පුද්ගලයින් 2000ක් නිරෝධායනයට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුද්ගලයින් 2000ක් නිරෝධායනයට

    ඊයේ රාත්‍රී මියගිය ශ්‍රී ලංකාවේ 3 වැනි කොරෝනා ආසාදිත පුද්ගලයා වාසය කළ මරදානේ ඩාලි පාර යාබද අතුරු මාර්ගයක් වූ ආර්නෝල්ඩ් රත්නායක මාවතේ නිවාස රාශියක පවුල් 400ක් පමණ වාසය කළ අතර එහි විසුූ පුද්ගලයින් 2000ක් නිරෝධායනයට යොමු කළ බව
    කොළඹ මහනගර සභාව පවසයි.
    ඒ අනුව ඔවුන් කිසිවෙකුට ඉදිරි දින 14 තුළ එළියට බැසීම තහනම් කර තිබේ.
    එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා
    සඳහන් කළේ, ඊයේ දිනයේ මරදාන ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත පුද්ගලයකු මියයාමෙන් අනතුරුව මෙම පියවර ගත් බවයි.

    ඒ අනුව ඔහු පදිංචිව සිටි මහල් නිවාස ඒකකයද ඇතුළුව මහල් නිවාස ඒකක 18 ක් මේ වනවිට හුදකලා කර ඇත.
    මියගිය පුද්ගලයාගේ දියණිය, බෑනණුවන්, මිණිබිරිය සහ මුණුබුරා ද මේ වනවිට අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති අතර කොරෝනා රෝගය බෝවන්නට ඇත්තේ ළඟදී විදේශගතවී සිට යලි පැමිණි ඔහුගේ බෑණාගෙන්ද වෙනත් අයෙකුගෙන්ද යන්න තීරණය කිරීම තවම පරීක්ෂණ මට්ටමේ පවතී.

    මෙම පුද්ගලයා මෙලෙස මියගොස් තිබුණේ කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන පැය 24ක් ගත වීමටත් පෙරයි.
    විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසූ පරිදි මෙලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙකු බවත් වයස අවුරුදු 72ක් වූ ඔහු රෝගය උත්සන්න වීම හේතුවෙන් මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබී එහිදී පරීක්ෂණ වලදී කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට තහවුරු කර ගත් බවත් ඊට පැය කිහිපයකට පසු රෝගියා කොළඹ IDH රෝහල වෙත මාරු කරන අවස්ථාවේදී මිය ගොස් ඇති බවයි.

    මෙම රෝගියා දියවැඩියාව, අධික රුධිරපීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළී තිබූ අයෙකු බවද ඔහු සඳහන් කර තිබුණි.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    ekko u merunu eka uta hodai.ow thiyagena jiwath wennath gamak denna ona na