දැනට වෙළඳ පොලේ ඇති LP ගෑස් සිලින්ඩර් සඳහා පාවිච්චි කරන බියුටේන්/ප්‍රොපෙන් ගෑස් වර්ග සංයුතිය පිලිවෙලින් 80% ක් හා 20% විය. සිලින්ඩරයට යොදන බියුටේන්/ප්‍රොපෙන් සංයුතිය එම අනුපාතයට යෙදීමෙන් ගෑස් සිලින්ඩරය තුල හටගන්නා පීඩනය වර්ග අඟලකට රාත්තල් [pound per square inch] 43 1/2 ක් විය.
ලංකාව තුල පාවිච්චි කරන බාල වර්ගයේ චීනයේ නිෂ්පාදිත මිල අඩුම ගෑස් ලිප් හා උපාංග සියල්ල නිෂ්පාදනය කර ඇත්තේ එම (43 1/2 psi) පිඩනයට ඔරොත්තු දිය හැකි වන පරිදිය. එවැනි බාල වර්ගයේ ලිප් හා උපාංග පාවිච්චි කරන රටක කිසිම පෙර සුදානමක් හෝ දැනුම් දීමක් නැතිව, උපාංග සහ ගෑස් ලිප් වල ගුණාත්මක භාවයේ කිසිම වෙනසක් නොකර, ගෑස් සිලින්ඩරයට යොදන බියුටේන්/ප්‍රොපෙන් සංයුතිය 50% ට 50% වශයෙන් ගෑස් සමාගම් විසින් වෙනස් කිරීම බරපතළ අපරාධ වරදක් වන්නේය.
එසේ ක්‍රියා කිරීමෙන් ගෑස් සිලින්ඩරය තුල හටගන්නා පීඩනය psi 43 1/2 psi 84 දක්වා ක්ෂණිකව ඉහළ ගිය අතර එවැනි දැඩි පීඩනයක් ගෑස් සිලින්ඩරයට සවි කරන බාල වර්ගයේ රේගියුලේටර් එකට, සිලින්ඩරය ගෑස් ලිප හා එක් කරන හෝස් එකට මෙන්ම ගෑස් ලිපට කොහෙත්ම දැරිය නොහැකි විය. එහෙයින් එම උපාංග වලට සහ ගෑස් ලිප් වලට ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් හටගත් දැඩි පීඩනයට ඔරොත්තු දිය නොහැකි වූ අතර දැඩි පීඩනයක් සහිත ගෑස් උපාංග වලින් සහ බාල වර්ගයේ ගෑස් ලිප් වලින් කාන්දුවීම වැළක්විය නොහැකි විය. දිවයින පුරා සිදුවූ අනතුරු සියල්ලටම බලපෑ එකම හේතුව එය වූ අතර එහි සම්පුර්ණ වගකීම පැවරෙන්නේ ප්‍රතිඵලය දැන දැනම සංයුතියේ වෙනසක් කරන ලද ගෑස් සමාගම් දෙක වෙත සහ එම සමාගම් දෙක නියාමණය කිරීම පැහැර හරින ලද ප්‍රමිති කාර්යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ එම ආයතන භාර ඇමතියන් වෙතය.
එහෙයින් වෙළඳ පොලේ විකිනීමට ඇති ගෑස් සිලින්ඩර් පමණක් ආපසු භාරගැනීමට අදාළ ගෑස් සමාගම් දෙක එකඟත්වය පළකරමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව පාරිභෝගිකයාගේ ශාරීරික හා දේපළ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ප්‍රතික්ෂේප කිරීමට තීරණය කෙරිණ.
මහජන අයිතිය බලගන්වමින් පවරන ලද මෙම නඩුවෙන් අධිකරණයෙන් අපේක්ෂා කරන අනෙකුත් සහන මොනවාද ?
1. වෙළඳ පොලේ ඈති ගෑස් සිලින්ඩර් පමණක් නොව නිවෙස් වල ඇති ඇති සියලුම අනතුරුදායක ගෑස් සිලින්ඩර් ((මුද්‍රාව කඩා තරමක් පාවිච්චි කරන ලද සිලින්ඩර්ද ඇතුලත්ව) ආපසු කැඳවීමට බලකරමින් ප්‍රමිති ආයතනයට හා පාරිභෝගික කටයුතු අධිකාරියට බලකරමින් අධිකරණ ආඥාවක් නිකුත් කිරීම
2. ලිට්‍රෝ ලාෆ් ගෑස් සමාගම් දෙකට එරෙහිව එම සමාගම් සතු සියලුම දේපළ අභියාචන අධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කර අවසන් තීන්දු ප්‍රකාශයක් නිකුත් කරන තුරු තහනම් කිරීම්
3. LP ගෑස් සිලින්ඩර් පාවිච්චිය සම්බන්ධ මහජන ආරක්ෂාව සහ දේපළ ආරක්ෂාව තහවුරු කෙරෙන ක්‍රමවේදයක් සම්පාදනය කිරීමට ප්‍රමිති ආයතනයට හා පාරිභෝගික කටයුතු අධිකාරියට බලකිරීමේ මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කිරීම
4. රජයේ තක්සේරුකරුට එරෙහිව ගෑස් සමාගම් දෙක විසින් දැන දැනම සිදු කරන ලද මෙම අපරාධයෙන් හානියට පත් සෑම දේපළ හානියක් පිලිබඳව සහ ජීවිත හා බරපතළ පිළිස්සීම් තුවාල ලත් සෑම වින්දිතයකුට ගෙවිය යුතු වන්දි මුදල් තීරණය කිරීමට බලකරමින් මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කිරීම
5. මෙම අපරාධය වැලක්වීමට පියවර ගැනීමට අසමත් වූ ප්‍රමිති ආයතනයට හා පාරිභෝගික කටයුතු අධිකාරියට එරෙහිව, අදාළ අමාත්‍ය වරුන් දෙදෙනාට එරෙහිව අපාරාධ නීතිය යටතේ විධිමත් අපරාධ විමර්ශණයක් (criminal investigation ) වහාම සිදුකිරීමට බලකරමින් පොලිස්පතිට එරෙහිව මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කිරීම
6. මෙම අපරාධයට සෘජුවම වගකිවයුතු අදාළ අමාත්‍යවරුන් දෙදෙනාට එරෙහිව සහ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වන සිද්දීකා සේනාරත්න, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී එම් එස් දිසානායකට එරෙහිව, අපරාධ නීතිය නඩු පැවරීමට බලකරමින් නීතිපතිට එරෙහිව මන්දාමුස් රිට් ආඥාවක් නිකුත් කිරීම [මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත යටතේ නීතිය බලගැන්විමෙන් පමණක් ගෑස් සමාගම් දෙකට එරෙහිව නඩු පවරා එක් වින්දිත පවුලකට රුපියල් මිලියන 100 දක්වා වන්දි නීතියෙන් ගෙවීමට බල කල හැක].
7. මේ අපරාධයෙන් හානියට පත් තැනැත්තන්ට හා දේපළ වලට හිමි විය යුතු වන්දි මුදල් තීරණය කිරීමෙන් අනතුරුව මෙම වගකිවයුතු සමාගම් දෙකේ අධ්‍යක්ෂ වරුන්ට එරෙහිව, ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වන සිද්දීකා සේනාරත්න, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී එම් එස් දිසානායකට එරෙහිව, බන්දුල ගුණවර්ධන, ලසන්ත අලගියවන්න යන තැනැත්තන්ට එරෙහිව ඔවුන්ගේ පුද්ගලික දෙපලින් වන්දි ගෙවීමට බලකරමින් අධිකරණ ආඥාවක් නිකුත් කිරීම
මෙවැනි නඩු පැවරිය යුත්තේ කොහෙත්ම මහජන අයිතිය බලගැන්වීම වෙනුවෙන් පෙනී සිටින නාගානන්ද නොව ජනරජයේ නීතිපති විසිනි. නමුත් මේ අවස්ථාව වනවිට ශ්‍රී ලංකාව අවනීතිය රජ කරන රටක් වී අවසන්ය. ඒ රටේ නීතිපති පෙනී සිටින්නේ අපරාධ වලට වගකිව යුතු අපරාධකරුවන් ආරක්ෂා කිරීමටය. මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් තිදෙනෙකු විසින් ජනරජයේ නීතිපතිට එරෙහිව පසුගියදා (2021දෙසැම්බර් 01 වනදා) නීතිපති ධුරයේ වගකීම පිලිබඳව පැහැදිළි කිරීමක් කිරීමට සිදුවිය. ජනතාවගේ අධිකරණ බලය විශ්වාසය මත බලගන්වන අධිකරණයේ වගකීම ජනරජයේ පරම අධිකාරිය වන ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනීසිටීම බව පැහැදිළිව තේරුම් ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් තිදෙනෙක් විසින් (ජනක් ද සිල්වා, ඊ ඒ ජී ආර් අමරසේකර සහ කේ කේ වික්‍රමසිංහ) නීතිපතිට එරෙහිව ඔහුගේ වගකීම පැහැදිළි කරමින් නඩු (SC/FR /109/2021) තීන්දුවක් නිකුත් කරන ලදී. නීතිපතිගේ වගකීම දේශපාලන අධිකාරිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීම නොව දේශපාලන අධිකාරියේ ස්වාමීන් වන ජනරජයේ පරම අධිකාරිය වන ජනතාව වෙනුවෙන් පෙනී සිටීම බවත් එම ජනතාව නීතිපති වෙත පවරා ඇති ජනතාවගේ විධායක බලය අවභාවිතා නොකර ජනතාව නීතිපති ධුරය කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කරමින් ධුරයේ වගකීම බලගැන්වීම නීතිපතිගේ වගකීම බවත් එම නඩු තීන්දුවෙන් නීතිපතිට ඉතා පැහැදිළිව දක්වන ලදී.
නමුත් ශ්‍රී ලංකාවේ නීතිපති පෙනී සිටින්නේ පවතින රජයේ කුණු හොඳින් සෝදා විශ්‍රාම යාමට පෙර දේශපාලන අධිකාරියේ පිහිටෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් ලබාගැනීමටය. මෙම ගෑස් නඩුවේ පාරිභෝගික කටයුතු අධිකාරිය හා ප්‍රමිති කාර්යාංශය ආරක්ෂා කිරීමට පෙනී සිටින රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් වරියද එසේමය. 20 වන ව්‍යවස්ථා සංශෝදනය පොහොට්ටුව ඉදිරිපත් කල අවස්ථාවේ නාගානන්ද ඇතුළු මහජන අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් රැසක් එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කරන ලද අවස්ථාවේ එම අතිරේක සොලිසිටර් ජනරාල් වරිය පෙනී සිටියේ ජනරජයේ ජනතාවගේ අධිකරණ බලය සෘජුව බලගැන්වීමේ වගකීම පැවරී ඇති අධිකරණයේ ස්වාධීනත්වය අහෝසි කර අධිකරණය විධායක ජනාධිපති හමුවේ දන ගැස්වීම සඳහා බවද මෙහිදී මේ රටේ පුන්නක්කු පානයට දැඩි ගිජු කමක් දක්වන මිත්‍යාවෙන් අන්ධවූ බහුතර ජනතාවට අනවාරණය කල යුතුය.
නමුත් එම ගෞරවාන්විත විනිසුරන් තිදෙනා විසින් පැහැදිළි කරන ලද ආකාරයේ පාර්ලිමේන්තුවට, විධායක ජනාධිපතිට හා අධිකරණයට ඉහලින් සිටින ජනතාව සතු ජනතා පරමාධිපත්‍ය බලය බලගැන්වීම තම වගකීම බව තේරුම්ගත් නීතිපතිවරුන් සිටින්නේ ජනසම්මතවාදය පැහැදිළිව බලගැන්වෙන රටවල පමණි. ශ්‍රී ලංකාව එවැනි රටක් නොවේ.
මෙහි ක්‍රියාත්මක වන්නේ අපරාධකරුවන් 225+1 ක් විසින් අධිකරණය දෙපයින් පාගගන නීතියේ ආධිපත්‍ය යටපත් කර ක්‍රියාත්මක වන අතිශන් දුෂිත දේශපාලන ක්‍රමවේදයකි. ජනරජයේ පරම අධිකාරිය වන ජනතාවට පොල් ලෙල්ලක් තරමටවත් සැලකීමක් මෙහි නැත. 225+1 හමුවේ දනින් වැටෙන බරපතළ ලෙස මිත්‍යා දෘෂ්ඨියෙන් අන්ධවූ මේ රටේ 'බහුතරයට' ඒ පිලිබඳ අබමල් රේණුවක අවභෝධයක් නැත. එසේ නොවන්න පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූ, ඕනෑම අවස්ථාවක මහජන අයිතිය අවභාවිතා කරන ඕනෑම අයකුට එරෙහිව තරාතිරම නොබලා මහජන අයිතිය සෘජුව බලගන්වන නාගානන්දට චන්ද 1921 ක් ලබා දී හොඳම අපරාධ චෝදනා ලබා ඇති චුදිතයන් ටික (ජනාධිපති ඇතුළුව) තෝරා පාර්ලිමේන්තුවට යවන්නේ නැත. ප්‍රඥාවන්තයන් වූ එම පුරවැසියන් 1921 දෙනා වෙනුවෙන් නාගානන්ද එකෙත් මෙතෙක් සතේක ලාභයක් වාසියක් අපේක්ෂා නොකර ඉටු කර ඇති සේවය කුණු කෑමෙන් තොර ලොවක් නොදකින 225+1 ට කිසිදා ඉටු කිරීම පමනක් නොවේ එසේ සිතීමටවත් පුළුවන් කමක් නැත.
FB