Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුපුරා යන ගැහැණු !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුපුරා යන ගැහැණු !

පුපුරා යන ගැහැණු !

සැමියා මිය ගිය පසු දරු දෙදෙනෙකුගේ බර දරාගෙන ඈ ජීවත් වූයේ, කම්කරුවෙක් ලෙස ඇය යම් ආයතනයක සේවය කර ගන්නා වැටුපෙනි. සැමියා රෝගීව සිටි නිසා යම් කාලයක් ඔවුන් දැඩි කරදර මධ්‍යයයේ ජීවත් වුණ බව පැවසුවේ මෙහි ඉන්නා අතර ය.

ණය කාරයන් ගෙදරට හොයාගෙන එද්දී , අවටින් පීඩනය දැඩිව දැනෙද්දී උදව් කරන්න නෑ සියන් හෝ කිසිවෙක් නො ආ බව පවසයි.

"හිස ඇතුලෙන් මට කීවේ දරුවොත් මරලා මාත් මැරෙන එක තමයි විසඳුම" කියලා.

ඇය පැවසුවා මතක ය. එවන් කිහිප දෙනෙක් පැවසුවේ එලෙස ය.

මේ අම්මා සියළු කරදර මධ්‍යයයේ ආතතිය දරා ගැන්මට නොහැකිව, විෂාධියෙන් පෙළෙන්නට වී (depression) තිබුනත්, ගේ දොර පිරිසිඳු නොකර, ඔහේ බලාගත් අත බලාගෙන කා සමගවත් කතාවක් නැතිව දින ගණන් ගත කළත්, කුඩා වයසේ සිටින දරු දෙනාට කෑමක් වත් උයා නොදී සිටියත් ඔවුන් ගැන විමසිලිමත් වූ කෙනෙක් නොවීය. නිවසේ ජලය එක් රැස් වන ටැංකියට වතුර පුරවන විට අවට නිවසක ගැහැණියක් විමසිලිමත් වුන නිසා, ඇයට දකින්න ලැබුනේ ටැංකිය තුලට දමා සිටි කුඩා දරුවන් දෙදෙනා ය. මෙවැනි කතා හමුවන ප්‍රථම වතාව මෙය නොවේ. අවසාන වතාවද මෙය නොවන බව දනිමි.

ඉන්පසු රෝහලට පැමිණි නෑසියන් දරුවන්ගේ භාරකාරත්වය ලබා ගත් අතර, ජීවිත හානියකින් තොරව ප්රශ්නය විසඳන්න , මනෝ ව්‍යාධියට පත් වූ මවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ඔවුන්ට අවශ්‍ය සමාජ සහයෝගයද ලබා දෙන්නට පුළුවන් විනි.

අසල් වාසී ස්ත්‍රිය විමසිලිමත් නොවුනේ නම් අර අම්මා දරු දියේ ගිල්වා,ඇය ගෙලවැලලාගෙන මිය යන්නට තිබිණි. මේ අවුරුදු ගණනාවකට කලියෙන් සිදුවූවකි.

එනිසා මම මේ කතාව ලියන්නට සිතුවෙමි. එහෙත් මේ මතකයන් දැඩිව සිත කම්පනය කරවන සුළු ය.

දින කිහිපයකට කළින් එවැනිම ඛේදවාචකයක් කඳුළින් නිමා වී තිබිණි. මෙවැනි සිදුවීම් ඕනෑ තරම් වේ. ඔබට මතක ඇති මින් පෙර ද වස බී දරුවන්ටද වස පෙවූ මව්වරු ගැන මා ලීවා, මේ අම්මලා සහ ඉහත කියූ දසුන් කිහිපය නැවත නැවත මගේ මනසේ ඇඳෙන්නට වුනේ.... පසුගිය දා යාපනය ප්‍රදේශයේ සිදුවීමක් නිසා ය.

ප්රශ්නය අපට සිදු නොවුණු නිසා අපිට දැනෙන ප්‍රමාණය වෙනස් ද ?

මරණය අද්දර සිටින්නන් බේරා ගැනීමට කතා කරන්නේ බොහෝ විට මනෝ වෛද්‍ය ඒකකය වෙත ය. බොහෝ විට මේ සියල්ල අප සිතට වෙහෙසකර ය. එහෙත් ඔවුන් අපව බොහෝ දුරට විශ්වාස කරන නිසා, වෙදනලාව කරේ එල්ලාගෙන ගම්මානවලටද යෑමට සිදුවූ අවස්ථා ද, උස බිල්ඩිම් වල ඉහළ මාලයට නැග යනන්ට සිදුවූ අවස්ථාද විය.

එක්වරක් බන්ධනාගාරයක සිර මැදිරියට පවා අප කිහිප දෙනෙක්ට යෑමට සිදුවුනේ, මාරාන්තික උපවාසයෙහි යෙදෙන්නවුන් කිහිප දෙනෙක් කැමති කරවාගෙන රෝහල් ගත කිරීමටයි.

ආපසු පැමිණි පසු, අපව එහි යැවීම ගැන වෙනම දෝස් මුරයක් ඉහළට ලැබුණු නමුත්, අවසන ඔවුන් රෝහල්ගත කිරීමට අපට හැකි විය.

මේ සියල්ල අප හිතත් වෙහෙසකර කරනවා. මිනිසුන්ට ජීවත් වීම ගැන කියා දෙන්නත්, ජීවිතයේ අගය ගැන "ලොරි ටෝක්" දෙන්නත් අපට හැකි වුනාට, ඔවුන්ගේ ප්‍රශ්න හෝ දුක් කන්ද විසඳන්න ක්‍රමයක් අප දන්නේ නැති නිසා අපව කම්පනයට පත් කරනවා. මේ සියල්ල තාවකාලික පැලැස්තර වේ.

එක්තරා රෝහලක අම්මා කෙනෙක් අලුත උපන් බිළිඳාව හුස්ම හිර කර මරා දමලා කියා පුවත් පතක වාර්ථා කළේ පසු ගිය අවුරුද්දකය. අළුත උපන් බිළිඳා මහ මග දමා යන්නේ මෙහෙව් රටේ ය.

සමාජ ප්‍රශ්න, ගෙදර දොර ප්‍රශ්න , සහ සැමියන්ගේ හෝ නෑසියන්ගේ ප්‍රශ්න හමුවේ ඔළුව අවුල් නොවී ඉන්නේ කෙසේ දැයි මගෙන් ප්‍රශ්න කළ අම්මාවරුන් මට මතකයට නැගේ.

මානසික රෝග හෝ depression හෙවත් විෂාධිය ගැන නොදන්නා රටක, අම්මාට බනින මිනිසුන් වැඩි ය. කලක් මා සේවය කළේ ප්‍රසව හා නාරි ඒකකයකය... අලුත උපන් බිළිඳුන් සහ මව්වරුන් සිටින post natal care unit , පසු ප්‍රසව වාට්ටුව, පුදුමාකාර ආතතියක් ගෙන දෙන වැඩ බිම කි. කිරි බොන්නේ නැතැයි වෙනම මව්වරුන් පිරිසක් කළබලයෙනි, දරුවන් කහ වෙතැයි තවත් ප්රශ්නයකි, ඒ එක්කම දුකෙන් හෝ විස්සෝපයෙන් සිටින මව්වරුන් ද වෙති. ඇත්තටම ඊට කලින් කිරි හිරවී මිය ගිය දරුවෙක් සහ අම්මා කෙනෙක්ට යට වී එලොව ගිහින් මෙලොව ආ දරුවෙක් වැනි අවස්ථා කිහිපයක් තිබුණි.

සාමාන්‍යයෙන් දරුවෙක් ලැබෙන්න සිටින අවස්ථාවේ සහ ඉන් පසු හෝමෝන අඩු වැඩි වීම් නිසා හැඟීම් සහ දැනීම් දරා ගැනීමට අපහසු තත්වයක් ඇති කළ හැක. එහිදී ඇතිවන සංකූලතා, වේදනා නිසාද මවක් සිටින්නේ ප්‍රකෘති තත්වයක නොවේ. ඇගේ මනස වෙහෙස සහ නින්ද නැති කම නිසා කලබලයට, ආතතියට පත් වීම නොවැලැක්විය හැකිය.

තනිව හෝ වෙන වෙනම නිහඬ අරගලයක යෙදී සිටීමෙන් හෙම්බත් වන අම්මලා, උදව් ඉල්ලද්දී...ඒ ගැන සැලකිලිමත් වන සමාජයක් ඇති කරන්නේ කවදා ද ?

රටක පැවැත්ම එහි ජීවත් වෙන රට වැසියාගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා සුබ දායක වන ලෙස අප වෙනස් කරගන්නේ කෙසේ ද?

සමාජය තුලින්ම අරගලයේ යෙදෙන, තනිවන, ආතතියට, විෂාධියට ලක්වන පිරිස කෙරේ සංවේදී වන සහයෝගී යාන්ත්‍රණයක් සැකසෙන්නේ කෙසේ ද? මම විමතියෙන් බලා සිටින්නෙමි.

ගැහැණියක හෝ මිනිසෙක් වේවා, පවතින ආර්ථික සාමාජීය ගැටළු සහ අවපාතයන් සේරමත් සමග වගකීම් සහිත බැරෑරුම් රැකියාවක් කරද්දී මනසට අත් වන ආතතිය බොහෝය.

හිත සැහැල්ලු කරවන, හෝ වෙහෙස නිවන පොඩි කාලයක් හෝ දවසකට තිබේනම් මව්වරුන්ගේ මනස නිරවුල් ව තබා ගැනීමට හැකිවෙනු ඇත.

මව්වරුන් මෙලෙස දරුවන් හා දිවි නහගන්නා තත්වයට පත් වන්නේ නම් එය කොයි තරම් බරපතල කාරණයක් දැයි සමාජයක් වශයෙන් අපට දැනිය යුතු ය.

තනිව වෙහෙසෙන මව්වරුන් බොහෝ ය. බොහෝ විට සිදුවෙන්නේ... ඇය ගේ කාර්යය කළ යුතු, වගකීම් , යුතුකම්, හැමෝම කරනවා, ඉතින් ඔබත් කළ යුතුයි, කියා තවත් තෙරපීමයි.

සියල්ල ඉවසාගෙන කරනවා ඇරෙන්න විසඳුමක් නොදෙන සමාජයක අවසන ඔවුන් පුපුරා යෑමට ඉඩ ඇත. විමසිලිමත් වෙන්න , ඇයට උදව් කරන්න !

ස්වාමියා මිය යෑම,රැකියා විරහිත භාවය, කණස්සලු ස්වභාවය වැනි මේ කරුණු ගැන වඩා විවෘතව කතා කළ හැකි තැනක් හෝ ක්‍රමයක් අපට තිබිය යුතුය. තමන්ගේ සේවා ස්ථානයේ වැඩ කරන අය සඳහා, මනෝ වෛද්‍ය උපදෙස් සහ තක්සේරු කිරීම් සිදු කළ යුතුය. සමාජයේ හෝ ප්‍රදේශයේ, ක්ෂේත්‍ර රැකියාවෙහි නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා, ප්‍රදේශය බාර ප්‍රාදේශීය සෞඛ්‍ය සායනයේ වෛද්‍ය සායනය වෙත සියලු පවුල් වල ඇති ප්‍රශ්න සහ ගැටළු ගැන දැන ගැන්මට ලැබෙන යාන්ත්‍රණයක් ඇති කළ යුතුය. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පිරිස් ගැන, අහිතකර පරිසර වල ජීවත් වන අය ගැන , ඔවුන්ගේ මානසික ගැටළු සහ සාමාජීය ගැටළු ගැන මීට වඩා සොයා බැලිය යුතුය.

සමාජය මනෝ වෛද්‍ය ගැටළු සහ ඒවාට සහයෝගය සොයා යන්න ඔවුන්ගේ හිතේ මනෝ ව්‍යාධි ගැන ඇති භීතිකාව ඉවත් කළ යුතුය. එවිට මානසික ගැටළු හංගා ගැනීමට වෙර දරන භාවය අඩු වෙනු ඇත.

දරා ගැනීම් අපහසුම කාලයක අපි උනුන් වෙනුවෙන් දරා ගැනීමට වෙහෙසිය යුතුය

ඩැමේජ් වෙන්නේ ආටිස්ට්ලා විතරක් නොවේ... ඊට වඩා කම්පන සහිත සංසිද්ධීන් වලට මැදිහත් වන පිරිස බොහෝමයි. තත්‍ය ජීවිතවල දැනෙන කම්පනයන් දරා ගැනීම බොහෝ සෙයින් අමාරු කාර් යයක් වී අවසන පුපුරා යන ගැහැණු පිරිමි කොතෙකුත් හමුවේ. ඇතැම් අය ගැන කාලයක් කතා කර නිහඬවන සමාජයක පිපිරීම් මැද නොපිපිරී ඉන්න උත්සහ කරන්නේ කොහොමදැයි මම සිතමි.

Many Thanks and Credit should convey to the author of this blog

Sorry for unauthorized sharing

https://anithkona.blogspot.com/2017/10/blog-post_62.html

[QUOTE="rangana26, post: 22433399, member: 461943"] [b]පුපුරා යන ගැහැණු ![/b] [SIZE="4"][COLOR="Blue"]පුපුරා යන ගැහැණු ! සැමියා මිය ගිය පසු දරු දෙදෙනෙකුගේ බර දරාගෙන ඈ ජීවත් වූයේ, කම්කරුවෙක් ලෙස ඇය යම් ආයතනයක සේවය කර ගන්නා වැටුපෙනි. සැමියා රෝගීව සිටි නිසා යම් කාලයක් ඔවුන් දැඩි කරදර මධ්‍යයයේ ජීවත් වුණ බව පැවසුවේ මෙහි ඉන්නා අතර ය. ණය කාරයන් ගෙදරට හොයාගෙන එද්දී , අවටින් පීඩනය දැඩිව දැනෙද්දී උදව් කරන්න නෑ සියන් හෝ කිසිවෙක් නො ආ බව පවසයි. "හිස ඇතුලෙන් මට කීවේ දරුවොත් මරලා මාත් මැරෙන එක තමයි විසඳුම" කියලා. ඇය පැවසුවා මතක ය. එවන් කිහිප දෙනෙක් පැවසුවේ එලෙස ය. මේ අම්මා සියළු කරදර මධ්‍යයයේ ආතතිය දරා ගැන්මට නොහැකිව, විෂාධියෙන් පෙළෙන්නට වී (depression) තිබුනත්, ගේ දොර පිරිසිඳු නොකර, ඔහේ බලාගත් අත බලාගෙන කා සමගවත් කතාවක් නැතිව දින ගණන් ගත කළත්, කුඩා වයසේ සිටින දරු දෙනාට කෑමක් වත් උයා නොදී සිටියත් ඔවුන් ගැන විමසිලිමත් වූ කෙනෙක් නොවීය. නිවසේ ජලය එක් රැස් වන ටැංකියට වතුර පුරවන විට අවට නිවසක ගැහැණියක් විමසිලිමත් වුන නිසා, ඇයට දකින්න ලැබුනේ ටැංකිය තුලට දමා සිටි කුඩා දරුවන් දෙදෙනා ය. මෙවැනි කතා හමුවන ප්‍රථම වතාව මෙය නොවේ. අවසාන වතාවද මෙය නොවන බව දනිමි. ඉන්පසු රෝහලට පැමිණි නෑසියන් දරුවන්ගේ භාරකාරත්වය ලබා ගත් අතර, ජීවිත හානියකින් තොරව ප්රශ්නය විසඳන්න , මනෝ ව්‍යාධියට පත් වූ මවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ඔවුන්ට අවශ්‍ය සමාජ සහයෝගයද ලබා දෙන්නට පුළුවන් විනි. අසල් වාසී ස්ත්‍රිය විමසිලිමත් නොවුනේ නම් අර අම්මා දරු දියේ ගිල්වා,ඇය ගෙලවැලලාගෙන මිය යන්නට තිබිණි. මේ අවුරුදු ගණනාවකට කලියෙන් සිදුවූවකි. එනිසා මම මේ කතාව ලියන්නට සිතුවෙමි. එහෙත් මේ මතකයන් දැඩිව සිත කම්පනය කරවන සුළු ය. දින කිහිපයකට කළින් එවැනිම ඛේදවාචකයක් කඳුළින් නිමා වී තිබිණි. මෙවැනි සිදුවීම් ඕනෑ තරම් වේ. ඔබට මතක ඇති මින් පෙර ද වස බී දරුවන්ටද වස පෙවූ මව්වරු ගැන මා ලීවා, මේ අම්මලා සහ ඉහත කියූ දසුන් කිහිපය නැවත නැවත මගේ මනසේ ඇඳෙන්නට වුනේ.... පසුගිය දා යාපනය ප්‍රදේශයේ සිදුවීමක් නිසා ය. ප්රශ්නය අපට සිදු නොවුණු නිසා අපිට දැනෙන ප්‍රමාණය වෙනස් ද ? මරණය අද්දර සිටින්නන් බේරා ගැනීමට කතා කරන්නේ බොහෝ විට මනෝ වෛද්‍ය ඒකකය වෙත ය. බොහෝ විට මේ සියල්ල අප සිතට වෙහෙසකර ය. එහෙත් ඔවුන් අපව බොහෝ දුරට විශ්වාස කරන නිසා, වෙදනලාව කරේ එල්ලාගෙන ගම්මානවලටද යෑමට සිදුවූ අවස්ථා ද, උස බිල්ඩිම් වල ඉහළ මාලයට නැග යනන්ට සිදුවූ අවස්ථාද විය. එක්වරක් බන්ධනාගාරයක සිර මැදිරියට පවා අප කිහිප දෙනෙක්ට යෑමට සිදුවුනේ, මාරාන්තික උපවාසයෙහි යෙදෙන්නවුන් කිහිප දෙනෙක් කැමති කරවාගෙන රෝහල් ගත කිරීමටයි. ආපසු පැමිණි පසු, අපව එහි යැවීම ගැන වෙනම දෝස් මුරයක් ඉහළට ලැබුණු නමුත්, අවසන ඔවුන් රෝහල්ගත කිරීමට අපට හැකි විය. මේ සියල්ල අප හිතත් වෙහෙසකර කරනවා. මිනිසුන්ට ජීවත් වීම ගැන කියා දෙන්නත්, ජීවිතයේ අගය ගැන "ලොරි ටෝක්" දෙන්නත් අපට හැකි වුනාට, ඔවුන්ගේ ප්‍රශ්න හෝ දුක් කන්ද විසඳන්න ක්‍රමයක් අප දන්නේ නැති නිසා අපව කම්පනයට පත් කරනවා. මේ සියල්ල තාවකාලික පැලැස්තර වේ. එක්තරා රෝහලක අම්මා කෙනෙක් අලුත උපන් බිළිඳාව හුස්ම හිර කර මරා දමලා කියා පුවත් පතක වාර්ථා කළේ පසු ගිය අවුරුද්දකය. අළුත උපන් බිළිඳා මහ මග දමා යන්නේ මෙහෙව් රටේ ය. සමාජ ප්‍රශ්න, ගෙදර දොර ප්‍රශ්න , සහ සැමියන්ගේ හෝ නෑසියන්ගේ ප්‍රශ්න හමුවේ ඔළුව අවුල් නොවී ඉන්නේ කෙසේ දැයි මගෙන් ප්‍රශ්න කළ අම්මාවරුන් මට මතකයට නැගේ. මානසික රෝග හෝ depression හෙවත් විෂාධිය ගැන නොදන්නා රටක, අම්මාට බනින මිනිසුන් වැඩි ය. කලක් මා සේවය කළේ ප්‍රසව හා නාරි ඒකකයකය... අලුත උපන් බිළිඳුන් සහ මව්වරුන් සිටින post natal care unit , පසු ප්‍රසව වාට්ටුව, පුදුමාකාර ආතතියක් ගෙන දෙන වැඩ බිම කි. කිරි බොන්නේ නැතැයි වෙනම මව්වරුන් පිරිසක් කළබලයෙනි, දරුවන් කහ වෙතැයි තවත් ප්රශ්නයකි, ඒ එක්කම දුකෙන් හෝ විස්සෝපයෙන් සිටින මව්වරුන් ද වෙති. ඇත්තටම ඊට කලින් කිරි හිරවී මිය ගිය දරුවෙක් සහ අම්මා කෙනෙක්ට යට වී එලොව ගිහින් මෙලොව ආ දරුවෙක් වැනි අවස්ථා කිහිපයක් තිබුණි. සාමාන්‍යයෙන් දරුවෙක් ලැබෙන්න සිටින අවස්ථාවේ සහ ඉන් පසු හෝමෝන අඩු වැඩි වීම් නිසා හැඟීම් සහ දැනීම් දරා ගැනීමට අපහසු තත්වයක් ඇති කළ හැක. එහිදී ඇතිවන සංකූලතා, වේදනා නිසාද මවක් සිටින්නේ ප්‍රකෘති තත්වයක නොවේ. ඇගේ මනස වෙහෙස සහ නින්ද නැති කම නිසා කලබලයට, ආතතියට පත් වීම නොවැලැක්විය හැකිය. තනිව හෝ වෙන වෙනම නිහඬ අරගලයක යෙදී සිටීමෙන් හෙම්බත් වන අම්මලා, උදව් ඉල්ලද්දී...ඒ ගැන සැලකිලිමත් වන සමාජයක් ඇති කරන්නේ කවදා ද ? රටක පැවැත්ම එහි ජීවත් වෙන රට වැසියාගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා සුබ දායක වන ලෙස අප වෙනස් කරගන්නේ කෙසේ ද? සමාජය තුලින්ම අරගලයේ යෙදෙන, තනිවන, ආතතියට, විෂාධියට ලක්වන පිරිස කෙරේ සංවේදී වන සහයෝගී යාන්ත්‍රණයක් සැකසෙන්නේ කෙසේ ද? මම විමතියෙන් බලා සිටින්නෙමි. ගැහැණියක හෝ මිනිසෙක් වේවා, පවතින ආර්ථික සාමාජීය ගැටළු සහ අවපාතයන් සේරමත් සමග වගකීම් සහිත බැරෑරුම් රැකියාවක් කරද්දී මනසට අත් වන ආතතිය බොහෝය. හිත සැහැල්ලු කරවන, හෝ වෙහෙස නිවන පොඩි කාලයක් හෝ දවසකට තිබේනම් මව්වරුන්ගේ මනස නිරවුල් ව තබා ගැනීමට හැකිවෙනු ඇත. මව්වරුන් මෙලෙස දරුවන් හා දිවි නහගන්නා තත්වයට පත් වන්නේ නම් එය කොයි තරම් බරපතල කාරණයක් දැයි සමාජයක් වශයෙන් අපට දැනිය යුතු ය. තනිව වෙහෙසෙන මව්වරුන් බොහෝ ය. බොහෝ විට සිදුවෙන්නේ... ඇය ගේ කාර්යය කළ යුතු, වගකීම් , යුතුකම්, හැමෝම කරනවා, ඉතින් ඔබත් කළ යුතුයි, කියා තවත් තෙරපීමයි. සියල්ල ඉවසාගෙන කරනවා ඇරෙන්න විසඳුමක් නොදෙන සමාජයක අවසන ඔවුන් පුපුරා යෑමට ඉඩ ඇත. විමසිලිමත් වෙන්න , ඇයට උදව් කරන්න ! ස්වාමියා මිය යෑම,රැකියා විරහිත භාවය, කණස්සලු ස්වභාවය වැනි මේ කරුණු ගැන වඩා විවෘතව කතා කළ හැකි තැනක් හෝ ක්‍රමයක් අපට තිබිය යුතුය. තමන්ගේ සේවා ස්ථානයේ වැඩ කරන අය සඳහා, මනෝ වෛද්‍ය උපදෙස් සහ තක්සේරු කිරීම් සිදු කළ යුතුය. සමාජයේ හෝ ප්‍රදේශයේ, ක්ෂේත්‍ර රැකියාවෙහි නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා, ප්‍රදේශය බාර ප්‍රාදේශීය සෞඛ්‍ය සායනයේ වෛද්‍ය සායනය වෙත සියලු පවුල් වල ඇති ප්‍රශ්න සහ ගැටළු ගැන දැන ගැන්මට ලැබෙන යාන්ත්‍රණයක් ඇති කළ යුතුය. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පිරිස් ගැන, අහිතකර පරිසර වල ජීවත් වන අය ගැන , ඔවුන්ගේ මානසික ගැටළු සහ සාමාජීය ගැටළු ගැන මීට වඩා සොයා බැලිය යුතුය. සමාජය මනෝ වෛද්‍ය ගැටළු සහ ඒවාට සහයෝගය සොයා යන්න ඔවුන්ගේ හිතේ මනෝ ව්‍යාධි ගැන ඇති භීතිකාව ඉවත් කළ යුතුය. එවිට මානසික ගැටළු හංගා ගැනීමට වෙර දරන භාවය අඩු වෙනු ඇත. දරා ගැනීම් අපහසුම කාලයක අපි උනුන් වෙනුවෙන් දරා ගැනීමට වෙහෙසිය යුතුය ඩැමේජ් වෙන්නේ ආටිස්ට්ලා විතරක් නොවේ... ඊට වඩා කම්පන සහිත සංසිද්ධීන් වලට මැදිහත් වන පිරිස බොහෝමයි. තත්‍ය ජීවිතවල දැනෙන කම්පනයන් දරා ගැනීම බොහෝ සෙයින් අමාරු කාර් යයක් වී අවසන පුපුරා යන ගැහැණු පිරිමි කොතෙකුත් හමුවේ. ඇතැම් අය ගැන කාලයක් කතා කර නිහඬවන සමාජයක පිපිරීම් මැද නොපිපිරී ඉන්න උත්සහ කරන්නේ කොහොමදැයි මම සිතමි. [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Red"][COLOR="Green"]Many Thanks and Credit should convey to the author of this blog Sorry for unauthorized sharing [URL="https://anithkona.blogspot.com/2017/10/blog-post_62.html"]https://anithkona.blogspot.com/2017/10/blog-post_62.html[/URL][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom