පුංචි දඟකාරයෝ...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පුංචි දඟකාරයෝ...


    රිදියගම සෆාරි උද්‍යානයේ 'සිනා' නම් සිංහ ධේනුව බිහි කළ සිංහ පැටවුන් දෙදෙනෙකු අද (10) ජනතාවට දැකබලා ගැනීම සඳහා අවස්ථාව සලසාදී තිබේ.

    ඒ, අගෝස්තු මස 10 වනදාට යෙදී තිබෙන ලෝක සිංහයන්ගේ දිනය නිමිත්තෙනි.

    මෙම පැටවුන් දෙදෙනා අද දවසේ සීමිත කාලයකදී පමණක් මහජන ප්‍රදර්ශනය සඳහා එක්කෙරෙන බවද රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා පැවසීය.

    මෙම සිංහ පැටවුන් දෙදෙනාට මේ වනතෙක් නම් තැබීමක් සිදුකර නොමැති අතර එම සිංහ පැටවුන්ට නම් තැබීමට රිදියගම සෆාරි උද්‍යානයේ ෆේස්බුක් පිටුව මගින් දරුවන්ට අවස්ථාව සලසා දී තිබේ.

    හොඳම නම් යෝජනා කරන කිහිපදෙනෙකුට ත්‍යාග ලබාදීමට ද කටයුතු කර තිබෙන බවද රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා පවසයි.

    මෙම පැටවුන් දෙදෙනා බිහිකළ ‘සිනා’ නම් සිංහ ධේනුව අවස්ථා තුනකදී පැටවුන් 09 දෙනෙකු බිහිකර තිබේ.

    ඒ අනුව අද වනවිට රිදියගම සෆාරි උද්‍යානයේ බිහිවී මේ වනවිට ජීවත්ව සිටින සමස්ත සිංහ පැටවුන් සංඛ්‍යාව 18කි.

    මේ අතර ''ලාරා '' නමැති සිංහ ධේනුව බිහිකළ පළමු සිංහ පැටවා වන ''ඩෝරා'' නමැති සිංහ පැටවා බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගැනීමට සමත් විය.