පොලිසිය විසින් කරන වැටලීම් හෝ පොලිසිය ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ ස්ථානවල කරන මෙහෙයුම් හෝ සමාජයේ සිදුවන සිදුවීම් හෝ වීඩියෝ කිරීමට කිසිදු තහනමක් නැති බව වැඩබලන පොලිස්පති විසින් දන්වනු ලැබ ඇත.
මේ බව පැහැදිලි කරන වගන්තියක් සාක්ෂි විධිවිධාන සංග්‍රහයේ ද තිබෙන බව දැන ගන්නට තිබේ. පසුගිය දිනක ලොහාන් රත්වත්තේගේ ආරක්ෂක රියක් අනතුරකට ලක්වීම දුරකථනය මගින් වීඩියෝගත කිරීමට තැත් කළ තරුණයකු නිසා වාරියපොල පොලිසියේ ට්‍රැෆික් ඕ.අයි.සී. මහතා අමුඩයක් නැතිවම ප්‍රසිද්ධියේ නාගත්තේය. ලොකුම ප්රශ්නය වුණේ මෙතුමා ඇඟේ සබන් ගෑ පසු වතුර ඉවර වීමය. තරුණයාගේ වීඩියෝගත කිරීම නැවැත්වූ ට්‍රැෆික් ඕ. අයි. සී. තමා එපා කියන විට එම එපා කියන දෙයින් සියලු දෙනා වැළකී සිටිය යුතු බව සඳහන් කළේය. ඉන් පසු අදාළ තරුණයා පොලිසියට ගෙන යන ලදි. ඔහුට අවවාද කර නිදහස් කෙරිණ. සමහර විට මේ පොලිසියේ ප්‍රධාන ඕ.අයි.සී. මහතා සාක්ෂි විධිවිධාන සංග්‍රහය කියවූ අයකු වන්නට පුළුවන. ලොහාන් රත්වත්තේගේ සිද්ධිය සම්බන්ධයෙන් කළ වීඩියෝගත කිරීම චෝදනාවක් හැටියට යොදාගෙන තරුණයා කූඩුවට දැම්මේ නම් තමන්ට ද නාන්නට සිදුවන බව ඕ.අයි.සී. ට කල්පනා වන්නට ඇති. මේ තරුණයා ගැන වාරියපොල පොලිස් පැමිණිලි පොතේ වචනයක්වත් සටහන් කර නැති බව අපගේ දැනුම ය. යම් හෙයකින් ඔහු ගැන සටහනක් දැමුවේ නම් එම සටහන ලියාගත් එකාට පවා ගස් යෑමට සිදුවන්නේය.
පොලිසියේ ඇතැම් රාලහාමිලා මෙන්ම සාජන්ලාත්, එස්. අයි. ලාත් නීතිය නොදනිති. හැබැයි සාමාන්‍යයෙන් ට්‍රැෆික් පොලිස් නිලධාරීහු ඉතා හොඳින් නීතිය දනිති. මෝටර් රථ ආඥා පනතේ වගන්ති පිටින් ඔවුන්ට මතක ය. කිසියම් පුද්ගලයෙක් වාහනවලට අදාළ වරදක් සිදු කළ විට ට්‍රැෆික් රාලහාමිලා එම වරදට අදාළව නීති පොතේ ඇති වගන්තියත් එයට අනුරූප දඬුවමත් කටපාඩමින්ම කියති. සමහර දඬුවම්වලට ඉතා අඩු ගාස්තු පැනවීමට සිදුවීම ගැන ද ඔවුහු පෞද්ගලිකව කනගාටු වෙති. වාරියපොල ට්‍රැෆික් ඕ.අයි.සී. නාන්නේ මෙවැනි පසුබිමක් තිබිය දීය. වැඩබලන පොලිස්පති කියන පරිදි මෙවැනි රූපගත කිරීම් පසු කාලයේ දී නඩු විභාගවල සාක්ෂි සඳහා වුවද යොදා ගැනීමට පුළුවන. උදාහරණයක් වශයෙන් සී.සී.ටී.වී. කැමරා දර්ශන නඩුවල සාක්ෂි වශයෙන් යොදා ගන්නා අවස්ථා තිබේ. හැබැයි මේ රටේ පොලිස්පතිගෙන් පොලිස්පතිට නීතිය වෙනස්වීම ද ප්රශ්නයකි. මීට කලකට පෙර ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ සිටි පොලිස් ලොක්කෝ වැටලීම් සඳහා ටී. වී. කට්ටිය රැගෙන යෑම වරදක් බව කියමින් එසේ කිරීම නවත්වා දැමූහ. අපගේ වැටහීම නම් එම ක්‍රියාව සිදු කළ පොලිස් නිලධාරීන්ට සාක්ෂි සංග්‍රහය ගැන දැනුමක් නැති බවය. තාක්ෂණය යනු අපරාධ හෙළිදරව් කර ගැනීමට යොදා ගත හැකි ප්රමුඛ ආයුධයකි. මෙයට අවුරුදු 25 කට පෙර මේ රටේ පොලිසිය අපරාධකරුවන් සෙවීම සඳහා ඩී.එන්.ඒ. සාක්ෂි යොදා ගත්තේ නැත. එකල ලංකාව තුළ ඩී.එන්.ඒ. සාක්ෂි පරීක්ෂා කළ හැකි තාක්ෂණයක් තිබුණේ ද නැත. එහෙත් ඒ වනවිටත් එම තාක්ෂණය ඉන්දියාවේ තිබිණ. ඒ වනවිටත් ඉන්දියානු පොලිසිය අපරාධ හෙළිදරව් කර ගැනීම සඳහා ඩී. එන්. ඒ. සාක්ෂි යොදා ගනිමින් සිටියේය. ඩී. එන්. ඒ. සාක්ෂියක් යනු පරිවේෂණීය සාක්ෂියක් තුළ පවා තිබිය හැකි දෙයකි. පරිවේෂණීය සාක්ෂියක් (Circumstenial Evidence) යනු බොහෝ විට අප්‍රාණික දෙයකි.
මිනීමැරුමක් සිදුවුණු තැනක පිහියක්, රෙදි කඩක්, සෙරෙප්පු දෙකක් සහ ලේ බින්දු දෙකක් තිබූ පමණින් එම මිනීමැරුම විසඳා ගැනීමට නූතන තාක්ෂණයට හැකිය. පණ තියෙන අය ඒ වෙනුවෙන් සාක්ෂි දිය යුතු නැත. පොලිස් සුනඛයකු යොදා සෙරෙප්පු දෙකේ සහ රෙදි කැබැල්ලේ ඉව ලබාගෙන අපරාධකරු හඹා යෑමට පුළුවන. පිහියේ තිබෙන ඇඟිලි සලකුණු යොදාගෙන අපරාධකරු හඹා යෑමට පුළුවන. ලේ පැල්ලම්වල තිබෙන ඩී.එන්.ඒ. සාක්ෂි යොදාගෙන මිනීමරුවා හෝ මැරීමට ලක් වූ අය සොයා ගැනීමට පුළුවන. මේ අතරට පැමිණෙන අලුත්ම සාක්ෂිකරුවා සී.සී.ටී.වී. කැමරාව සහ ස්මාර්ට් දුරකථනය ය. සී.සී.ටී.වී. කැමරාව අපරාධකරු සෙවීමේ දී පොලිසියට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. එසේම ස්මාර්ට් ෆෝන් එකෙන් ගන්නා වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරීමෙන් අපරාධය සොයා ගැනීමට විශාල සහයක් ලබාගත හැකිය. දැනට අවුරුදු කිහිපයක පටන්ම ස්මාර්ට් ෆෝන් මගින් කරන රූපගත කිරීම් සාක්ෂි හැටියට යොදා ගනිමින් අපරාධකරුවන් පොලිස් අත්අඩංගුවට පත් වූ අවස්ථා තිබේ. නූතන ලෝකයේ පුරවැසි වාර්තාකරු යනුවෙන් සංකල්පයක් තිබේ. මේ සංකල්පයට අනුව ස්මාර්ට් ෆෝන් එකක් අතේ ඇති බුද්ධිමත් පුරවැසියකුට ඉතා හොඳ මාධ්‍යවේදියකු වීමට අවකාශ තිබේ. පුරවැසි මාධ්‍යවේදියා කළ යුතුව ඇත්තේ තමන් දකින අපරාධය හෝ සමාජ කලබලය හෝ කාන්තා අපහරණය හෝ ළමා අපහරණය අන්තර්ජාලයට මුදා හැරීම පමණි. එයින් ඉතා සුළු වේලාවකට පසු සිද්ධියට සම්බන්ධ අය ගැන පොලිසියට පැමිණිලි ගලා එන්නට පටන් ගනී. ස්මාර්ට් ෆෝන් එකක් යනු සෙල්ෆි ගැසීමට පමණක් යොදා ගත හැකි මෙවලමක් නොවන බව මෙමගින් තේරුම් ගත හැකිය. පුරවැසි මාධ්‍යවේදියාට මාධ්‍ය හැඳුනුම් පතක් අවශ්‍ය නැත. එසේම රස්සාව කරන මාධ්‍ය ආයතනයක් තිබිය යුතු ද නැත. ඒ සියලු දෙයින් විනිර්මුක්තව නිදහසේ වාර්තා කිරීමට ඔහුට පුළුවන. ඒ වාර්තාවේ අවසන් වාසිය සමාජයට ය.