පීබි ජයසුන්දර නම් ආර්ථික ඝාතකයා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පීබි ජයසුන්දර නම් ආර්ථික ඝාතකයා

ආර්ථික ඝාතකයෝ සහ ඛාදකයෝ


රංගනයක්ද? හටනක්ද?
17-1.png
වචනයට අධිපති ඇමැතිවරයකු වන විමල් වීරවංශ අලුත් මෙහෙයුමක් අරඹා තිබේ. ලෝක බැංකුවේ පේනුව ගැලවීමට මහත් තැතක් ගත් වීරවංශයන්ගේ අලුත්ම තැත සිංහලද්වීපයේ ආර්ථිකයට වින කටින ඝාතකයා පන්නා දැමීමය.
මැති ඇමැතිකම්වලින් සැපවිඳීම තම සිතේ අහල ගම් හතකවත් නැති හිතුවිල්ලක් බවද පසුගියදාක වීරවංශයෝ තෙපලූහ. එහෙයින් නොබියව නොපැකිළව ආර්ථිකයට වින කටින ඝාතකයාට එරෙහිව හටන කරන බව ඔවුහු අවධාරණය කළහ.
එසේ වුවද විමලයන්ගේ හටන හිතන තරම් සුකර නොවේ. එය දුකරම හටනක් බව පෙනෙන්නේ විමලයන් සාමාජික ධුරය දරන ආණ්ඩු පිළෙන්ම ඔහුට එරෙහිව ගල් ගෙඩි පතිත වීමට පටන් ගෙන තිබෙන හෙයිනි.
මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම විමලයන්ට වචනායුධ වලින් තැලූහ. විමලයන්ගේ ඝාතක කතාව ඉල්ලා අස්කර ගත යුත්තක් බව ඒ මැති ඇමැත්තෝ කීහ.
තව සමහර දේශපාලන උන්නැහේලා පැවසුවේ විමලයන් රඟපෑමක් කරන බවය. රඟපෑමක් නොවන්නේ කිම මෙලොවැ. ඉංගිරිසි කිවියර ශේක්ෂ්පියර්යන්ද ලෝකය රඟ මඬලක් යැයි කීවේ එනිසාම නොවේද?
ලෝකය රඟ මඬලක් වන කල දේශපාලනයද රංගනයක් නොවිය යුත්තේ කවර නම් අහේතුවටද? විරුපක්ෂ මන්ත්‍රීවරයකු වන පත්කළ මන්ත්‍රී හර්ෂයන් ප්‍රහර්ෂයෙන් මාධ්‍යයට ඉකුත්දාක තෙපලා තිබුණේ සැබෑ ආර්ථික ඝාතකයා විමල් වැනි ආණ්ඩුවට ණය ගැනීමට උඩගෙඩි දෙන මැති ඇමැත්තන් බවය. හර්ෂයෝ විමල් වහෙන් හොරා ආර්ථික ඝාතකයා යන සම්මානය පුද කරන පී.බි. ජයසුන්දර බේරා ගැනීමට තැත් කරති.
සමහරවිට මතු යම් කල්පයක එ.ජා.ප. ආණ්ඩුවක් මේ සිරිබර දීපයේ පිහිටුවා ලූ කල ආර්ථික ඝාතකයාගේ භූමිකාව රඟදැක්වීමට ආර්ථික පඩියකු වන හර්ෂයන්ගේ සිතේ පිළිසිඳ ගත් පැතුමක් නොමැත්තේ යැයිි කිව හැක්කේ කවරනම් අංජනම් කාරයකුටද. එවැනි පැතුමක් තිබෙන කළ පසුව පැමිණීමට පැතුමන් තිබෙන ඝාතකයන්ගේ මහරු යුතුකම මුල් ඝාතකයාගේ භූමිකාව, තනතුරේ ගරුත්වය රැක ගැනීම නොවේද?
ඔය දොස්තරලාත් නිරෝගීන්ගේ අත්පා ඇඟිලි කන්පෙති ආදිය කැපුවත් දොස්තරකමේ ගරුත්වය වෙනුවෙන් අවි අමෝරා ගන්නේ එනිසාම නොවේද?
යළිඳු විමලයන්ගේ ආර්ථික ඝාතක හටන ගැන විභාග සංවිභාග කිරීමට යොමුවෙන කළ ලියුම්කරුට එහි යම් බරපතළ කමක් පෙනෙන්නට තිබේ.
විමලයන්ගේ දෝස් මුරයට බඳුන් වන පී.බි. යෝ ලෙහෙසි පහසු නිලදරුවෙක් නොවෙති. පී.බි. ‍ලේකම්කම දරන අමාත්‍යංශයෙහි ප්‍රධානයා අන් කවරකුවත් නොව මෙරට සකල බලයට අධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාණෝය. එසේ වන කල ජනාධිපති මහින්ද රාජපක්ෂයන් ළඟට අරන් තිබෙන්නේ ඝාතකයකුද? තමන්ගේ ළඟ සිටින්නේ ඝාතකයකු බව දැන දැනත්, විමලයෝ උගුර කට ‍ලේ වන තුරුත් මොරගා අනතුරු හඟවද්දීත් නෑසූ කන්ව සිටින්නේ ආර්ථිකේ ඝාතනය කිරීම හැර ඊට පණ දීමට අදහසක් නොමැති නිසාද. ත්‍රස්ත බලමුළු නසා රට එක්සේසත් කළ ජනාධිපති රාජපක්ෂයෝ ආර්ථික ත්‍රස්තයන්ට දිරි දෙත්යැයි ලියුම්කරුට නම් නොසිතේ. එසේ වුව මේ ලෝක ක්‍රමය උඩ සමහර ඝාතකයන් අකමැත්තෙන් වුව තබා ගැනීමට සිදුවන බව නොරහසකි. ඇමැති විමලයෝ ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ට ඉමහත් හිතෛෂි භාවයක් පෙන්වන්නෝය. ජනපති රාජපක්ෂයන්ගේ පුත්‍රයන්ද විමලයන්ට ලෙන්ගතු කමක් දක්වන බව පසුගිය කාලයේ වංහුන්වලින් පැහැදිලි වෙයි. එහෙනම් විමලයන් ජනාධිපති රාජපක්ෂයන්ගේ අමාත්‍යංශයක ‍ලේකම්කම දරන පී.බි.ට එරෙහිව හදිසියේ අවි අමෝරා ගන්නේ කවර නම් පදනමකින්දැයි වටහා ගැනීමට සුකර නොමැත. ඊට හේතුව පී.බි. ජනාධිපති රාජපක්ෂයන් ඉක්මවා හිතු මනාපෙට වැඩ කරන්නකු නිසාද? එනිසා ඔහුට තැලුවාට කම් නැතැයි ජනාධිපති රාජපක්ෂ කල්පනා කරනවා විය හැකිද? නොඑසේ නම් ආණ්ඩුවේ නොගිලී දේශප්‍රේමියකු සේ තවම සිටින බව ඇඟවීමට එනම් සිය දේශපාලන වර්ණය ඉස්මතු කිරීමේ වුවමනාවක් පී.බි. හටන හරහා සපුරා ගැනීමේ අදහසක් විමලයන්ට තිබේද? එනම් පී.බි. විරෝධය දේශපාලන හටනේම කොටසක්ද? කොහොම නමුත් ආණ්ඩුවට වඩා නිලධාරිවාදය ඉස්මතු වීම බොහෝ තැන්වල දැකිය හැකි ප්‍රවණතාවකි. එය මේ රටට අමුතු දෙයක්ද නොවේ. පසුගිය කාලයේ කැබිනට් ඇමැතිකම් සංශෝධනයද වූයේ පී.බි.ගේ නූල් සූත්තර වලට අනුව බව සමහරු කියති. ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් පත්කර ගත් බවට සම්මතයක් තිබෙන ආණ්ඩුවක නිලධාරියකුට එසේ ඕනෑ ඕනෑ අයුරින් රඟන්නට ඉඩ දීම කිසිසේත්ම සුබ වැඩක් නොවේ. එසේ වූ කල පාර්ලිමේන්තුවට ජනමතයෙන් පත් වූ ජනතා නියෝජිතයන්ට යන කල දසාව කුමක්ද?
එනමුදු ඇති තතු විමසා බලන විට මේ රට නාමිකව සුද්දාගෙන් ගැලවුණු දා සිට මෙහි ආර්ථික සමාජ සංවර්ධනය සඳහා උපදෙස් ලබා ගත්තේ අපේ වැනි රටවල ස්වාධීන ශක්තිමත් ආර්ථිකයක් බිහිවීම නොඉවසූ ඊනියා අන්තර්ජාතික ආයතනවලිනි. ශ්‍රී ලංකාව 1950 අගෝස්තු 29දා ලෝක බැංකුවේ සාමාජිකත්වය ගත්තේය. එමගින් වූයේ මේ රට යළි සූරා කෑමට සුද්දාට ඉඩ දීමය. ඉන්පසු 1951දී ලෝක බැංකු දූත මණ්ඩලයක් මෙහි පැමිණියේ එවක එ.ජා.ප. ආණ්ඩුවේ ඉල්ලීම පරිදි මෙරටට ගැළපෙන සංවර්ධන උපාය මාර්ගයක් සැකසීමටය. එ.ජා.ප. ආණ්ඩුවේ 1954 - 1960 හය අවුරුදු සැකැස්ම සකස් වූයේ එලෙස පැමිණි ලෝක බැංකු දූත මණ්ඩලයේ නිර්දේශ පරිදිය. 56 බණ්ඩාරනායක ආණ්ඩුව ඒ ආර්ථික නිර්දේශ මායිම් නොකළත් 65 සිට යළි ලෝක බැංකුව මේ රටට බැල්ම දැම්මේය. 1977දී යළි පැමිණි එ.ජා.ප. ආණ්ඩුව නව ලිබරල්වාදී ප්‍රවේශයකින් එකල ලෝක බැංකුව ඉදිරිපත් කළ ආර්ථික උපාය මාර්ග එලෙසින්ම මෙහි ක්‍රියාත්මක කිරීමට එකඟ විය. 1978 නව ආර්ථික උපාය මාර්ග නිසා ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ඊනියා අන්තර්ජාතික ආයතනවලට මේ රට සමීප විය. ආචාර්ය ජයන්ත කැ‍ලේගම මහතා සඳහන් කර තිබෙන පරිදි එතැන් සිට වූයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්වාධිපත්‍ය නැතිවී එය අන්තර්ජාතික මූල්‍ය අරමුදලට හා විදේශ ආයෝජන හා ආනයනය කරන බහුජාතික සමාගම්වලට හිමිවීමය. කොටි ත්‍රස්තවාදය අවසන් කර රටේ ස්වාධිපත්‍යය තහවුරු කළද එය අසම්පූර්ණ වන්නේ තවම ආර්ථික ස්වාධිපත්‍ය ලබා ගැනීමට අපේ රටේ සූදානමක්වත් නොමැති බැවිනි. 1977 වන විට මේ රට ලෝකයට ණය වී තිබුණේ රුපියල් බිලියන 20කටත් වඩා අඩු මුදලකි. එහෙත් 2005දී ඩොලර් බිලියන 10.52ක් වූ ණය ප්‍රමාණය 2012 වන විට ඩොලර් බිලියන 22.82ක් විය. ඇතැම් ණය හෝ රජයේ බැංකු ලබාගත් ණය ප්‍රමාණය මෙයට අයත් නොවේ. එසේම චීනයෙන් ගන්නා ණය වාරික පිළිබඳ තොරතුරුද අප්‍රකටය. එනිසා සමහරුන් සඳහන් කරන්නේ ඩොලර් බිලියන තිහක් පමණ අප ලෝකයට ණයගැති බවය. මුදල් අමාත්‍යංශ දත්ත අනුව 2011දී විදේශ ණය ගෙවීම් සඳහා ඩොලර් මිලියන 954.5ක් වෙන් කර ඇති අතර 2012දී එසේ වෙන් කළ මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 1539ක් වී තිබේ. මේ අතර ආණ්ඩුව පසුගිය කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.5ක ණයක් ඉල්ලුවත් එය ප්‍රතික්‍ෂේප වී තිබේ. මෙසේ ආර්ථික ස්වාධිපත්‍යය අහිමි වූ එනිසාම අන්තර්ජාතික ආයතනවල ණය උගු‍ලේ පැටලී සිටින රටක ආණ්ඩුවල ගැලවුම්කාරයෝ පී.බි. ජයසුන්දර වැන්නන්ම වීම පුදුමයක් වන්නේ කෙසේද?
ඔවුන්ට කළ හැකි කාරිය රට තව තවත් ණය උගු‍ලේ සිරකරවීමය. එහෙන් මෙහෙන් අතනින් මෙතනින් ණය ගෙන විවිධ සූත්තර වැඩ කිරීම හැර වෙන කළ යුත්තක් තිබේද? එසේ වුව පී.බි.ට පමණක් ආර්ථික ඝාතන චෝදනාව එල්ල කිරීමට තරම් ලියුම්කරු සාහසික නොවේ. පී.බි. ආර්ථික ඝාතකයකු වන්නේ ඔහුට රිසි සේ පිනුම් ගැසිය හැකි ඉඩක් සහිත දේශපාලන ක්‍රමයක් තිබෙන බැවිනි. මේ ක්‍රමය වෙනස් කිරීමට පී.බි.ට හැකියාවක් නොමැත. බහුජනතාවට හිතවත් සමාජ දේශපාලන ක්‍රමයක් ගොඩනැගිය යුත්තේ බහුජන ඡන්දයෙන් පත්වූ ආණ්ඩුව විසිනි. එහෙත් ආණ්ඩුවට ඊට වුවමනාකමක් තිබෙන බවක් පෙනෙන්නට නොමැත. තිබෙන ක්‍රමය නඩත්තු කිරීම හැර වෙන මඟකට යොමුවිය හැකි ප්‍රඥාවක් සහිත දර්ශනයක් සහ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැත. එදිනෙදා ජාමය බේරා ගැනීම හැර වෙනත් මඟක් ගැන ආණ්ඩුව පුළුල්ව කල්පනා නොකරයි. මෙරට තුළ ආර්ථික පදනමක් ගොඩනැගීම වෙනුවට මහා පරිමාණ ආයෝජනවලින් වියහැකි ආර්ථික පාතිහාර්ය ගැන ආණ්ඩුව උඩ බලන් සිටින බව පෙනේ. එනිසා ආණ්ඩුවේ මැති ඇමැත්තෝ නිතර මන්තරයක් සේ හෝටල් කාමර 50,000 ඉලක්කය ගැන තොල් මතුරති. තමන්ගේ දිරියෙන් විරියෙන් නුවණින් හිස එසවීමට උත්සහ කරන සුළු පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට රටෙහි ආරක්ෂාවක් නොමැත. ඊට දිය හැකි හොඳම නිදර්ශනය “ඕලු” නමින් දේශීය විස්කෝතු වර්ගයක් නිෂ්පාදනය
කළ දිරිමත් ව්‍යාපාරිකයා පැහැරගෙන ඔහුට මරබිය උපදවා ඔහුගේ විස්කෝතු නිෂ්පාදනයේ
රෙසපිය කොල්ලකෑමය. රටෙහි හිස එසවීමට උත්සාහ කරන දේශීය ආර්ථිකයකට උර දීමට වෙර දරන මෙවැනි මිනිසුන්ට ආර්ථික ත්‍රස්තවාදයෙන් ගැලවීමක් නැත්නම් මේ රටට ආර්ථික ඝාතකයන්ගේ පිහිටමය. මේ ව්‍යාපාරිකයාට වූ අසාධාරණය අයුක්තිය පිළිබඳව ආර්ථික ඝාතකයන් ගැන කතා කරන ඇමැති විමල් වචනයක් හෝ නොදඩුවේ මන්ද යන පැනය ලියුම්කරුට ඇතිවේ. ඇමැති විමල්ද ඇතුළු ආණ්ඩුවටද ආර්ථික ඝාතන චෝදනාවෙන් මිදිය නොහැකිය. පුරසාරම් වැඩ වලට ආණ්ඩුවේ ඇත්තෝ කෙතරම් නම් මුදල් වැය කරත්ද වී ඇටයක් තරම් වැඩක් කර මහා මේරුව උසට ප්‍රචාරය දීම සඳහා මහජන මුදල් කාබාසිනියා කරන මැති ඇමැතිවරු සිටින්නේ මේ රටේය. බොහෝ මැති ඇමැතිවරුන් තවම පියඹා යන්නේ ආරක්ෂක රථද ඇතුළුව වාහන දහයක් දොළහක් පිරිවරාගෙනය. ඇමැතිවරු මතු නොව ඔවුන්ගේ ඇඹේනියන්ද ආරක්ෂකයන් දහයක් දොළහක්ද පරිවාර රථ දහයක් පහළොවක්ද පිරිවරා ගන්නේ නැතුව කිලෝමීටරයක් හෝ දුර යාමට කැමැති නැත. මේවා ආර්ථික ඝාතන වැඩ මිසක් වෙන මොනවාද? රජයේ කාර්යාලවල අමාත්‍යංශවල නිකරුණේ දැල් වූ විදුලි බල්බ විදුලි පංකා ආදියෙහි ප්‍රමාණයක් නොමැත. බොහෝ තැන්වල කැඩුණු ජල කරාම එසේමය. ජල කරාම ගැන කවර කතාද? තෙල් කාන්දුවන නල ටික හදා ගැනීමට ආණ්ඩුව තවම සමත් වී තිබේද? මූල්‍ය වංචා ගැහිලි ආදියෙහිද අඩුවක් නොමැත. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මිලියන 6400ක වංචාවක් වී ඇති බව ප්‍රවාහන ඇමැති වෙල්ගම පිළිගත්තේ මේ නොබෝදාය. මේ අනුව ඉහළ සිට පහළට බලන විට ආර්ථික ඝාතනම විනා ආර්ථිකයට පණ දෙන සැබෑ ප්‍රයත්න මෙරට හිඟය. එනිසා ඒ සඳහා සංවාදයක් ඇරඹීමට තවත් ප්‍රමාද විය යුතු
 
  • Like
Reactions: jeewantha05

Similar threads