පුංචි-පහේ-හෝටල් .....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පුංචි-පහේ-හෝටල් .....

    ලංකාවෙ පුංචි පහේ හෝටල් වලදි කන්න වෙන පරිප්පු 8ක් .....


    රස්සාවක් කරන හැම මනුස්සයාටම අම්මා හෝ බිරිඳ රසට උයපු කෑම පාර්සලයක් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ගොඩක් අයට කෑම කන්න වෙන්නෙ ඔෆිස් කිට්ටුව තියෙන හෝටල්වලින්. මේ හෝටල්වලින් කෑම කන, හවසට තේ බොන මිනිස්සුන්ට සිද්ධ වෙන අසාධාරණකං ගොඩක් තියෙනවා. ලොකු හෝටල්වලින් කෑම කන සෙට්එකට මේක නොතේරුන්, මෙහෙම තැනකට යන මිනිස්සු පිටවෙන්නෙ නං එච්චර හිත හොඳකින් නෙමෙයි.


    1. ඉරඑළිය

    MeanHotels-01.jpg


    සන්ලයිට් කියන සබන් කැටේ කිවුවම අපිට මතක් වෙන්නෙ දිය ඇල්ලක් වටේට රෙදි උඩ දදා නටන සුදුම සුදු කෙල්ලො ටිකක් වුනාට සන්ලයිට් සබන් කෑල්ල අල්ලෙ අතුල්ලන කොට එච්චර සුන්දරත්වයක් දැනෙන්නෙ නැහැ. රෙද්දට මාකට් කරපු දේ රෙද්දට නොදී අතට දෙන හෝටල් හිමියොන්ට තමයි මේ චෝදනාව කෙලිම්ම එල්ල වෙන්නෙ. කැෂියර් කූඩුව ගාව දත් හතලිස් හතම දාලා හිනාවෙවී හිටියට ඒ හිතයටින් දෙන්නෙ මේ වගේ ගේම් කියල දැණුනම හිතටත් දුකයි. සන්ලයිට් කැටෙන් අත හෝදලම අල්ලෙ රේඛා ටිකත් මැකිලා ගිහිල්ල කියල තේරුනේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ගෝල්ෆේස් ගිහින් සාස්තර කියන්න අතගත්තු මනුස්සය බැන බැන යද්දියි.




    2. මිස්ටර් ස්ටුවඩ්

    MeanHotels-02.gif


    මේ හෝටල්වල වේටර් මල්ලිලා කියන්නෙ ආයි චූන් පාන් මල්ලිලට නොදෙවෙනි සෙට් එකක්. පුදුම ගනංකාරකමක් තියෙන්නෙ. මූන බලලයි බිල දාන්නෙ, පිඟාන මේසෙට දාන්නෙ ෆ්‍රිස්බී විසිකරනව වගේ, හොදි වක්කරගෙන එන්නෙ පිඟාන වටේම රටා හිටින්න, පරිප්පුයි චිකන් හොදියි ඉල්ලුවොත් දෙකම වක්කරනව එකටම, ඊටත් වඩා පුදුම සද්දයක් තියෙන්නෙ.



    3. සේව් වෝටර්

    MeanHotels-03a.jpg


    මේගොල්ලො ජල කළමනාකරණය ගැන උපාධි තියෙන පොරවල්. පුළුවන්නං තේ කෝප්පෙටත් සෙලෝෆේන් එකක් දාලයි දෙන්නෙ. හැමදාම කද්දි සෙලෝෆේන් එකේ අත පැටලෙන්නෙ ඒගොල්ලො වතුර ඉතුරු කරන්න ඕනවට පිඟන් හෝදන්නෙ නැති නිසයි. තේ කෝප්පෙ හෝදන්නෙ වතුර පුරෝපු තනි භාජනේකින්. ඒකට තේ කෝප්පෙ දාලා දෙපාරක් කරකෝලා ගත්තම, තියෙන පිරිසිදුකම ජප්පො දැක්කනං අපිව එස්5 ඉගෙනගන්න එහෙ ගෙනියනව.



    4. මේ ඔබේ හෝටලයයි

    MeanHotels-04.gif


    මේ ඔබේ හෝටලයයි. එය පිරිසිදුව තබාගැනීම ඔබේ යුතුකමයි. වගේ ටෝක් ඇතුළු වෙද්දි ගහල තිබ්බට අපිටම ඒ මේස පිහිදාගන්න වෙනව කියලා තේරෙද්දි තනි ඇහැට ඇ‍ඬෙනව මහත්තයො. ඒ මේස පිහිදාන්න තියෙන රෙද්ද ඇල්ලුවනං, අපස්මාරෙ හැදෙනව සුපිරියටම. ඉතිං හැමෝම කරන්නෙ අත පිහදාන්න දෙන පත්තර කොල අරගෙන මේස පිහදාන එක.මං හිතන්නෙ ඒකට ගානක් අඩුකරනව ඇති.



    5. ෂුගර් ලෙවල්ස්

    MeanHotels-05.gif


    මෙවුවයින් කන්න බොන්න එන හැම මිනිහම රොෂාන් රණවන වගේ නීරෝගී, එළෝලු කන, පළතුරු බොන, එක්සයිස් කරන බුවාලා නෙමෙයිනෙ මහත්තයො. ඒ මිනිස්සුන්ට එක එක ලෙඩ තියෙනව. ඕකෙන් තියෙන ප්‍රධානම ලෙඩක් තමයි සීනි අමාරුව නොහොත් දියවැඩියාව කියන්නෙ. ඉතිං ඒ නිසා ඒගොල්ලො තේ බොන්න ආවහම සීණි අඩුවෙන් තේකක් ඉල්ලන එක සාමාන්‍යයි. හැබැයි ඉතිං හම්බෙන්නෙ සුපුරුදු මල් ප්ලේන්ටියක්ම තමයි. ඒක බිවුවම දත් ඇලෙනව එකට. තේක බීලා පාරෙ යද්දි කූඹි නගිනව කකුල දිගේ.



    6. ජල‍යයි කාගෙත් මිතුරා සැමදා

    MeanHotels-06a.jpg


    වතුර කියන්නෙ මේගොල්ලො ඉතුරු කරන්න හදන දෙයක් කියලා ඉස්සෙල්ලා කිවුවට ඒ කෝප්ප හෝදද්දි විතරයි. මේගොල්ලො වතුර නාස්ති කරන වෙනිං අවස්ථා තියෙනවා. ඒවත් සල්ලි ඉතිරිකරගන්න නෙමෙයි. මේ අසරණ අපි ගැන හිතලමයි. සෝස්වල තියෙන තක්කාලි ඇ‍ඟේ ගිනියම වැඩි කරන නිසාත්, සීනි ප්‍රමාණය වැඩි නිසාත් මේගොල්ලො සෝස් එකට තුනෙන් එකක් වතුර දානව. ඉතිං පිඟානට දාපු ගමන් සෝස් එක සුනාමිය වගේ ගලාගෙන යනව. හැබැයි ඉතිං අපේ සමහරු තිහේ මාළුපාන් ගෙඩියට හැටක විතර සෝස් කනකොට එහෙම නොකරත් බැහැ. ඒවගේමයි මාළු කෑල්ලක් ඇහැට දැකලා නැති, ලූනු ලෙලි දෙකකින් පුරෝලා තියෙන මාලු පාන් කන්න හොද්දක් නැත්තං සෝස්වත් එපැයි.

    අනිත් වතුර භාවිතය සිද්ධ වෙන්නෙ හෑන්ඩ් වොෂ් එකෙනුයි. හෑන්ඩ්වොෂ් ඩිස්පෙන්සරේ තද කරද්දි අපි හිතන්නෙ පොප් සද්දයක් එක්ක කහපාට උකු ලික්විඩ් එකක් අල්ලට වැටෙයි කියලයි. හැබැයි ඉතිං සිද්ධ නේනෙ සුළුදිය පහවුනා වගේ වතුර චුට්ටක් අල්ලට වැටෙන එකයි. ඒ හෑන්ඩ්වොෂ් එකෙන් පෙණ එනකං හෝදනවා කියල ඔට්ටු අල්ලපු අපේ කොල්ලෙක් පෙරේදා ඉඳන් තාම හෝටලේට වෙලා අත හෝදනව මහත්තයො.



    7. ටොයිලට්

    MeanHotels-07a.jpg


    මේ හෝටල්වල තියෙනව සුපිරි ටොයිලට්. ඇත්තටම කිවුවොත් මේ ටොයිලට් පේන්න නැහැ. වංගු වංගු දාලා ඇතුළට කියාම කළුවර කාමරයක් වගේ ප්ලේස් එකකට තමයි ඒගොල්ලො ටොයිලට් එක කියන්නෙ. සමහරු අපි ටොයිලට් එකට යන්න හදද්දි ඉක්මනට ඇතුළට ගිහිල්ල හෝද හෝද හිටපු මුගුණුවැන්න මිටි ටික අරගෙන එනව. මේ ටොයිලට්වල තියෙන පිරිසිදු කම ගැන කියල කෑම වේල එපා කරවන්න ඕන නැති නිසා අපි සද්ද නැතුව ඉන්නම්.



    8. දුම් පාලා… මුඛාපලා ලේලා…

    MeanHotels-08a.jpg


    හෝටල්වල ඉන්නව එක එක හෝටල් හිමියො. ඒ අය අතරින් භයානකම බඩු විශේෂයක් තමයි භක්තිවන්ත හෝටල් හිමියන් කියන්නෙ. මිනිස්සු කෑවද නැද්ද කියල ගානක් නැතුව අල්ලනව දුම්. සාම්බ්‍රානි දුම් පත්තු වෙවී…. ගිනි රස්නෙට වේලිච්ච පරාටා ගිලිද්දි එන ත්‍රිල් එක සල්ලි දීලා ගන්න බෑ මහත්තයෝ. ඕකෙම අනිත් වර්ෂන් එක තමයි රේඩියෝ බණ කතාව. පොරවල් ඉන්නව නිරන්තරෙන් බුදු බණ දාන, ක්‍රිස්තු ධර්මෙ, ඉස්ලාම් ධර්මය ඉගෙනගනිමු වගේ පාඩම් දාන එවුන්. අපි ඉතිං එවුව අහ අහ මස් ගිලිනව. එවුව දාන්නෙත් පුංචි සද්දෙට අහන්න නෙමෙයි. නිකං චිකන් නෙමෙයි ධර්ම චිකන් කැවෙන්නෙ. ඕව අහල අපේ යාළුවෙක් මස් කට්ට සූප්පු කළෙත් නැහැ පවු කියලා!

    source: http://www.aniwa.lk/2016/10/20/1610202-mean-small-hotels/


    හොදයි නම් රෙපක් දාගෙන යන්න +9 වලින් දෙන්නම්.....
    :yes::yes::yes::yes::yes:


    හොටල් හිමියො කිහිප දෙනෙක් මගෙ රෙප් කපලා..... හොදටම රිදිලා වගේ.....:angry::angry::angry::angry::angry:
     
    Last edited: