පුටින් විවේචනය කළ මාධ්‍යවේදියා ඝාතනයට ලක

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පුටින් විවේචනය කළ මාධ්‍යවේදියා ඝාතනයට ලක

    කීව්හිදීය (රොයිටර්)

    රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිරන්තරයෙන් විවේචනය කළ මාධ්‍යවේදියකු යුක්රේනයේ කීව්හිදීය ඝාතනයට ලක්ව තිබේ.

    ඔහු රුසියාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදියකු වන ආකේඞ් බැබ්චෙන්කෝය. මිය යනවිට 41 එක්වන වියේ පසු වූ ආකේඞ්
    බැබ්චෙන්කෝට මීට පෙර අවස්ථා කිහිපයකදීම මරණ තර්ජන එල්ල වී තිබිණි.

    සිය නවැතන ඉදිරිපිටදී වෙඩි ප්‍රහාරයට ලක්වූ ආකේඩි බැබ්චෙන්කෝ රෝහලට ගෙන අතරතුරදී ජීවිතක්ෂයට පත්විය.
    වෙඩි වැදී නිවස ඉදිරි පිට වැටී සිටියදී ආකේඩිගේ බිරිඳ ගිලන් රථයක් ගෙන්වා ගනිමින් ඔහු බේරා ගැනීමට උත්සාහ කළ ද
    එම උත්සාහය සාර්ථක නොවීය.

    බැබ්චෙන්කෝ චෙච්නියානු යුද්ධයේ හිටපු යුද සොල්දාදුවකු වන අතර හෙතෙම යුද වාර්තාකරුවකු ලෙස රුසියාව තුළ
    ජනප්‍රිය විය. යුක්රේනය අර්බුදයට සහ සිරියානු යුද්ධයට රුසියාව මැදිහත් වීම ආකේඩි බැබ්චෙන්කෝ දිගින් දිගටම විවේචනය
    කළ අතර ජීවිත ආරක්ෂාව හේතුවෙන් ඔහුට රුසියාව අත්හැර දමා යෑමට සිදුවිය.

    රුසියාව සිරියාවේ ඇලෙප්පෝ හි ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම විවේචනය කළ ආකේඩි බැබ්චෙන්කෝ රුසියාව
    යුක්රේනය සම්බන්ධයෙන් ගත් පියවර ආක්‍රමණශීලි පියවර යැයි ද කීය.

    මේ හේතුවෙන් ඔහු රුසියානු ආණ්ඩුවට පක්ෂ දේශපාලකයන්ගේ අමනාපයට සහ විවේචනයට ලක්විය.

    මීට වසර දෙකකට පෙර එනම් 2015 වසරේදී බෙලරුසියාවේ උපත ලැබූ රුසියානු සහ යුක්රේන මාධ්‍යවේදී පාවෙල්
    ෂෙරෙමෙත් කීව්හිදි අගනුවරදී ඔහුගේ මිතුරන් කිහිපදෙනකුද සමඟ ඝාතනයට ලක්විය. ඔහුද රුසියානු ජනාධිපති ව්ලැදිමීර්
    පුටින් සහ එම ආණ්ඩුව විවේචනය කළ මාධ්‍යවේදියෙකි.
    ‘යුක්රේනයේදී මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වන බවත් ඝාතකයන් නිදැල්ලේ හැසිරෙන බවත්’ නිවේදනය නිකුත් කරමින්
    රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

    “ඝාතන සහ ප්‍රචණ්ඩත්වය කීව් රෙජීමයේ දෛනික ක්‍රියාවලියක් බවට පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන
    කරන්නැයි අපි යුක්රේන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි එම නිවේදනයේ දැක්විණි.

    මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බව ද රුසියාව සඳහන් කර තිබේ.

    රුසියාවේ විපක්ෂ කණ්ඩායම් සමඟ සමීප සබඳතා පැවැත්වූ ආකේඩි බැබ්චෙන්කෝ මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එම්.එච් 17’
    ගුවන් යානය බිම හෙළීමට රුසියාව සිරියාවට පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් යැවූ බවද එල්ල වූ චෝදනා හා එම සිදුවීම පිළිබඳවද වාර්තා කළේය.


    image_aae6abfa47.jpg


    image_a1c8973f07.jpg


     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    අපටත් පුටින් කෙනෙක්ගෙන් භාගයක් වත් තරම් මනුස්සයෙක් හිටියා නම් .......
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕක බොරු වෙඩි තබා ගැනීමක්..පොඩ්ඩක් අලුත් නිවුස් කියෝපන් ආන්න ඌ යහතින් ඉන්නව..පුටින්ට මඩ ගහන්ඩ බොරුවට නාට්ටයක් රග දක්වල.. Kk
     
    Last edited: