පුංචි කාලේ ගැන දාල තිබ්බ නුලක් දැකල මටත් මගේ පොඩි කාලේ සිහි උනා ..
හොද වේලාවට් ඒකාලේ computer ,internet ගැන මන් අහලා තිබ්බෙවත් නැහැ ....
එහෙනම් කවිය කියෝලා පුංචි කාලේ මතක් කරගනිල්ලා ........................
ලැබුනා විවේකය රැකියාවට ..........ආයේ
බැලුවා එලකිරිය නිවෙන්ට ගත.......දාහේ
නුලක් දැකලා සිහිවුනි මට පොඩි....කාලේ
සිතුනා ලියන්නට කවියක් මට........ආයේ
පෙර පාසැල තිබුනේ ලොකු ඉස්කෝලේ....ලග
දුවලා උදෙන් පෙර පාසැල් කෙරුවා ...... ...දග
ඇසුනා සවස තෙරුවන් ගුණ ගැයුණු...........හඩ
සිතුනා මටත් යන්නට ලොකු.............පාසැලට
එක වසරේ සිටියේ පච කියූ දස.....කොලුවෝ
උන්ගේ සුරතලුන් අලි සිංහයෝ....කොටියෝ
ඇසුවොත් තාත්තලා රජවරු අග ....මැතියෝ
මේ පච මමත් පිළිගමි මුදුනින්.........පැටියෝ
එකල කුරුම්බැට්ටි මැෂිම ලොකු ...දෙයකි
කොස්කොල ඔටුනු පැලදීමත් රජ... කමකි
ඇදලා බලිකුරුටු වර්නෙන් සිත........කැමති
ලැබුනා පහස අම්මාගෙන් කොසු ....මිටෙහි
ඇරිලා එනගමන් හවසට........ඉස්කෝලේ
ගැසුවා අඹ ගසට පොලු ගෙට ...වැදුනානේ
කෑවා ගුටිත් මට කිසි ගානක් ......නෑනේ
ඇරියේ සරුංගල් හවසට වෙල් ......යායේ
හසරැලි රසාරයි සුදු පුන්චයි..........යන්නේ
ටින් ටින් බලාලයි අපි සැම...හිනැහෙන්නේ
අඹ යහළුවෝ බලද්දී සිත දුක්......වෙන්නේ
රෑට ගිය ඒවා මට නැහැ.........තේරෙන්නේ
සුර පප්පා බලලා බඩ කොර.............වෙන්නේ
කූබිච්චී තමයි අවවාදය......................දුන්නේ
අපිරජ ඉබ්බෝ හයිලැන්ඩර් වෙඩි....වැන්නේ
කට අරගෙන තමයි බැලුවේ වැඩ........උන්ගේ
අඹයක් කපන් කාලා නොවැ fun.......ගන්නේ
පැනලා කබඩි වැහි කාලෙට වෙල.........මැද්දේ
තරහට යාලු අපි නැහැ පිහියෙන්.........ඇන්නේ
facebook එකෙන් නොව අප set......වෙන්නේ
ගංජා කුඩු ගොන් ආතල් නැත.........ගත්තේ
mobile දෙස බලන් ඔරවන් නැත ..උන්නේ
කලිසම පුකෙන් පහලට අපි නැත.....ඇන්දේ
පන්සිල් රකින්නට තිබුනා පන......කොන්දේ
කුලප්පු කමට බයිලා තමයි අපි........ඇහුවේ
sunflower ගහන සංගීතෙට නිදි..මැරුවේ
අද උන් අහන ගී මටනම් වහ........වැන්නේ
සතුටුයි පරණ ගී තවමත් හිත........ඇත්තේ
හිත කුහක කම් දුක නැති සුන්දර ................කාලේ
හොද හදවතක් ඇති මිතුරන් සිටි................කාලේ
වගකීමක් බරක් නොදැනුනු ඒ...................කාලේ
ආසයි නැවත ගෙවන්න මට පොඩි.............කාලේ
උනා නම් මතක් පොඩි කල උබ..........ගෙවුව
කලානම් වැරදි මවගෙන් ගුටි...............කන්ට
සිතුනානම් කවිය ලියු මට...............සලකන්ට
දාපන් BUMP එකක් බලන්න තව......උන්ට
ජය වේවා !


