පුටින්ගේ_දූ

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පුටින්ගේ දූ

    image_cfc8f579dc.jpg

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දියණිය, රුසියාවේ ළාබාලතම බිලියනපතියා වන ඇගේ සැමියාගෙන් දික්කසාද වීමට යන බවට වන පුවත මේ දිනවල යුරෝපය පුරා පැතිර යන උණුසුම් පුවත බවට පත්ව තිබේ. පුටින්ගේ දියණිය කතරිනා ටික්හොනෝවාය. ඇය විවාහ වී සිටිනුයේ කිරිල් ෂැමලොව් සමඟය. කිරිල් ෂැමලොව් ලන්ඩනයේ පදිංචි රුසියානු සුරූපිනියක වන ෂානා වොල්කෝවා සමඟ සමීප ඇසුරක් ගොඩ නඟා ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස කතරිනා ඔහුගෙන් දික්කසාද වීමට තීරණය කර තිබේ.

    මේ වන විට 35 හැවිරිදි කිරිල් ෂැමලොව් පුටින්ගේ දීර්ඝකාලීන මිතුරකු වූ නිකොලායි ෂැමලොව්ගේ පුත්‍රයාය. 31 හැවිරිදි කතරිනා ඔහු හා විවාහ වූයේ 2013දීය. එම විවාහ මංගල උත්සවය විශාල ධනයක් වැය කොට සාන්ත පීටර්ස්බර්ග්හි ඉගෝරා හෝටලයේ පවත්වා තිබේ. සුදු අසුන් තිදෙනකු යෙදූ රථයකින් ඔවුන් දෙදෙනා වීදි සංචාරය කළ බවද පැවසේ. එහෙත් පුටින් පවුල සම්බන්ධ කිසිදු පුවතක් මාධ්‍යයට හෙළිදරව් කිරීමෙන් වැළකී සිටින ක්‍රෙම්ලිනය එම විවාහය සම්බන්ධ පුවත් හෙළිදරව් කිරීමෙන් හා නිල නිවේදනයක් නිකුත් කිරීමෙන් වැළකී සිටියේය.

    කතරිනා රොක් ඇන්ඩ් රෝල් නැටුම් ශිල්පිනියකි. රුසියාව පුරා ඇය ජනප්‍රිය වූයේ නර්තන තරගාවලීන්හිදී ඇය දක්වන සුවිශේෂී නර්තන විලාසය හා කුසලතාව හේතුවෙනි. පුටින්ට පුතුන් නොමැති අතර සිටිනුයේ දියණියන් දෙදෙනෙකි. කතරිනා ඔහුගේ බාල දියණියයි. පුටින්ගේ දියණියන් පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීමෙන් ක්‍රෙම්ලිනය වැළකී සිටී.

    image_54ef501b0c.jpg

    කතරිනා සතුව ව්‍යාපාර රැසක් පවතී. මොස්කව් විශ්වවිද්‍යාලයේ විවිධ ව්‍යාපෘති සඳහාද ඇය ආයෝජනය කර තිබේ. රොක් ඇන්ඩ් රෝල් ෆෙඩරේෂනයේ ප්‍රවර්ධක හා වාණිජ උප සභාපතිනිය වන්නේද ඇයයි.

    ෂැමලොව් හා කතරිනා අතර විවාහය මත ඔහුට බිලියනපතියකු වීමට මඟ සැලසිණි. රුසියාවේ ළාබාලතම බිලියනපතියා ඔහුය. ඒ ඔහු පුටින් පවුලේ සාමාජිකයකු බවට පත්වීම හේතුවෙනි.

    ෂැමලොව් කතරිනා සමඟ විවාහ වන බවට ඉඟි පළ වූ විගස රුසියාවේ විශාලතම ගෑස් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන සමාගමක් වන සිබූර් සමාගම තම වාර්ෂික ආදායමෙන් 4.3%ක කොටසක් ෂැමලොව්හට ත්‍යාගයක් වශයෙන් පිරිනැමීය. එය ඩොලර් බිලියන 2ක පමණ මුදලකි.

    නිල නොවන ආරංචි මාර්ගවලට අනුව බ්ලූම්බර්ග් සමාගම පසුගිය අප්‍රේල් මාසයේ තම කොටස්වලින් කොටසක් ඔහුට ලබා දී ඇතැයි පැවසේ. එහෙත් ෂැමලොව් එය ප්‍රතික්ෂේප කර තිබේ.

    පසුගිය වසරේ ෂැමලොව් සතුව පවුම් මිලියන 910ක පමණ (ඩොලර් බිලියන 1.3ක) ධනයක් තිබිණි.

    කතරිනා ෂැමලොව්ගෙන් දික්කසාද වීමට ගත් තීරණය හේතුවෙන් දඬුවමක් ලෙස ෂැමලොව්හට පවුම් මිලියන 400ක් පමණ අහිමි වීමට නියමිතය. ඒ අනුව ඔහුගේ ධනය පවුම් මිලියන 560ක් දක්වා පහත වැටෙනු ඇත. ඒ ඔහු විසින් ලබා ගන්නා ලද අති විශාල ණය ප්‍රමාණය සඳහා පොලිය හා සහ දික්කසාද ගාස්තු ගෙවීමට ඔහුට සිදුවන බැවිනි. එමෙන්ම සිබුර් සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි තනතුරින්ද ඉවත් වීමට ඔහුට සිදු වනු ඇත.

    image_a0989a3927.jpg

    ජනාධිපති පුටින්ට අවශ්‍ය 2024දී කතරිනා ඔහුගේ අනුප්‍රාප්තිකාව බවට පත් කිරීමය. රුසියානු ව්‍යවස්ථාව අනුව 2024 පසු මැතිවරණයකට ඉදිරිපත්වීමට පුටින්ට නොහැකිය. එවිට ඔහු 71 වියට පා තබයි. ඒ වන විට කතරිනා 38 වැනි වියට එළඹෙයි. එවර පැවැත්වෙන ජනාධිපතිවරණයට ඇය ඉදිරිපත් කිරීම පුටින්ගේ අරමුණය. ඇයට තම පියාගේ සහ ඔහුගේ හිතවතුන්ගේ සහයෙන් සාමකාමී පාලනයක් ගෙන යාමට හැකි වනු ඇතැයි ඔහු සිතයි. රුසියාවේ කාන්තාවක ලවා මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවීම සිත්ගන්නා සුලු සහ නූතන දේශපාලනික අත්හදාබැලීමකැයි පුටින්ගේ චරිතාපදානය රචනා කළ නටාලියා ගෙවොර්කියාන් සඳහන් කර තිබේ.

    image_00bca460d0.jpg

    කතරිනාගේ සොහොයුරිය මාරියා විවාහ වී සිටිනුයේ ඕලන්ද ව්‍යාපාරිකයකු සමඟය.

    තම දියණියන් ව්‍යාපාරවලට හෝ දේශපාලනයට හෝ සම්බන්ධ නොවනු ඇතැයි කලකට පෙර පුටින් ප්‍රකාශ කර තිබිණි. එහෙත් වර්තමානයේ ඔවුන් ව්‍යාපාරික ලෝකයට හා දේශපාලනයට පිවිස තිබේ. ජනාධිපති පුටින්ට අවශ්‍ය 2024දී කතරිනා ඔහුගේ අනුප්‍රාප්තිකාව බවට පත් කිරීමය.

    වොල්කෝවා හා ෂැමලොව් අතර සම්බන්ධය කරළියට පැමිණියේ පසුගිය වසරේ වැලන්ටයින් දිනයේ පැවැති සාදයකදී ඔවුන් දෙදෙනා එක්ව ආලිංග නැටුමක යෙදෙන ඡායාරූප පළවීමත් සමඟිනි. එම ඡායාරූපවල ෂැමලොව්ගේ මුහුණ වැසෙන පරිදි කාටුන් සිතුවමකින් ආවරණය කර තිබුණද ඔහු කවුරුන්දැයි යන්න හඳුනා ගැනීමට හැකි වී ඇතැයි ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කර තිබිණි. රුසියානු ව්‍යාපාරික පුවත්පතක් වන වෙදොමොස්ති පුවත්පත සමාජ ජාලයන්හි පළ වූ එම ඡායාරූප තම පුවත්පතේ පළ කර තිබිණි. 2017 දෙසැම්බර් මාසයේ ෂැමලොව් තම ෆේස් බුක් ගිණුමේ වොල්කෝවා සමඟ ගන්නා ලද ඡායාරූපයක් පළකොට තිබූ අතර එහි කැප්ෂනය ලෙස ‘මම ඔබට ආදරෙයි’ යනුවෙන් යොදා තිබිණි.

    image_78f7deb28d.jpg

    කතරිනා ෂැමලොව්ගෙන් දික්කසාද වීමට ගන්නා ලද තීරණය හේතුවෙන් ඔහු විශාල අර්බුදයකට මුහුණ පානු ඇතැයි රුසියානුවෝ සඳහන් කරති. තමා තවදුරටත් ජීවතුන් අතර හා නිදහසේ සිටීම සම්බන්ධයෙන් ඔහු දෙවියන්ට හා සාන්තුවරයන්ට ස්තුති කළ යුතුයැයි ඇතැම් පිරිස් සඳහන් කර තිබේ.

    කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න :yes::yes: ;) ;) ;)
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    :dull:
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    thawa duwek innawa porata maria