පුතුගේ දෑස අබියස අම්මා මිය යයි.

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
පුතුගේ දෑස අබියස අම්මා මිය යයි.

1630362.jpg
බස් /මෝටර් බයිසකල් අනතුරකන් පුතුගේ දෑස අබියස අම්මා මිය යයි.

අද උදෑසන අපට හරි අවාසනාවන්ත පුවතක් වාර්තා වුනා.මේ අවාසනාවන්ත සිදු වීම සිදු වුනේ අනුරාධපුර යාපනය හංදිය අසල මාර්ගයක දී තවත් අදික වේගයෙන් ධාවනය වු පුද්ගලික බස් රථයක්
මෙම මරණයට වග උත්තර කරුවන් කරමිනුයි. මිය ගිය කාන්තාව 43 වියැති ඩී. එම් ශාන්ති ලේඛා නැමති මවක් බව පොළිසිය පවසනවා.සිය පුතා සමභින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ඇය ගොදුරු වුනා.අනුරාධපුරය දෙසට ගමන් කළ මෙම මවු පුතු දෙන්නාව බිලිගන්නට ප්‍රයිවට් බස් මාරයා විදුලි වේගයෙන් හඹා ආවා.බසය යතුරු පැදිය පසුකර යනවාත් සමගම යතුරු පැදියේ ගැටුනා.බසය ගමන් ගත් පැත්තටම ඇද වැටුනු ලේඛා ගේ හිස උඩින් සිත් පිත් නැති රියදුරාගේ පසු පස රෝදය ධාවනය වුනා.

අවසනාවක තරම !!!අම්මා එතනම මිය ගියා.සුළු තුවාල ලැබූ පුතා දුක දරාගන්න බැරුව බිම දන හොවාගෙන හඩා වැටෙන දර්ශනය දිහා කවුරුත් බලා හිටියේ පුදුම වේදනාවකින්.මිනි මරන සිතක් තැතුවත් වේගය මාන්නයට ගත් අසීලාචාර රියදුරා පුතෙකුගේ දෑස අබියස මවගේ කය මල කුණක් කළා.ඔබත් දෑතින් සුක්කානමක් දරන්නෙකු නම් මෙවැනි වරදක් කවරදාකවත් සිදු වන්නට ඉඩ දෙන්න එපා.....

පහතින් දැක්වෙන්නේ මිය ගිය මව දෙස බලා හඩන පුතුගේ ඡායාරූපයක්
උපුටා ගත්තේ http://www.aluthnews.com/ වෙතින්....