BADA THADI ELAKIRI SIRLA BE CAREFUL

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,836
    35,713
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මතුගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු විසින් සිය 23 හැවිරිදි රූමත් පෙම්වතිය සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ බව කියන 49 හැවිරිදි දෙදරු පියෙකු නාවල පරණ පාරේදී මෝටර් රථයක් තුළදී පිහියෙන් ඇන ඝාතනය කර තිබේ. කොස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ කවීෂා නැමැති තරුණිය සහ එම ආයතනයේම වෙළෙඳ කළමනාකරු ලෙස කටයුතු කළ මනෝජ් කුමාර අතර

    ගොඩනැගී තිබූ අනියම් සම්බන්ධතාවය මෙම අපරාධයට ආසන්නතම හේතුව වී ඇත. සැකකාර තරුණයා වසර හතරක පමණ කාලයක් තිස්සේ මෙම තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇය රැකියාවට ගිය පසු ඇතිකරගත් මෙම නව සම්බන්ධතාව නවත්වන ලෙස ඔහු අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියද එය ඉටු නොවීම මත මෙම ඝාතනය සිදු කළ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.





    සිද්ධිය වූ පසුගිය 18 වැනිදා සවස් කාලයේ කොළඹ ප්‍රදේශයට තද වැසි ඇද හැලෙමින් පැවති අතර, නාවල කොස්වත්ත ප්‍රදේශයේ බස් නැවතුම්පොළක සිටි කවීෂා වර්ෂාව හේතුවෙන් නිවසට යාමට නොහැකිව සිට ඇත. එම අවස්ථාවේදී ඇය සිය ආයතනයේ කළමනාකරු වූ මනෝජ්ට දුරකථන ඇමතුමක් ලබා දී තමා සිටින තැනට පැමිණෙන ලෙස දන්වා තිබේ. මනෝජ් සිය මෝටර් රථයෙන් පැමිණ ඇයව නංවාගෙන නාවල දෙසට ගමන් කරමින් සිටියදී, කවීෂාගේ පැරණි පෙම්වතා යතුරුපැදියකින් ඔවුන් පසුපස හඹා විත් ඇත. නාවල පරණ පාරේදී මෝටර් රථය හරස් කොට එය නතර කරගත් තරුණයා, රථයේ පසුපස දොරින් ඇතුළු වී රියැදුරු අසුනේ සිටි මනෝජ්ට සහ සිය පෙම්වතියට තදින් දෝෂාරෝපණය කර තිබේ.

    මෝටර් රථය තුළදී තිදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, තමන්ව ආපසු යතුරුපැදිය තිබූ ස්ථානයට ඇරලවන ලෙස තරුණයා පවසා ඇත.



    එම ගමන අතරතුරදී තරුණිය විසින් තමාට මනෝජ් සමඟ සම්බන්ධයක් ඇති බවත්, පැරණි පෙම්වතා සමඟ තවදුරටත් සම්බන්ධයක් අනවශ්‍ය බවත් මුහුණටම ප්‍රකාශ කර තිබේ. ඇයගේ මෙම ප්‍රකාශයත් සමඟම මනෝජ් ද එම සම්බන්ධතාව අනුමත කර ඇත. මෙයින් දැඩි ලෙස කෝපයට පත් සැකකාර තරුණයා ළඟ සඟවාගෙන සිටි පිහියක් ගෙන එකවරම රියැදුරු අසුනේ සිටි මනෝජ්ට ප්‍රහාරයක් එල්ල කර ඇත. එය වැළැක්වීමට තරුණිය උත්සාහ කළ අවස්ථාවේදී ඇයගේ අතටද කැපුම් තුවාල සිදුව තිබේ.

    පිහි පහර කෑ මනෝජ් බරපතළ තුවාල ලබා සිටියදී සැකකරු මෝටර් රථයෙන් බැස පලා යාමට උත්සාහ කර ඇත. එහෙත් තරුණියගේ කෑගැසීමත් සමඟ එම අවස්ථාවේ රාජකාරි කටයුත්තක් සඳහා සිවිල් ඇඳුමින් එම මාර්ගයේ ගමන් ගත් වැලිකඩ පොලිසියේ නිලධාරියෙකු වහාම ක්‍රියාත්මක වී සැකකරු අල්ලාගෙන තිබේ. අවට පිරිසගේ සහාය ඇතිව තුවාලකරු නාවල පෞද්ගලික රෝහලක් වෙත ගෙන ගියද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණියගේ උපදෙස් මත වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ ඇතුළු කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,274
    66,703
    113
    IMG-4628.webp
    Me wage size unanan saith tiyenawanan genu duwan enne