පුනර්භව පර්යේෂකයෙක් වෙන ආකාරය... (ස්වයං රැක&#3

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113

    Nagaya+1.jpg

    මා විසින් හඳුන්වා දෙන නවතම විශේෂාංගය ‘ස්වයං රැකියා අත්වැලයි’. මෙය ඔබට නිවසේ සිටම සැලකියයුතු ආදායමක් ලබාගැනීමට අවස්ථාව සලසනු වස් නොමිලයේ සපයන සේවාවකි. මුදල් එපා. තුටු පඬුරු එපා. ‘කියවීමෙන් පසු’ කැමතිනම් හිට් එකක් පමණක් ලබාදෙන්න. (අකමැති නම් ඒකත් එපා)

    අද හඳුන්වා දෙන්නේ ලංකාව තුල කවදත් ජනප්‍රිය ‘ගුප්ත විද්‍යා’ ක්ෂේත්‍රයට සම්බන්ධ ‘පුනර්භව පර්යේෂකයෙක්’ වන ආකාරයයි.

    අවශ්‍ය ද්‍රව්‍ය

    ·විකාර කියවන පොඩිඑවුන් 1 යි.
    ·උගෙ අම්මා නමැති එලදෙන සහ තාත්තා නමැති එලගොනා (1 බැගින් සෑහේ)
    ·හූමිටි තැබීමට ලංකාවේ සමකාලීන බුද්ධාගම ගැන ප්‍රමාණික දැනුමක් සහිත වයසක උපාසක මහතුන් හතර පස් දෙනෙක්.
    ·බාහිර අලංකරණය සහ ප්‍රචාරක කටයුතු සඳහා හතර පෝයට සිල් ගන්න උපාසිකා මාතාවන් හත් අට දෙනෙක්
    (මෙම උපාසක උපාසිකාවන් සොයාගැනීමට වෙහෙසිය යුතු නැත. ඉහත සංඛ්‍යාවන් ලෙස දක්වා ඇත්තේ ආරංචිය ලැබී පැමිණෙන තුන්හාරසීයෙන් ඔබ තෝරාගත යුතු සංඛ්‍යාවයි.)
    ·තරමක් වයෝවෘද්ධ හාමුදුරුනමක් හෝ දෙනමක් (මාධ්‍ය ප්‍රකාශක කටයුතු සඳහා)
    ·ලංකාදීප/දිවයින හෝ රන්දිව යන පුවත්පත් වලින් එකකට ලියන (හෝ මලවන) මාධ්‍යවේදියෙක්. (කලබල වෙන්න එපා. මේක හිමීට කරගත හැකිය)
    ·රුපියල් දහපාලොස්දහක මුදලක් සහ ඩොල්පින් වෑන් එකක්. (මරුටියක් වුව මේ සඳහා සුදුසුය - සුදු පැහැති වාහන භාවිතා කිරීමෙන් වලකින්න)

    පර්යේෂණය කරන ක්‍රමය

    ඔබ මුලින්ම කලයුත්තේ විකාර කියවන පොඩි දරුවා නිවැරදිව තෝරාගැනීමයි. මෙ සඳහා සමාජයේ සාමාන්‍ය ආරංචිමාර්ග භාවිතා කල හැකිය. මෙම දරුවාගේ වයස අවුරුදු නමයක් හෝ දහයක් වීම ඉතා සුදුසුය. එකේ පන්තියේ සිටම දහම්පාසල් යැවූ දරුවෙකු ‍තෝරා ගැනීමෙන් ඉතා යහපත් ප්‍රතිඵල ලැබේ.

    ඔබ මුලින්ම සොයා ගත යුත්තේ මේ දරුවා කුඩා කලදී කියා ඇති මඥ්ඤං කතාවකි.

    සාමාන්‍යයෙන් ඕනෑම දරුවෙකු වයස අවුරුදු පහ හය ඉක්මවීමට පෙර මෙවන් කතා දෙක තුනක්වත් කියන අතර එයින් වඩාත් ගැලපෙන කතාව තෝරා ගැනීම ඔබේ දක්ෂතාවයයි. උදාහරණයක් ලෙස.....

    “තාත්තියි මායි කාර්එකේ යද්දි ජෝ එකකට වැටුනා”
    “ඉස්සර මං උඩී.....න් ඉගිල්ලුනා”
    “අපේ ගේ තිබුනෙ කන්දක් උඩ...”
    “මං පන්සලක නයෙක් වෙලා හිටියා...”

    දැන් මෙයින් ඔබ තෝරා ගත යුත්තේ සිව්වැන්නයි. මන්ද යත් ජෝ වලට කාර් වැටුනු සිද්දි ඉතා අල්පය. උඩින් ඉගිල්ලුන උං ගැන සෙවීමට නම් ඉගිල්ලෙන්නම සිද්දවේ. කඳු උඩ ගෙවල් කාටවත් ඉන්ටරස්ටින් නැත. අන්න ඒකට හතරවෙනි එක. බලන්න.... “පන්සලක...” “සුදු නයෙක්...” කෙතරම් සිත් අලවන සුළුද?

    දැන් ඔබ මුලින්ම සමීප විය යුත්තේ අර එළදෙනටය. එළ ගොනා වරින්වර ඔබට රැවීමට ඉඩ ඇති බැවින් මදක් ප්‍රවේශම් වීමට වගබලාගන්න.

    ඔබ මුලින්ම කල යුත්තේ දරුවා ගැන මෛත්‍රී බෝධිසත්ව වර්ණනාව පරදන වර්ණනාවක් දීමයි. ඒ සඳහා මූණේ පිං පාට, කොණ්ඩයේ සුළිය, ඇස්වල හැඩය, බෙල්ලේ රැලි, දත්වල හැඩය වැනි විශේෂතා භාවිතා කල හැකිය. ඉන් අනතුරුව විමසිය යුත්තේ අවුරුද්ද හමාරේදී දරුවා නැගූ ශබ්ද සහ කල ක්‍රියාකාරකම් ගැනයි. සාමාන්‍යයෙන් ඕනෑම දරුවෙකු මේ වයසේදී “ෂූ...ෂූ...” “බෲස්...බෘස්...” “ජියා...ජියා...” වැනි ශබ්ද නගන අතර ඉන් ගැලපෙන ශබ්දය තෝරා එහි ආත්මීය සම්බන්ධය අර එලදෙනට කියා දිය යුතුය. මෙම කියාදීම අර උපාසක උපාසිකාවන්ද සිටින තැනදීම කල යුතු බව සලකන්න. නැතිනම් අර එලගොනා වැඩේට නම්මා ගැනීම මේ කපේදී කල නොහැකි වනු ඇත.

    දැන් පලමු පියවර අවසන්ය. ඔබට සති තුනක නිවාඩුවක් ගත හැකිය. ඒ නිවාඩුව අතරතුර අර එලදෙන සහ උපාසක පිංවතුන් දරුපැටියා වටකරගෙන ඔබද ලක්ෂපති මමද ලක්ෂපති තරඟය කරනු ඇත.

    “ඔයා ගිය ආත්මෙ පන්සලක සුදු නයෙක් වෙලා හිටියද පුතේ.....?”
    “ඔව්”
    “පන්සලක මොන පාට නයෙක් වෙලාද හිටියෙ...?”
    “සුදුපාට...!”
    “හා.. කොහෙද හිටියෙ..?”
    “පන්සලක...!”
    “මොකෙක් වෙලාද හිටියෙ..?”
    “නයෙක් වෙලා...!”
    “කවද්ද හිටියෙ.....?”
    “ගිය ආත්මෙ....!”
    .............................
    “අනේ.. බලන්ඩ මේ දරුපැටිය පෙර ආත්මෙ කියන අපූරුව.....? සංසාරේ... සංසාරේ.....!!”

    සති තුනකින් ඔබ නැවත එන විට වැඩේ පත්තුවී ඇති බව දැකගත හැකිවනු ඇත. ඉන් අනතුරුව ඇත්තේ ඔබේ කඩඉම් ප්‍රශ්න වටයයි.

    “කොහෙ පන්සලේද පුතේ.....?”
    සාමාන්‍යයෙන් දරුවා මෙයට කිසිවක් නොකියයි.
    “පුතා කියන්ඩකො.. කොහෙද ගම?.... ගම....?? අනුරාදපුරේද... පොලොන්නරුවෙද.... සෝමාවතියෙද... රැස්වෙහෙරෙද....???”
    “අනුරාදපුරේ.....”
    “අනුරාදපුරේ කියන්නෙ ලොකූ පලාතක්නෙ පුතේ.... අනුරාදපුරේ කොහෙද?”
    “......................”
    “පුතාට මතක නැද්ද.... කල්පනා කරන්ඩකො..... මුල් අකුරුවත් මතක නැද්ද? කොහොමද පටන්ගන්නෙ.... ‘මැදි’ කියලද? ‘උස්’ කියලද..? මොකද්ද?”

    මෙහිදී අර එලදෙන ඉදිරිපත්වනු ඇත.

    “මෙයා චූටි කාලෙ නිතරම ‘ගැට’.... ‘ගැට’ කියලනං කියනවා......”
    “ගැට......? ගැටහැත්ත? ගැටඋලාව?... ගැටගත්තාව...??.... ම්.... ගැටමාන්නද?”
    “ඔව්....!!”

    ඔබ දිනුම් කියා හිතාගන්න. දැන් ඉතින් අර පොඩිඑකා විසින් සත්තුවත්තේදී දැක ඇති කළු නයා සහ, දහම් පාසල් පොතේ ඉන්න කරුණාබර සුදු නයා එකට පටලා මාර නයෙක් නිර්මාණය කරනු ඇත. ඔබට ඇත්තේ එම නයාට තියරි සපයා අර ගොනාගේ පණ්ඩිත මිතුරන්ට පිළිතුරු දීමයි.

    “මේ පුතා කියන්නෙ එයා ඒකාලෙ පලතුරු විතරයි කෑවෙ කියලා....?” (පොඩි එවුන්ට කොහොමත් කුරුමිණියන්/ගෙම්බන් අපුලය)

    “වෙන්න පුළුවන් නේද?... ඕකට සංසාරෙ පුරුද්දනෙ බලපාන්නෙ... කොහොමත් ඊළඟ ආත්මෙ මනුස්සයෙක් වෙන්න තරම් මෙයා පින් පුරලනෙ ඉන්නෙ....”

    “නයින්ට කන් ඇහෙන්නෙ නෑ නේද...? අනික භාෂාවක්...” (පොඩි එකා ඕව දන්නවයැ)

    “අපි නොදන්න දේවල් එකපාරටම බැහැර කරන්න බෑනෙ මිස්ටර්... මේ ලෝකෙ අපිට ගෝචර නොවන දේවල් කොච්චර තියෙනවද?”

    ---------------------------------

    ඒ අවසන් වූයේ දෙවන පියවරයි.
    දැන් අර ඩොල්පින් රථය අවශ්‍යවන වේලාවයි. ඔබ කලයුත්තේ දිනයක් යොදාගෙන අර ගොන්බානද, දරුපැටියාද, උපාසක නඩයේ හය දෙනෙක්ද, මාධ්‍ය ප්‍රකාශක හාමුදුරුනමක්ද කැටුව හරියටම පාන්දර පහට පිටත්වී ගැටමාන්න නගරයට ආසන්නයේ ඇති පන්සලකට යාමයි. හාමුදුරුවන් වහන්සේ මිදුල අමදින වේලාවට එතැනට යාම ප්‍රමාණවත්ය.

    ඉන් අනතුරුව ඔබ කලයුත්තේ අර මාධ්‍ය ප්‍රකාශක හාමුදුරුවන් ලව්වා උන්වහන්සේගෙන් ‘සුදු නයෙක් මැරිච්ච පන්සලක්’ ගැන විමසීමයි. (මෙහිදී කතාබහ මැදින් “පුනර්භව පර්යේෂණ” යන වචනය යෙදීමට ඔබ වගබලාගන්න.) පැය බාගයක් තුල එම පන්සලේ දායක සභාවෙන් සීයට තිස්පහක් පන්සලට රැස්වෙනු ඇත. ඉන් අනතුරුව ඔබ ආපසු හැරී ආවත් කමක් නැත. වෑන් එකේ ගිය කට්ටිය ඉතිරි හරිය තනිවම කරගනු ඇත.

    එදින සවසම ඔබ කල යුත්තේ අර මාධ්‍යවේදියා සොයා ගැනීමයි. මෙය ඉතා සරළය. පෙර සඳහන්කල තුනෙන් කැමති පත්තර කන්තෝරුවක මොබයිල් නොම්මරයක් හොයාගෙන පහත එස්.එම්.එස්. එක යවන්න.

    giya aathme sudu nayek wela hitapu lamayek innawa. Wisthara one nam amathanna

    ඔබට සාමාන්‍යයෙන් ප්‍රති ඇමතුමක් නොලැබෙන අතර පසුදා පාන්දර හතරටවත් අවදිවී මූණ කට සෝදා පිලිවෙලකට ඇඳ පැළඳගෙන සිටිය යුතු වනු ඇත. හරියටම හයයි තිහ වන විට වාහන දෙකකින් පැමිණෙන දොලොස් දෙනෙකු කිසිදු කතාවක් නැතිව ඔබ ඔසවාගෙන දුවගොස් වාහනයකට දමාගන්නා අතර වහාම ප්‍රධාන පාරට හැරෙන තැනට ගොස් නවත්වා මෙසේ අසනු ඇත.

    “රයිට්.... කොයි පැත්තටද යන්ඩ ඕනෙ....?”

    ------------------------------

    අත්දුටුවයි..! ප්‍රත්‍යක්ෂයි...!!

    තවත් දින කිහිපයක් තුල ඔබ නමගිය “පුනර්භව පර්යේෂකයෙක්” වනු ඇත. ඉන් අනතුරුව ඒ මුලට “ආධ්‍යාත්මවේදී” “වෛකල්පිත සංසාර ගවේශක” වැනි තනතුරු ඕනෑම ප්‍රමාණයක් එක්කර ගැනීමට ඔබට හැකි අතර, ඉන් පසු ඔබේ දක්ෂතාවය මත අවශ්‍ය තරම් ඉහලට යාමට ඔබට හැකිවනු ඇත. එහෙම උනු දාක මේ චාමිව අමතක වෙන එකක් නැති බවද සිතමි.

    ඔබගේ වැඩිදුර අධ්‍යයනය සඳහා මේ ආකාරයේ ප්‍රකට පුනර්භව පර්යේෂණ පත්‍රිකාවක ලින්කුවක් පහලින් යොදා ඇත. එහි බොහොමයක් කමෙන්ට් ශාස්ත්‍රීය භාවයෙන් පහත් බැවින් ඒවා කියවීමෙන් වලකින ලෙසද ඉල්ලමි.

    අම්පිටියේ සුදු නාගයකු වී සිට මාතර ඉපදුනු දරුවාගේපුනරුත්පත්තිය
    http://reargate.blogspot.in/2012/07/
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මම විශ්වාස කරන බුදුදහමට අනුවනම් මචං පුනර්භවය කියන්නෙ සත්‍ය දෙයක් නෙවෙඉ පුනුරුප්පත්තිය නම් ඇත්ත
    පුනර්භවය yayi පුනුරුප්පත්තිය athara thiyena wenasa mokakda ?
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    පුනර්භවය yayi පුනුරුප්පත්තිය kiyana wachana deke wenasa mokakda ?
    පුනර්භවය කියන්නේ ගිය ආත්මේ හිටිය මනුස්සයම මේ ආත්මයේ ඉපදෙනවට එහෙමත්නැත්තම් පෙර ආත්මයේ කව්රුවෙලහිටියද කියල මතකයි වගේම ඒ ආත්මයේ හබාගිය target වලට මේ ආත්මයෙත් යන්න උත්සහකර්නවා එත් බුදුදහමට අනුව පුනුරුප්පතිය කියන්නේ කලින් මියගිය කෙනාගේ චිත්ත පරම්පරාව තමයි කලලයට ඇතුල්වෙලා පුද්ගලයෙක් බිහිවන්නේ එයා කලින්හිටිය කෙනත්නෙවෙයි අලුත්කෙනෙකුත් නෙවෙයි ඒ අතරමැදි අවස්ථාවක්, කොටින්ම ආත්මය කියන සංකල්පය සහමුලින්ම බැහැරකරනවා. බුද්දදර්මයේ තියෙන්නේ ඒවිදියට
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    පුනර්භවය yayi පුනුරුප්පත්තිය kiyana wachana deke wenasa mokakda ?

    පුනරුත්පත්තියයි අසත්‍යක් වෙන්නේ පුනර්භවය සත්‍යක්

    පුනර්භවය කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. සත්වයකුගේ උත්පත්තිය සමගම ඔහුගේ චිත්ත වීති පරම්පරාව ආරම්භ වෙනවා පටිසන්දි සිතෙන්. එතන ඉඳලා මිය යන මොහොත දක්වාම සිත් පරම්පරා ඇති වෙනවා විශේෂ අවස්ථා කීපයකදී පමනක් භවංග සිත් ඇති වෙනවා. මේ විදියට අවසානයදී චුති සිත කියන එක් භවයක කෙලවර වීම සටහන් වෙන සිත පහල වෙනවා.

    පුනරුත්පත්ති වාදය කියන එක වෙනම දෙයක්. සත්වයකු නැවත ඉපදෙනවා කියන සංකල්පය වැඩි දියුනු වීමත් එක්ක තමයි එඩ්ගා කේසි. ජිනා සර්මිනාරා වගේ අය පර්යේෂන කරනකොට භාවිතා උන වචනය (රී බර්ත්) නැවත ඉපදීම එහෙම නැත්තම් පුනරුත්පත්තිය.

    මෙයින් පුනරුත්පත්තිය දෝෂ සහිතයි.

    බුදු දහමේ විස්තර වෙන පුනර්භවය බෙහෝ උදවිය පටලවා ගන්නවා

    එය කෙටියෙන් තේරුම් කරනවානම්. සත්වයෙකු හෝ පුද්ගලයෙකු භවයෙන් භවයට ගමන් කරන්නේ නෑ. පටිච්ච සමුප්පන්න වූ පංච උපාදානස්ඛන්ධයක්. කර්මානුරූපව නැවත පහල වීමකුයි වෙන්නේ.
    ඒක තමා පුනර්භවය.

    මේක විස්තර කරගන්න නම්. චිත්ත පරම්පරා ගැන සහ. පටිච්ච සමුප්පාදය පිලිබඳ යම් අවබෝධයකුත්. කර්මයන් පිලිබඳව යම් අවබෝදයකුත් ඕනි.
     
    පනදාගෙන type කරලා බලනකොට මටවඩා හොද උත්තරයක් දීල , පැහැදිලිකිරීමට බොහොම ස්තූති මිත්‍රය
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පුනර්භවය කියන්නේ ගිය ආත්මේ හිටිය මනුස්සයම මේ ආත්මයේ ඉපදෙනවට එහෙමත්නැත්තම් පෙර ආත්මයේ කව්රුවෙලහිටියද කියල මතකයි වගේම ඒ ආත්මයේ හබාගිය target වලට මේ ආත්මයෙත් යන්න උත්සහකර්නවා එත් බුදුදහමට අනුව පුනුරුප්පතිය කියන්නේ කලින් මියගිය කෙනාගේ චිත්ත පරම්පරාව තමයි කලලයට ඇතුල්වෙලා පුද්ගලයෙක් බිහිවන්නේ එයා කලින්හිටිය කෙනත්නෙවෙයි අලුත්කෙනෙකුත් නෙවෙයි ඒ අතරමැදි අවස්ථාවක්, කොටින්ම ආත්මය කියන සංකල්පය සහමුලින්ම බැහැරකරනවා. බුද්දදර්මයේ තියෙන්නේ ඒවිදියට

    vladimir-putin-laughing.gif
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    :lol::lol: