"පීනස" හා ආතතියට ප්‍රතිජීවක නොදෙන ලෙසට වෛ&

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    "පීනස" හා ආතතියට ප්‍රතිජීවක නොදෙන ලෙසට වෛ&

    "පීනස" හා ආතතියට ප්‍රතිජීවක ලබා නොදෙන ලෙසට වෛද්‍යවරුන්ට උපදෙස්‌


    weda2.jpg
    "පීනස" හා මානසික ආතතිය වැනි රෝග තත්ත්වයන් මිනිස්‌ සිරුරෙහි පවතින ස්‌වාභාවික ප්‍රතිශක්‌තිය මත සුවවීම නිසා එම රෝග සඳහා ප්‍රතිජීවක බෙහෙත් (ඇන්ටිබයොටික්‌ස්‌) නිර්දේශ කිරීමෙන් වළකින්නැයි බටහිර රටවල සෞඛ්‍ය බලධාරීහු වෛද්‍යවරුන්ට උපදෙස්‌ නිකුත් කර තිබේ.

    බ්‍රිතාන්‍යයේ "ඩේලි මේල්" පුවත්පතට අනුව බටහිර සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ "පීනස" මානසික ආතතිය වැනි රෝග තත්ත්වයන් බෙහෙත්වලින් තොරව සුව කරගත හැකි තත්ත්වයන් වීම නිසා මතුවන රෝග ලක්‍ෂණ මඟහැරවීම සඳහා පැරසිටමෝල් මාත්‍රාවක්‌ ගැනීම හැරෙන්නට ප්‍රතිජීවක බෙහෙත් නිකරුණේ ලබා ගැනීමට එම රෝගීන් නොපෙළඹිය යුතු බවයි.

    කෙසේ වුවද වෛද්‍යවරුන් වෙත පීනස රෝගයට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් ගෙන් සියයට 91 කටම වෛද්‍යවරුන් විසින් ප්‍රතිජීවක බෙහෙත් නිකුත් කරන බව සමීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි එම සුළු රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිජීවක බෙහෙත් නිර්දේශ නොකරන ලෙස වෛද්‍යවරුන්ට උපදෙස්‌ නිකුත් කර ඇති "නයිස්‌" ආයතනය පවසයි.

    අනෙක්‌ අතට ප්‍රතිජීවක බෙහෙත් වර්ග නිපදවා ඇත්තේ බැක්‌ටීරියා නැසීමට මිසක වයිරස්‌ ආසාදනයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නොවන බව පෙන්වාදෙන නයිස්‌ ආයතනය ප්‍රතිජීවක බෙහෙත් වර්ග කිසි විටකත් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උගුරේ රිදීම හෝ වෙනත් වයිරස ආසාදනයන් මැŽමට උපකාර නොවන බව පෙන්වා දෙයි.

    නයිස්‌ ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක මහාචාර්ය ගිලියන් ලෙන්ග්ට අනුව බැක්‌ටීරියා ආසාදනයන්ට හේතුවන බැක්‌ටීරියාවන් පවා ප්‍රතිජීවක බෙහෙත්වලට ඔරොත්තු දෙන තත්ත්වයක්‌ නිර්මාණය වී තිබීම නිසා එය දැනට සමස්‌ත ගෝලීය සෞඛ්‍ය ක්‌ෂේත්‍රයට අත්විඳීමට සිදුව ඇති බලවත්ම තර්ජනය වී තිබේ. මෙම තත්ත්වයට එරෙහිව සටන් කිරීමේදී ප්‍රතිජීවක බෙහෙත් අනවශ්‍ය රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහා යොදා නොගෙන කාර්යක්‍ෂමව ඒවා අවශ්‍ය වන රෝගවලට පමණක්‌ භාවිත කිරීමට සෞඛ්‍ය වෘත්තිකයින් ක්‍රියා කිරීම වැදගත් බව මහාචාර්ය ලෙන්ග් කියයි.

    මේ අනුව නයිස්‌ ආයතනය විසින් වෛද්‍යවරුන්ට ප්‍රතිජීවක බෙහෙත් භාවිතය පිළිබඳව නිකුත් කර ඇති උපදෙස්‌ මාලාව යටතේ වටිනා ප්‍රතිජීවක බෙහෙත් ආරක්‍ෂා කරගත හැකි වන අතර ප්‍රතිජීවක බෙහෙත් අත්‍යවශ්‍ය නොවන රෝගීන්ට කිසිදු අතුරු ආබාධයක්‌ නොමැතිව රෝගයන් සුවකර ගැනීමේ අවස්‌ථාව හිමිවනු ඇතැයි ඔහු සඳහන් කර සිටී.

    දරුණු පීනස වැනි රෝගයක්‌ වැළඳීමට මුල් වනුයේ වයිරසයක්‌ වන අතර එම වයිරසය ආසාදනය වීමෙන් නාසය අවහිර වීම හෝ කිවිසුම් අධිකව පිටවීම, කහ පැහැති සොටු දියර ගැලීම වැනි රෝග ලක්‍ෂණ පහළ වේ. මෙම රෝග තත්ත්වය මිනිස්‌ සිරුරේ පවතින ස්‌වාභාවික ප්‍රතිශක්‌තිය යටතේ දින කිහිපයකින් සුව අතට හැරිය හැකි බවත් වෛද්‍යවරු ප්‍රතිජීවක බෙහෙත් එවැනි රෝගියෙකුට නිර්දේශ කිරීම පිළිබඳව සළකා බැලිය යුත්තේ රෝග ලක්‍ෂණ දින 10 කට අධික ක ලයක්‌ පැවතියහොත් පමණක්‌ බව මහාචාර්ය ලෙන්ග් සඳහන් කරයි.

    නයිස්‌ ආයතනයේ පොදු ආසාදන තත්ත්වයන් පිළිබඳ උපදේශක කමිටුවේ ප්‍රධානියා වන වෛද්‍ය තෙස්‌සා ලුවිස්‌ට අනුව, වෛද්‍යවරු මෙහිදී පීනස රෝගයට ගොදුරු වූ රෝගියාට රෝග ලක්‍ෂණ කෙටි කලක්‌ පමණක්‌ පවතිනු ඇති බවට දැනුවත් කළ යුතු වේ.

    "පීනස රෝගය පවතින බොහෝ රෝගීන්ට සති කිහිපයකින් ප්‍රතිජීවක බෙහෙත් නොමැතිව සුවවීමේ හැකියාව පවතී. එහෙත් එවැනි රෝගීන්ගේ රෝග ලක්‍ෂණ තරමක්‌ දරුණු නම් පැරසිටමෝල් මාත්‍රාවක්‌ පමණක්‌ ගෙන සැහැල්ලුවෙන් රෝගය ගැන සැලකිය යුතු බව ඇය සඳහන් කරන්නීය.

    එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනයේ සුසාන් හොප්කින්ස්‌ට අනුව ප්‍රතිජීවක බෙහෙත් අත්‍යවශ්‍ය නොවන රෝගීන්ට ලබාදීම යනු එම ප්‍රතිජීවක බෙහෙත්වලට බොහෝ රෝග තත්ත්වයන් ඔරොත්තු දිය හැකි නිසා අනාගතයේ දී කිසිදු ආසාදනයකට භාවිත කළ නොහැකි තත්ත්වයකට එම බෙහෙත් පත් කිරීමකි. මෙවැනි තත්ත්වයකින් සිදු වනුයේ බොහෝ දෙනකුට දරුණු ආසාදනයකදී ප්‍රතිකාර වශයෙන් ලබාදීමට සුදුසු ප්‍රතිජීවක බෙහෙත් ඉදිරියේදී සොයාගත නොහැකි වීමයි" ඇය කීවාය.

    එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී මහාචාර්ය ඩේම් සැලී ඩේවිස්‌ ඔක්‌තෝබර් මස මුලදී කියා සිටියේ ප්‍රතිජීවක බෙහෙත්වල ප්‍රතිඵලදායී බව නැතිව ගියහොත් එය වර්තමාන බටහිර වෙදකමේ අවසානය වනු ඇති බවයි.

    දැනටමත් ප්‍රතිජීවක බෙහෙත්වල ප්‍රතිඵලදායී බව නැතිව යැම නිසා රෝග කාරකයන් එම බෙහෙත්වලට ඔරොත්තු දීමෙන් වාර්ෂිකව ලොව පුරා ක්‍ෂය රෝගය, එච්.අයි.වී./ඒඩ්ස්‌, මැලේරියා ඇතුළු රෝගවලින් හත් ලක්‍ෂයක්‌ පමණ දෙනා මියයන බව අනාවරණය වී තිබේ.

    දැනට දශක කිහිපයක පමණ සිට වෛද්‍යවරු මෙන්ම රෝහල් කාර්ය මණ්‌ඩල සාමාජිකයින් ප්‍රතිජීවක බෙහෙත් වර්ග ප්‍රමාණයට වඩා අධිකව භාවිත කිරීම නිසා බොහෝ රෝග කාරක බැක්‌ටීරියාවන් එම බෙහෙත්වලට ඔරොත්තු දීමට පටන්ගෙන තිබේ.

    බටහිර වෛද්‍යවරුන්ට අනුව මෙම තත්ත්වය නිසාම උගුරේ රිදීම, සමේ ආසාදනයන් හා නිවුමෝනියා වැනි රෝගාබාධයන් සඳහා ලබාදෙන පෙනිසිලින් නමැති ලොව ප්‍රකට ප්‍රබල ප්‍රතිජීවක බෙහෙත් වර්ගය ඇතුළු ප්‍රතිජීවක බෙහෙත් වර්ග රැසක්‌ ප්‍රතිඵලදායී නොවන තත්ත්වයට පත්ව ඇත.

    අනෙක්‌ අතට ලොව අලුතින් නිපදවනු ලබන ප්‍රතිජීවක බෙහෙත්වලද හිඟයක්‌ දක්‌නට ලැබෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉකුත් සැප්තැම්බර් මාසයේ දී අනතුරු අඟවා සිටියේ ලොව පුරා භාවිත කළ හැකි ප්‍රතිජීවක බෙහෙත් වර්ග ශීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බවයි.

    ප්‍රතිජීවක බෙහෙත්වලට ඔරොත්තු දීම නිසා රෝගාබාධවලට ගොදුරු වීමෙන් වසර 2050 සිට ලොව පුරා මිලියන 10 ක්‌ පමණ දෙනා වාර්ෂිකව මියයනු ඇතැයි ඇස්‌තමේන්තු කර තිබේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය උගුරෙ අමාරුවට ඇන්ට්බයොටික් අහන් නැ කියල තියෙන කතාවනම් මම පිලි ගන් නැ...:no:
     

    Similar threads