පීසා සදන්නට ආසයි තුරුල් වෙලා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    192197618_4135485846545876_5538225073022227384_n.jpg



    සුදු පැහැ බෝල විසිරුණු නුඹෙ නිල් ගවුම
    තැන තැන ඇතේ ලොකු රතු මල් එහි විසිර
    මනා ලෙසට රුව ඇති නුඹෙ හැඩ සිරුර
    ආවේ බලන්නට හොරැහින් මම නිතර

    පිටි මෝලිය හොදහැටි පදමට අනනා
    සියුමැලි දෑත් නුඹගේ රිදුනද නෝනා
    මහන්සියට උඩු තොල දහදිය පෙනුනා
    පිසදා ගන්න සහයක් ඕනෙද සිතුනා

    සියළුම කලමනා ඔබ වට ඇත මේසේ
    නුඹෙ ඇස් යොමා ගෙන ඇත ඒවා මත්තේ
    එනමුත් මගේ ඇස් තාමත් ඔය පැත්තේ
    ඉවතට ගන්න බැහැ ඇස් මගෙ නුඹ මත්තේ

    මනා ලෙසට සැකසූ කෙස් අවුල් වෙලා
    එය සකසන්න ආසයි මට හවුල් වෙලා
    සුන්දර නුඹේ දිගු රතැගිලි අතින් වෙලා
    පීසා සදන්නට ආසයි තුරුල් වෙලා
    සමී
    15/06/2021
    #කවියන්ගේ_අඩවිය