පුංචි සූටික්කලා බන්ඩි කෙට්ටුත් වෙලා

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    පුංචි සූටික්කලා බන්ඩි කෙට්ටුත් වෙලා

    [CENTER]පුංචි සූටික්කලා බන්ඩි කෙට්ටුත් වෙලා
    [0]

    බූන්දි| බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 6, 2012| 16:53:58 {ජනතාව හාමතේ පණ අදිද්දී, පාර්ලිමේන්තු කැන්ටිමෙන් රු. 80කට ලබා දෙන බ්‍රෙක්ෆස්ට් එකට බේකන්- ගෝල්ඩන් සිරප්- කෝන් ෆ්ලේක් එක් කර ගනිමින්, වාහන බලපත්‍රය ලත් සැණින් මුදල් කොට කෝටි ගණනක් ඉපයීමට පහසුකම් සලස්වා ගනිමින්- වෛශ්‍යා කුක්කුර ප්‍රජාතන්ත්‍රවාදයක් අභ්‍යාස කරනා- ජනතා පුත්‍රයන්ටයි මේ ගීතය.}

    නංගිලා මල්ලිලා ඉන්නවාදෝ බලා
    මං එතී දැන් එතී දැන් කියා
    පුංචි සූටික්කලා බන්ඩි කෙට්ටුත් වෙලා
    මං ගෙනාවා කරත්තේ පුරා

    කෝන් ෆ්ලේක් පැණී ඕනෙ නම්
    එන්න අනේ මා සොයන්//
    බේකන් හරී ලාබමයි
    ගෝල්ඩන් සිරප් නොමිලෙමයි

    කුම්බලා මාලුවෝ ඉඳි ආප්පන් බොහෝ
    බඩ-ගිනී-කාරයෝ පෝලිමේ
    තව ගිලින්න හැකී හොඳට බඩ ඉඩ ඇතී
    පුංචි පුංචී නැටුම්කාරයෝ

    තුට්ටූ දෙකයි මේ අලී
    වලිගේ වනයි වේගෙනී//
    සීනුත් වැනෙයි හරි වැරෙන්
    සමගියි පොඩිත්තෝ හපන්

    එන්න මල්ලී පයින් යන්න ප්‍රාඩෝ එකෙන්
    හරිම ලේසියි අනේ දැන් ඉතින්
    නංගිලා නම් හොඳයි මල්ලිලා හරි දඟයි
    දෙන්න පර්මිට් සැණින් දැං ගොඩයි

    නංගිලා මල්ලිලා ඉන්නවාදෝ බලා....

    Don Putha | ඩෝං පුතා
    [/CENTER]