පුනරුප්පත්තිය ගැන documentary
1984 දී වේයන්ගොඩ ප්රදේශයේ උපත ලබන දිලුක්ෂි නිස්සංක දැරිය කුඩා කල සිටම තම දෙමවුපියන්ව පිටස්තරයන් හැටියටයි දකින්නේ. ඔවුන්ට අම්මා තාත්තා නමින් කතා කිරීමටත් ඇය පැකිලෙනවා. තමන් මේ පවුලට සහ ප්රදේශයට අයත් නැති බව හඟින ඇය තමන්ගේ පවුලේ අය වෙත ගෙනයන්නයැයි නිතර දෙමවුපියන්ට ඇවටිලි කරනවා. තමන්ගේ නියම දෙමවුපියන් වෙසෙන්නේ දඹුල්ල ප්රදේශයේ බවත්, කුඩාකලදී දියේ ගිලීමෙන් තමන් මියගිය බවටත් ඇය වැඩිදුර කරුණු හෙලිකරනවා. දිලුක්ෂිගේ ක්රියාකලාපය ඇගේ දෙමවුපියන්ට ඉමහත් මානසික වධයක් වුවත් තම දියණිය තමන්ට අහිමිවේය බියෙන් ඔවුන් මේ තොරතුරු පිළිබඳ සොයායාමට මුලදී උනන්දුව දක්වන්නේ නැහැ. කෙසේ වෙතත් දිලුක්ෂිගේ ප්රබල ඇවටිල්ල මත අවසානයේදී ඔවුන් ඇගේ පෙර ආත්මය සොයායාමට පියවර ගන්නවා. මේ අතරතුර දිලුක්ෂි පිළිබඳ පුවත්පතක පලවූ ලිපියක් කියවන දඹුල්ල ප්රදේශයේ පුද්ගලයෙක් ඇය තමන්ගේ මියගිය දියණිය වියහැකි බවට තොරතුරු පවසමින් දිලුක්ෂිගේ දෙමවුපියන් වෙත ලිපියක් යොමු කරනවා. දිලුක්ෂිව දැකබලා ගැනීමට ඔවුන් කැමැත්තෙන් සිටින බවටත් ඔහු ඒ ලිපියෙන් පවසනවා.
තමන්ගේ පෙර ආත්මයේ දෙමවුපියන් සොයාගෙන යන ගමනේදී, ඇය ජීවත්ව සිටියායැයි කියන දඹුල්ල ප්රදේශයට ළගාවනවාත් සමගම රියදුරාටද මග සලකුණු පවසමින් තමන්ගේ නිවස කරා මාර්ගය පෙන්වන්නට දිලුක්ෂි සමත් වූ බවයි දැනගන්නට ලැබෙන්නේ. ඇගේ පෙර ජීවිතයට සම්බන්ධ වස්තූන් සහ ස්ථාන රැසක්ද එහිදී ඇය විසින් හඳුනාගනු ලැබ තිබෙන්නේ ඇගේ පුනරුප්පත්ති කථාව සනාථ කරන්නට තවත් සාක්ෂි සපයමින්
https://www.youtube.com/watch?v=_faOnUvOl90:D