පුදුම ආදරේ.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිට් වෙන්නට සින්දු හදපු පුදුම ආදරේ.....
    ෆිට් වෙන්නට එයා කියපු මගේ ආදරේ....
    ගුටි කන්නට වැඩ දෙන්නට තිබුනු ආදරේ....
    නැති වෙන්නට බොහොම ලගයි ඇගේ ආදරේ...

    ආදරේ ආදරේ ... ඇගෙ පුදුම ආදරේ...
    දැං හුලං බැහැපු ටයර් එකක් වගෙයි ආදරේ...
    ආදරේ ආදරේ... හරි Sweet ආදරේ...
    හෙට මට නැති වෙන වැඩ සෙට් වෙන මාර ආදරේ.....

    ජීවිතේ සොදුරු සමනල වයසේ අපි ඉන්නේ...
    නෑ එහෙම් මෙහෙන වැටෙන බකට් ගානට ගන්නේ...
    ඔය ‍කොයි කොල්ලත් කෙල්ලෙක් පස්සෙයි මේ කාලේ....
    බොරු ගංකාරකං නං නෑ ගානට ගන්නේ........

    රෑ පුරා මනෝ පාර ගහං කෙල්ලො ගැන හිතා....
    දාවලේ දුවයි චූන් පාං එක වගේ මෙයා......
    කාසියක් දාලා කෝල් කරමු එන්නකෝ සුදා...
    හෙට බීච් යමුද මගෙ ඩාලිං නෝටිමයි ඔයා......

    ආදරේ ආදරේ ... ඇගෙ පුදුම ආදරේ...
    දැං හුලං බැහැපු ටයර් එකක් වගෙයි ආදරේ...
    ආදරේ ආදරේ... හරි Sweet ආදරේ...
    හෙට මට නැති වෙන වැඩ සෙට් වෙන මාර ආදරේ.....

    ලෝකයේ සුවද මල් වත්තක් මැද මම ඉන්නේ...
    නෑ එකම මලක් වත් මට කික් එක ගෙන දෙන්නේ...
    මගෙ සුවද හමන චූටි මලයි ඔයා හුරතලේ..........
    මරු ටෝක් තමයි ඔය කාලෙට ඔළුවට එන්නේ.....

    ආදරේ කියා මුළු දවසම රවුම් ගහන්නේ....
    කාලයේ අගේ පොඩ්ඩක් වත් නෑ සිහිවෙන්නේ...
    අද කාලා බීලා ජොලියේ ඉමු ඇයි ලතැවෙන්නේ...
    හෙට ඔයා නැතත් තව කෙල්ලෙක් මට සෙට් වෙන්නේ...

    ආදරේ ආදරේ ... ඇගෙ පුදුම ආදරේ...
    දැං හුලං බැහැපු ටයර් එකක් වගෙයි ආදරේ...
    ආදරේ ආදරේ... හරි Sweet ආදරේ...
    හෙට මට නැති වෙන වැඩ සෙට් වෙන මාර ආදරේ.....

    කිසි දාක එපා ජීවිතයක් බිල්ලට ගන්න....
    බොරු ලයින් දදා බැරි දේවල් ලොකු කර දෙන්න....
    වැටහේවි සදා කල පවු පසු දින සිට ඔන්න...
    බැරිවේවි යලිත් කොයි කාටත් පස්සට යන්න....
    මේ රිවස් නෑ නෙ ලයිෆ් එකේ එය දැනගන්න.....!