රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි… 35කට තුවාලයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හබරණ පොලිස් වසමේ හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ ගවංගුව අසලදී ත්‍රිකුණාමල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා ත්‍රිකුණාමලය දෙස සිට හබරණ දෙසට පැමිණි වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් වෑන් රථයේ රියදුරු හා බස් රථයේ ගමන් ගත් කාන්තාවක් මිය ගොස් ඇත.

    මරණකරු වයස අවුරුදු 32 ක් වූ කින්නියා 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා මරණකාරිය වයස අවුරුදු 66 ක් වූ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.


    මෘත ශරීර හබරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බස් රථයේ හා වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 35 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සඳහා හබරණ සහ දඹුල්ල රෝහල් වෙත ඇතුලත් කර ඇත.


    හබරණ පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

    dan nam bus keriyantai okun hurathal karana page ponnyantai allan gahanna ona dekka thena
     
    • Like
    • Sad
    Reactions: vito and RottenCOLT