පුනරුදය දෙගොඩ තලයි රටේ ණය බර තවත් වැඩි වෙයි 😱

2osama

Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    රටේ ණය බර තවත් ඉහළට..

    credit.webp

    ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

    2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

    එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

    මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    ආ කමක් නෑ විබාසනා ඇන්ටි @vibhashana ඉන්නවා. කැටයක් අරං ලංඩන් හන්දියේ බස් වලට නග්ගන්න තියෙන්නේ
    ණය ගන්නේ නැතුව රට කරනවා කිව්වා වගේ මතකයි ණය අරගෙන රට කරන්න නම් ආන්ඩුවක් ඕනෙද කියලා වගේ කතාවක් ඒ දවස් වල Stage වලින් ඇහුණා
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඒ කියන්නෙ 2024 ජනවාරි ඉදන් සැප්තැබර් වෙනකන් රනිල් යටතෙත් තිබිල තියෙන්නෙ පුනුරුදේද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පුනුරුදය ගෙනල්ලා උන් කරනවා කිව්ව එකක්වත් මේ වෙනකම් කරලා නෑනේ. කරන්නේ ඒකේ අනිත් පෑත්තනේ. ඒ හින්දා කලබල වෙන්න එපා. බය වෙන්න ඕනේ උන් කියපු දේවල් කරන්න ගියා නම් තමා. ඔය චතුරන්ගයා එහෙම ඒ දවස්වල කිව්ව දේවල් කරන්න ගියා නම් හොම්බෙන් යන්න වෙන්නේ. ඔය විදිහට අයි එම් එෆ් එකත් එක්ක ගමන යන එක රටට හොදයි.