පුනරුදයට පෙරවදනක්. AKD

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    පුනරුදයට පෙරවදනක්.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක (සහෝදරයා/මහතා) පත් වී තිබේ.
    ඉතාමත් චාම් උත්සවයකින් අනතුරුව ඔහු ජනාධිපති ධූරයේ වැඩ භාර ගත්තේය.
    එය ඉතාමත් සාධනීය කටයුත්තක් වන අතර, ඔහුට ඡන්දය ප්‍රකාශ කළ සහ නොකළ සැමගේ පළමු බලාපොරොත්තුව ඉටු කිරීමකි.

    මෙතෙක් කල් පැවති ක්‍රමයට අභියෝග කරන ඔහුට ඇත්තේ වෙනස්ම ආකාරයේ අභියෝග රැසකි.

    ඔහු ඉදිරියේ ඇති මූලිකම අභියෝගය ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමේ අභියෝගයයි
    ඔහු ඉදිරියේ ඇති අපේක්ෂාවන් දෙවැදෑරුම් වේ
    1. ඔහු වෙත විශ්වාසය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළ 42% වූ ජනතාවගේ ධනාත්මක බලාපොරොත්තු
    2. අන් අපේක්ෂකයින් වෙත ඡන්දය ප්‍රකාශ කර ඔහුගේ ප්‍රතිපත්ති වලට වෙනස් අපේක්ෂා ඇති ජනතාවගේ ධනාත්මක නොවන බලාපොරොත්තු. මෙහිදී ධනාත්මක නොවන ලෙස හැඳින්වූයේ, ඍණාත්මක සහ Neutral බලාපොරොත්තු වේ.

    මේ දෙකම වෙනස් අයුරින් අතිශය භයානක වේ.

    අනුර කුමාර ජනාධිපති වීම නිසා රටට සුභදායී කරුණු බොහොමයක් සාක්ෂාත් කර ගත හැකිය. මේ බොහොමයක් සිය පාක්ෂිකයින් විසින් Facebook හි පළ කළ අදහස් වලින් සහ ප්‍රතිපත්ති ප්‍රකාෂනයෙන්, සාරාංශ කර ගන්නා දෑ වේ. මේවා එක රැයකින් සාක්ෂාත් කරගත හැකි කරුණු නොවන අතර, නිසි කාල පරාසයක් නියම කර මේ කරුණු ඉටු කල යුතු වේ.

    1. වසර හැත්තෑ හයක සාපය අවසන් කිරීමට අවස්ථාවක් උදා වීම මගින් රටට සෞභාග්‍යය උදාවීම.
    2. රටට වින කළ සියළු හොරු, වංචාකාරයින් අල්ලා සිරගත කිරීමට අවස්ථාව උදා වීම.
    3. රාජපක්ෂ පවුල රටින් හොර රහසේ පිටකළ ඩොලර් කෝටි ගණනක වංචනික මුදල් මෙරටට ලබාගත හැකි වීම සහ එය භාවිතා කර විදෙස් ණය සරළව ගෙවා අවසන් කිරීමට හැකි වීම (විදෙස් ණය ඩොලර් බිලියන 43 සරළව ගෙවා අවසන් කිරීම අනුර කුමාර දිසානායක් විසින් ම ප්‍රකාශ කරන ලද්දකි)
    4. බැඳුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරයේ චුදිතයන් අධිකරණය හමුවට ගෙන ඒමට හැකි වීම - මෙය ඔහුගේ ප්‍රධානතම කාර්යය බව සැවොම පිළිගන්නා කරුණකි.
    5. බදු වංචා කරන මහාපරිමාණ ව්‍යාපාරිකයන්ගේ බදු අයකර ගැනීම මගින් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම.
    6. අකාර්යක්ෂම රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාවයන් මඟහරවා, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීමට හැකි වීම
    7. රටේ සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි වීම
    8. සම්පත් බෙදී යාමේ විෂමතාවය අවසන් කර, කොළඹ රාජකීය විද්‍යාලයත්, මහියංගනය කණිෂ්ඨ විද්‍යාලයත් යන දෙකම සම මට්ටමට ගත හැකි වීම මගින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගත හැකි වීම
    9. පාසැල් දරුවන්ට නිසි පෝෂණය ලබා දීම මගින් සියයට පනහක් වූ මන්දපෝෂිත දරුවන්ට නිසි පෝෂණය ලබා දීමට හැකි වීම
    10. විශ්ව විද්‍යාලවල නවක වදය අවසන් වීම සහ සිසු වර්ජන සිදු නොවීමට කටයුතු කිරීමෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නැවතත් අධ්‍යයන කටයුතු වලට යොමු කිරීමට හැකිවීම මගින් බුද්ධිමත් ශිෂ්‍ය ප්‍රජාවක් ඇති කිරීමට හැකි වීම
    11. කරුණ තරුණියන් නවෝත්පාදන සහ ව්‍යවසායකත්වයට යොමු කිරීම මගින් ගුණාත්මක රැකියා අවස්ථා සහ වැඩි ආදායම් සහිත රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වීම.
    12. එප්පාවල පොස්ෆේට් නිධියෙහි පොහොර, සල්ෆියුරික් අම්ලය හා ප්‍රතික්‍රියා කරවා ලැබෙන සිංගල් සුපර් පොස්ෆේට් ගොවියන්ට මුදා හැර, රටේ කෘෂිකාර්මික නවෝදයක් ඇති කිරීම
    13. පුල්මුඩේ ඛණිජ වැලි නිධියෙන් ලැබෙන ඉල්මනයිට්, සල්ෆියුරික් අම්ලය හා ක්‍රියාකරවා ලැබෙන TiO2 විදේශයන්ට විකිණීම හරහා රටේ ආදායම වැඩි කර ගැනීම.
    14. පරන්තන් රසායන ද්‍රව්‍ය නිෂ්පාදන සංකීරණය වැඩිදියුණු කර, උතුරේ ජනතාවගේ රැකියා ප්‍රශ්නය නිරාකරණය කිරීම
    15. උතුරේ ධිවරයන්ට ඇවි විශේෂිතම ගැටළුව වන තමිල්නාඩු ධිවර ආක්‍රමණ අවසන්කර, රට වටා වූ මුහුදෙන් ලැබෙන මත්ස්‍ය සම්පත රටේ ජනතාවගේ පූර්ණ පරිභෝජනයට භාවිතය මගින්, මාළු මිල අඩු කර, රටේ ජනතාගේ පෝෂණ ගුණාත්මක භාවය වැඩි කිරීම.
    16. අතිරික්තය අපනයනය කිරීම මගින් විදේශ විනිමය ඉපයීම.
    17. රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය වැඩි වීම සහ වර්ජන අවසන් වී වැඩ කරන පැය අට පුරා නිසි සේවාවක් සැලසීමට හැකි වීම
    18. ප්‍රශ්නය ඇත්තේ දේශපාලනඥයින්ගේ ද, රජයේ සේවකයන්ගේද යන්න පැහැදිලිව නිරාකරණය කර ගැනීමට අවස්ථාවක් උදා වීම
    19. හෙදියන්, වෛද්‍යවරුන් රෝගීන් ඇපයට තබාගෙන කරන වර්ජන අවසන් වීම
    20. ගුරුවරුන් නිසි ලෙස ඉගැන්වීම නිසා ටියුෂන් පන්ති යාමේ අවශ්‍යතාවය අවම වීම මගින් දෙමාපියන්ට මුදල් ඉතුරු වීම සහ දරුවන්ට නිදහසේ අමතර කාළය යෙදවීමට හැකිවීම හරහා දරුවන් නිර්මාණාත්මක කටයුතු වලට යොමු වීම
    21. ප්‍රභූ ආරක්ෂාවට යොදවා තිබු 40,000 ක් වන පොලීසියේ නිලධාරීන් සහ 5500 ක් වන STF නිලධාරීන් නැවත සේවයට අනුයුක්ත කිරීම හරහා අපරාධ, මත්ද්‍රව්‍ය වැනි අපචාර අවම වීම හරහා නීතිය සහ සාමය නැවත ස්ථාපිත වීම
    22. ප්‍රභූ ආරක්ෂක වියදම් අවම වීම හරහා රටට මුදල් ඉතිරි වීම,
    23. දූෂිත දේශපාලනඥයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා නොකරන නිසා, ආරක්ෂක අංශ මත්කුඩු, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා භාවිත කිරීමට හැකි වීම
    24. වැට් බදු සහ උපයන විට ගෙවීමේ බදු අඩු වීම හරහා ජනතාව අතර වැඩිපුර මුදල් ගැවසීම නිසා ජනතාව සතුටින් සිටීම
    25. බදු අඩුවීම නිසා භාණ්ඩ හා සේවාවල මිල අඩු වීම
    26. පාර්ලිමේන්තුවේ ආහාර බිල අඩුකර ගැනීමෙන් ඒ මුදල් රටට ඉතිරි කර ගැනීම හරහා රට සංවර්ධනයට දායක කර ගැනීම
    27. සාමාජිකයින් විසින් එවනු ලබන ඩොලර් බිලියන ගණනක විදේශ මුදල් ප්‍රේෂණය හරහා රටේ විදෙස් ආදායම වැඩි කිරීම, නොගෙවූ විදෙස් ණය ඩොලර් බිලියන 43 ඉක්මනින් ගෙවා අවසන් කර රටේ බංකොලොත් භාවය නිම කිරීම.
    28. ඇමති මණ්ඩලය 25 දෙනෙකුට සීමා කිරීම මගින් මුදල් ඉතිරි කර ගැනීම
    29. නවෝත්පාදන සහ නව ව්‍යාපාර ඇරඹීම කඩිනම් කිරීම මගින් නව රැකියා අවස්ථා, ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව
    30. සංචාරක ව්‍යාපාරය ක්‍රමාණුකූල කිරීම මගින් සංචාරකයින් මිලියන 4 ක ආකර්ෂණය 2025 දී ලබා ගැනීම

    මීට අමතරව
    1. හැඳුනුම්පත්, රියදුරු බලපත් නැවත ප්ලාස්ටික් කාඩ් වලින් ලබාගත හැකි වීම
    2. පාස්පෝට් පෝලිම කෙටි කිරීම
    3. කරාපිටිය රෝහලේ හෘද සැත්කම් පෝලිම කෙටි කිරීම
    4. ජනතාවට සිදුරු නොමැති යට ඇඳුම් සාධාරණ මුදලකට ලබා දීම
    5. බිත්තරයක් රුපියල් 20 කට වත් ලබා දීම
    6. ඉන්ධන සහ බස්ගාස්තු අඩු කිරීම
    7. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ගේ ස්ථානය තීරණය කිරීම
    8. දේශපාලනඥයින් සතු සුරා සැල් වසා දැමීම
    වැනි අවශේෂ කරුණු ද අන්තර්ගත වේ.

    මේ ඔහු සහ ඔහුගේ කණ්ඩායමට ඇති ප්‍රධානතම අභියෝගයන් ලෙස මා දකිනා කරුණු වේ. මේ කිසිවක් එක් රැයකින් සාක්ෂාත් කර ගත නොහැකි නමුත්, මේ ලැයිස්තුවට සාධාරණයක් ඉටු කිරීම කඩිනම් කළ යුතුමය.
    මහ මැතිවරණය තව දින හතලිස් පහකින් පැමිණේන විට මේ ලැයිස්තුවෙන් කිහිපයක් හෝ ඉටු වී තිබීම සුභදායකය.

    IMF සාකච්ඡා සහ වෙනත් බරපතල දෑ සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය සාධක නොවන අතර එය ඔහු සහ ඔහුගේ කණ්ඩායමට ඇති වෙනස්ම අභියෝගයකි.

    මේ විස්තරය කුහක කමින් ලියන ලද්දක් හෝ Toxic Post එකක් හෝ නොවේ. මේ සියල්ල, ඔහු සහ ඔහුගේ කණ්ඩායම විසින් ජනතාවට දෙනු ලැබූ Checklist එකක් සහ ඔහු වෙනුවෙන් Facebook හි දිවා රෑ සේවය කළ පාක්ෂිකයින්ගේ අභිප්‍රායන් වේ.

    ගෝඨාභය පෑන පෙට්ටියට දැමු වෙලේ ලියැවුන හෑලි දැන් දැන් ලියවෙමින් පවතින අතර, මිනිසුන් අපේක්ෂාවන් පෙරදැරිව බලා සිටී. ඒ අපේක්ෂාවන් ඉටු කිරීම/නොකිරීම සහ දායක සභාව විසින් එය කොපමණ කල් සාධාරණීකරණය කරනු ලබන්නේද යන්න මත, නව ආණ්ඩුවේ ජනප්‍රියතාවය රඳා පවතිනු ඇත.

    පුරවැසියන් වශයෙන් අප, රට වෙනුවෙන් ඊට සහය දිය යුතුමය. රනිල් පරාජය කර අනුරට බලය ලබා දුන්නේ, එය ඉටු කිරීමටය.

    කොපමණ සතුටු කළත්, ලාංකිකයා ලද දෙයින් සතුටු නොවන ජාතියකි.

    එය ඉටු කිරීම/නොකිරීම හෝ කිරීමට යන කාලය මත අනාගතය තීරණය වනු ඇත.

    Copied from Piyal Ariyananda
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    කොච්චර කල් ඕනෙද ඔක්කොම ඕනෙ නෑ පලවෙනි 5 කරන්න?