පුද්ගලික අංශයේ
(පුද්ගලික අංශයේ සේවයේ නියුතු සහෝදරත්වයේ වැටුප් වැඩි කර ගැනීම වෙනුවෙන් ලාල්කාන්ත සහෝදරයා විසින් මුදල් ඇමතිවරයා වෙත යැවූ ලිපිය සම්පූර්ණයෙන් පහතින් දැක්වේ.)
"2015. 02. 09
ගරු මුදල් අමාත්‍ය
රවී කරුණානායක මහතා
මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශය
කොළඹ 01.
ගරු මැතිතුමනි,
පෞද්ගලික අංශයේ සේවකයින්ට අයවැයෙන් රු. 2500/= ලබාදීමට නීතියක් සම්මත කරන ලෙස ඉල්ලීමයි.
2006 වසර සිට පෞද්ගලික අංශයේ සේවකයින්ට කිසිදු වැටුප් වැඩිවීමක් කිරීමට රාජපක්‍ෂ ආණ්ඩුව මැදිහත් නොවූ බව ඔබතුමා ද හොඳින් දන්නා කරුණක් වන අතර, වැඩකරන ජනතාවගෙන් අති බහුතරයක් වූ පෞද්ගලික අංශයේ සේවකයින් පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ඒකාධිපති පාලනය පැරදවීමට මැදිහත් වූ ප‍්‍රධාන කරුණක් වූයේ ද එයයි.
පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිවූයේ ඒ ඒ හාම්පුතුන්ගේ අභිමතය පරිදි වන අතර 2005 අයවැයේදී පමණක් අංක 36 දරණ අයවැය සහන දීමනා පනත මගින් පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකිරීමක් කිරීමට රජය මැදිහත්ව කටයුතු කරන ලදී. මේ වනවිට පවතින ජීවන වියදම හමුවේ මෙම සේවකයින්ට ජීවත්වීමට සිදුව ඇත්තේ බලවත් ආර්ථික පීඩනයකින් බව ඔබතුමාට අමුතුවෙන් කිවයුතු දෙයක් නොවනු ඇතැයි සිතමි.
ඔබතුමා ප‍්‍රමුඛ වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු අයවැයේදී රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයාට ද සහන ලබාදෙනු ඇතැයි ඔවුන් ඉමහත් බලාපොරොත්තු සහිතව සිටින ලදී, නමුත් ඔබ ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ අතුරු අයවැයේදී රටේ අති බහුතරයක් වූ පෞද්ගලික අංශයේ සේවකයාගේ වැටුප් වැඩිකිරීමට කරන ලද්දේ ඉල්ලීමක් පමණි. ඒ රු. 2500/= කිනි. පවතින ජීවන වියදම හමුවේ මෙයද කිසිසේත් ප‍්‍රමාණවත් නොවන නමුත්, මෙවැනි ඉල්ලීමකින් පමණක් එම වැටුප් වැඩිවීම හාම්පුතුන් කරනු ඇතැයි කිසිසේත් සිතිය නොහැක. සේවකයින්ටද ඒ පිළිබඳ විශ්වාසයක් නැත.
එබැවින් අප රටේ විශාලතම වැඩකරන පංතිය වන පෞද්ගලික අංශයේ සේවකයින් වෙනුවෙන් 2005/36 දරන පනත සංශෝධනය කර හෝ නව වැටුප් වැඩිකිරීමේ පනතක් නීතිගත කර පෞද්ගලික අංශයට මෙම සේවක වැටුප් වැඩිවීම සිදුකරන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තුතියි.
මෙයට විශ්වාසී වූ,
කේ. ඩී. ලාල්කාන්ත.
දේශපාලන මණ්ඩල සභික - ජ.වි.පෙ.