පුත්තලමේ ලාදුරු අවදානමක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පුත්තලමේ ලාදුරු අවදානමක්

Jun 10, 2014 01:47 pm



පුත්තලම දිස්ත්‍රීක්කය තුළ ලාදුරු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව පුත්තලම දිස්ත්‍රීක් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යංශය පවසයි.

මෙරට ලාදුරු රෝගය පැතිර යන බවට හඳුනාගෙන ඇති දිස්ත්‍රීක්ක 05 න් එක් දිස්ත්‍රීක්කයක් ලෙස පුත්තලම දිස්ත්‍රීක්කය හඳුනාගෙන තිබේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේවේදීන් දැනුවත් කිරීම සඳහා පැවති වැඩ මුළුවකදී මේ බව අනාවරණය වී ඇත.

2012 වසරේදී ලාදුරු රෝගීන් 113 ක්ද,2013 වසරේදී රෝගීන් 105 දෙනෙකුද හමුවී ඇති බවත්, 2014 වසරේ පළමු මාස 03 වන විට ලාදුරු රෝගය වැළඳුණු බවට සැකකරන රෝගීන් 23 කු හඳුනා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්වී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම පුත්තලම,මුන්දලම සහ හලාවත ප්‍රදේශ වලින් මෙම රෝගීන් හමුවී ඇති බව පුත්තලම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තුෂණි දබරේරා මහත්මිය කියා සිටියි.

ලාදුරු රෝගය පැතිර යාමට ඉඩ ඇති බවට සෞඛ්‍ය අංශ විසින් හඳුනා ගෙන ඇති ප්‍රදේශ වල විශේෂ අධ්‍යාපනික මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වන බවත්,දිස්ත්‍රීක්කයේ ඇති සෑම ප්‍රධාන රෝහලකම පවත්වන චර්ම රෝග සායන වලට සහභාගි වන රෝගීන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම මේ වන විට සිදුවන බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.


(අද‍දෙරන ‍වෙබ් අඩවිය)
 
Last edited: