පුතා ගෙනා චීන පටස් හැපූ දන්ත වෛද්‍යවරිය දැඩි සත්කාර ඒකකයට.🔴🔴..චීන තහනම් කරා ලංකාවේ..දැන් අායේ හදනවා..🤬🤬🤬

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,672
    113
    මේවා තහනම් කරෙත් දැනට අවුරුදු 10කට විතර කලින් ඵකෙක් ඔය චීන පටස් ඵකකින් තව ඵකෙක්ගේ ඔළුවට ගහල පුපුරවපු නිසා.උෟත් මළාද කොහෙද..තහනම් කරපු ඒවා අායෙත් ලංකාවේ විකුණන්නේ කොහොමද..🤬🤬


    wqGGUSA.png


    චීන පටස් එකක් හැපීමට ගිය දන්ත වෛද්‍යවරියක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි රජයේ රෝහලක රාජකාරී කරන දන්ත වෛද්‍යවරියක බව පොලීසිය පවසයි.

    තුවාල ලැබූ වෛද්‍යවරියගේ පුත්‍රයා අසල වෙළෙඳසැලකින් චීන පටස් කිහිපයක් මිලදීගෙන තිබූ අතරේ එයින් කිහිපයක් ඉතිරිව නිවසේ සාලයේ මේසය මත තබා ඇත.

    ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව කුමක්ද යන්න සොයාබැලීම සඳහා දන්ත වෛද්‍යවරිය දත්වලින් සපා එය පරීක්ෂා කිරීමට යෑමේ දී එය පුපුරා ගොස් මෙලෙස බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

    'චීන පටස් එක' ඇයගේ මුඛය තුළම පුපුරා යාමෙන් මුඛය, මුහුණ සහ දත්වලට බරපතළ තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

    පානදුර කොට්ඨාස අපරාධ අංශ නිලධාරීන් සහ ස්ථානීය පරීක්ෂණාගාර නිලධාරීන්ද පිපිරීම සිදුවූ නිවස වෙත ගොස් පරීක්ෂා කිරීම් සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරයි.

    https://sinhala.adaderana.lk/news/2...xJaXHbwzktnE-5ajhD_aem_7pSHkeruVwqI9BY5wstJpQ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    දත් දොස්තර නිසා වෙන්න ඇති දත් වලින්ම හපලා බලලා ටෙස්ට් කරන්න ගියේ
    හොද වෙලාවට කාන්තා රෝග පිළිබද දොස්තර කෙනෙක් නොවුනේ. උනා නම් ඉතින් නිව්ස් එකත් නෑ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අඩෝ කවුද බන් නොදන්න දේවල් කටේ දාලා හපල බලන්නෙ ඔහොම..? බඩගාන පොඩි උන් විතරයි අහුවෙන එක කටේ දාගන්නෙ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    පටස් කියන්නේ අපේ සුපිරිම ආයුධයක් ඉස්සර. කකුල් දෙක ගාව බිම ගහනවා කොල්ලන්ගේ.

    2000 පස්සේ අය ඕක දැකලා නෑ, නේද?
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    කෑමක් කියල හැපුව වෙන්නත් බෑනෙ බන්..කොලේ ගලවලානෙ කන්න ඕනෙ..සව් කොලේ පිටින් කටේ දාල හැපුව කියන්නෙ අනේ මන්ද හහා..