැදුනුම්පත නිකුත් කර එය අදාළ ලිපිනයට තැපැල් කර ඇති බව අන්තිමේ දැන ගන්නට ලැබිණි. ඒ සමගම චෝදනාව එල්ලවූයේ තැපැල් දෙපාර්තමේන්තුවටය. එය තැපෑලේදී අවස්ථානගත වෙන්නට ඇතැයි සැකයක් ඇතිවිය. හැඳුනුම්පත තැපැල් කළ දිනය ඇතුළු විස්තර ලබාගෙන කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ නියමිත දිනවලදීම එය නිවසේ අයෙකුට බාරදී ඇති බවය.
නිවසේ සිටි ඥාතියා හැඳුනුම්පත අඩංගු ලිපිය බාරගෙන එය මේසයක් මත තැබූ බව සිහිපත් කිරීමෙන් පසු කීය. ඒ අනුව පරීක්ෂා කිරීමේදී එය තිබූ තැනම තිබී හමුවීමෙන් මාස තුනක් තිස්සේ පැවති ගැටලූවක් අවසන් විය.