copied: Don Supz
ඔය කඳු උඩ කොන්ක්‍රීට් අටවන ඒවා, පුරාවිද්‍යා වටිනාකමක් තියෙන ස්ථාන අත්තනෝමතිකව ප්‍රතිසංස්කරණය කරන්න යන ඒවායේ එහෙම මෙන්ශන් කරලා අහලා තියෙනවා මේවා හරි විදිහටද වෙන්නෙ, නීතියට අනුකූලවද වෙන්නේ වගේ ප්‍රශ්න. ඕක ගැන මට දෙන්න තියෙන්නෙ මේ උත්තරය.
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ආරක්ෂා කිරීමේදි මුලීක වශයෙන් පුරාවිද්‍යා ශාස්ත්‍රයට අනුව අනුගමනය කල හැකි ක්‍රමවේද තුනක් තියෙනවා. මේ ක්‍රමවේද තුනෙන් එකක් හෝ මිශ්‍ර ක්‍රමවේදයක් භාවිතා කරනවද නැද්ද කියන එක ඒ ඒ ස්ථානය අනුව වෙනස් වෙන දෙයක් වගේම අන්තර්ජාතික ප්‍රඥප්ති අනුව ඒ ඒ සංදර්භයට යොදාගන්න ක්‍රියා පිලිවෙතක්. මේ ක්‍රමවේද තුන තමයි.
1. Conservation (සංරක්ෂණය)
2. Restoration (ප්‍රතිසංස්කරණය)
3. Reconstruction (ප්‍රතිනිර්මාණය)
මේ ක්‍රමවේද භාවිතා කිරීමේදි පුරාවිද්‍යාඥයා ඉතාමත් සුපරික්ෂාකාරී විය යුතුයි එකී ස්ථාන/ගොඩනැගිලි/ද්‍රව්‍යවල පවතින ඓතිහාසික වැදගත්මට කිසිඳු හානියක් නොවන අයුරින් ක්‍රියාත්මක වීමට. නමුත් කිසිඳු හානියකින් තොරව ඔය වගේ දේවල් කරන්න බෑ. ඒකට හේතුව කැණීමක්, ප්‍රතිසංස්කරණයක්, ප්‍රතිනිර්මාණයක් කියන්නේ destructive method එකක්. ඒ කියන්නේ එහෙම කරද්දි ආයේ යථා ප්‍රකෘතියට නොගෙනා හැකි විනාශයක් ඒ ඒ ස්ථානවල සිදුවෙන නිසා. ඒ නිසා ඒවා අවම හානියක් ඇතුව සිදුකරන්න කටයුතු කිරීම තමයි වැදගත්. සමහර අවස්ථා තියෙනවා පුරාවිද්‍යාඥයො නිගමනය කරොත් වර්තමානයේ පවතින විද්‍යාත්මක දැනුම හා තාක්ෂණය අනුව වඩාත් ඵලදායී කැණීමක් සිදුකිරීමට නොහැකි බව, ඔවුන් කරන්නේ ඒ ස්ථාන තවදුරටත් කැණීම් නොකර අනාගතයට කැණීම්, පර්යේෂණ කිරීමට ඉතිරි කිරීම. ඊජිප්තු පිරමීඩ, ලංකාවේ ඇතැම් පුරාවිද්‍යාත්මක ස්ථාන මේ වගේ ඉතිරි කරපුවා තියෙනවා.
ඕක තවත් උදාහරණයකින් පැහැදිලි කරොත් 1922 දි තමයි හෝවර්ඩ් කාටර්, කානවන් සාමි ඇතුලු පිරිස ඊජිප්තුවේ තූතන්කමුන් රජුගේ සොහොන හොයාගන්නේ. නමුත් මේක ඇතුලේ සීල් වෙලා තිබුනු පරාග, ඇතැම් වාතාශ්‍ර අංශු 1922 දි පර්යේෂණයට ලක් කරන්න තරම් දියුණුවක් තිබුනේ නෑ. 1931 දි තමයි ඉලෙක්ට්‍රොන් අන්වීක්ෂය හොයාගන්නේ. හැබැයි 1922 දි සොහොන විවෘත කරද්දි එතෙක් සංරක්ෂණය වෙලා තිබුනු අංශු කෙලෙසීම (contaminate) වීම සිද්ධ වෙනවා. ප්‍රතිඵලය තමයි වඩාත් හොඳ තාක්ෂණය එක්ක පර්යේෂණයට ලක්කරන්න තිබුනු නිදර්ශක සදහටම අහිමි වීම. ඒ නිසා ඒවා පරිස්සමෙන් කරන්න ඕන දේවල්. තව ලෝකල් උදාහරණයක් දුන්නොත් දැන් ඔය රත්නපුර පැත්තේ පතල් වලින් ප්ලයස්ටොසීන යුගයේ ජීවත් වුන රයිනෝසිරස්, හිපෝ, විවිධ අලි විශේවල කොටස් හමුවෙනවනෙ. හැබැයි මේවා එලියට ගත්තම වෙන්නේ වාතාශ්‍රයට නිරාවරණය වෙලා පවතින සමතුලිතතාව බිඳ වැටිලා කුඩුවෙලා දුවිලි වෙලා යන එක. ඒවාට ප්‍රතිකර්ම කරන ක්‍රමවේද දන්නෙ නැති කෙනෙක්නන් ඒවා අනිවාර්යෙන්ම විනාශ වෙලා යනවා. වඩාත් හොඳ තාක්ෂණය වැදගත් වෙන්නෙ ඔය වගේ අවස්ථාවල.
ඔය උදාහරණ දුන්නේ පුරාවිද්‍යාවට අදාල සංරක්ෂණයක්, ප්‍රතිසංස්කරණයක් කියන්නේ සීනි බෝල වැඩක් නෙවෙයි කියන්න. ජේතවනාරාමය ප්‍රතිසංස්කරණය කරද්දි අදාල ගඩොල සහ බදාමය එකල පැවති පදම නිර්මාණය කරන්න, පුච්චන්න අවශ්‍ය උශ්ණත්වය දැනගන්න, විශ්ව විද්‍යාලවල ඉංජිනේරු අංශ සහය ඇතිව පර්යේෂණ කරලා තමයි වැඩේ කරේ. ඒක එහෙම නොවුනානන් ඒ වගේ මහා චෛත්‍යක බර දරාගන්න බැරුව නාය යනවා.
හැබැයි දැන් ඔය තැන තැන පෞරාණික චෛත්‍ය ප්‍රතිසංස්කරණ කියාගන්න ඒවයි, පැරණි සිද්ධස්ථානවල මුලින් අම්බලන් අටවන් පස්සේ බෞද්ධ ව්‍යාපාරික ස්ථාන නිර්මාණය කරගන්න ඒවයි පුරාවිද්‍යා ප්‍රතිසංස්කරණ නෙවෙයි. ඒවට කියන්නේ මොකක්ද කියලා මම ඇත්තටම දන්නෙ නෑ. හැබැයි මම දන්න දේ තමයි සමහර අවස්ථාවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා පණත ඔය වගේ අලුතෙන් අටවගන්න ගුබ්බෑයම්වල සුදු හුණු ගාන්න යොදාගන්න බව. ඒක කියවගන්න ඕන මේ රටේ තියෙන අධිපතිවාදී දේශපාලනය සහ ආගම එක්ක.
ඒක චුට්ටක් විතර නීතියෙන් විස්තර කරන්න පුළුවන්. 2015 අවුරුද්දේ මඩකලපුව සිත්තාන්ඩි ප්‍රදේශයේ පදිංචිකාරියක් වුන සින්නතම්බි උදයා ශ්‍රී ඒ වසරේ මාර්තු මාසයේදි දෙවසරකට සිරගත වෙනවා. හේතුව සීගිරි කැටපත් පවුරේ තමන්ගෙ නම කෙටීම. 2018 වර්ශයේදි පිදුරංගල සිට අඩනිරුවත් ඡායාරූපගතකරණය හේතුවෙන් තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට අරන් රක්ශිත බන්ධනාගාරගත කරනවා, හේතුව පුරාවස්තු ආඥා පනතේ 15 වගන්තියට පටහැනිව ක්‍රියා කිරීම යන චෝදනවා මත. 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන)
අනුව චෝදනා ගොනුකරාම 1997 අංක 3 දරන ඇප පනතේ 3(3) වගන්තිය අනුව ඇප ලබා දිය නොහැකි වරදක් ගනයේලා සලකනවා. මේ හේතුවෙන් අදාල තරුණයින් තිදෙනා රක්ශිත බන්ධනාගාරගතව සිට තමයි නැවත මේ ගැටලුවෙන් මිදෙන්න හැකිවෙන්නෙ.
2019 වර්ශයේදි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන තරුණයින් හත් දෙනෙක් කිරලාගල පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති නටබුන් දාගැබක් මත සිට ඒ කුමක්ද යන්න නොදැනුවත්ව ඡායාරූපක් ගන්නවා. 1940 පුරාවස්තු ආඥා පනතේ 31 (ආ) වගන්තිය ප්‍රකාරව චෝදනා ගොනුකොට ඔවුන් රක්ශිත බන්ධනාගාරගත කෙරෙනවා. විශ්වවිද්‍යාලයේ දක්ෂතම සිසුන් වුන මොවුන් බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ඔවුන්ගෙ අධ්‍යාපනයට පවා බාදා ඇතිවෙනවා.
මේ පුරාවස්තු ආඥා පනත සම්බන්ධයෙන් මෑත අතීතය තුල ප්‍රසිද්ධියට පත්වු සිදුවීම් කිහිපයක්. හැබැයි පුරාවිද්‍යා පණතට වන සංරක්ෂණ පනත් දෙකටම අදාල ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් සමහර චීවරධාරියො කඳු ගල් උඩ මේ මෑතකදි සිදුකරපු පුරාවිද්‍යා විකෘති සහ වන සංහාරවලට හුම් කියන්න එකෙක්වත් හිටියේ නෑ. ඒ උල්ලංඝනය කිරීම්වලට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහල නිළයන් කරේ (දේශපාලන අතපෙවීම් මතද යන්න නොදනිමි) ඒ ඒ දේවල් පසුකාලීනව සාධාරණීකරණය කිරීම සහ නීතියෙන් ආරක්ෂා කිරීම.
මේ ගැන ලංකාවේ ඇතැම් අය දරන ස්ථාවරය තමයි සිද්ධස්ථානවල ජීව ගුණය රැකගැනීමේ ආදීනව පුරාවිද්‍යා වටිනාකමට වඩා වැඳුම් පිඳුම් කරන්නන්ගේ අවශ්‍යතාවන්ට අවස්ථාව දිය යුතු බව. ඒ කතාවේ යම් වලංගුතාවක් තිබුනත් ඒ සඳහා යම් සීමාවන් සළකුනු විය යුතුයි. විවිධ පුද්ගල අවශ්‍යතා මත වැඳුම පිදුම් කිරීමේ නිදහස සහ අදාල ස්ථාන අවශ්‍ය පරිදි වෙනස් කිරීමේ හැකියාව ලබා දෙනවානම් ඒවායේ සීමා ඉර සටහන් විය යුත්තේ කොතනද ? පුරාවිද්‍යාව සීමා විය යුත්තේ කොතනද ? මේ ප්‍රශ්නවලට පිළිතුරු, අර්ථනිරූපන නිවැරදිව සටහන් කර නොගන්නා තෙක් අතිශයින්ම වැදගත්, වටිනාකමක් සහිත ස්ථාන විවිධ තක්කඩින්ගේ අවශ්‍යතාවන්ට විනාශ වීම නොවැලැක්විය හැකි කාරණයක්. එතෙක් කීමට ඇත්තේ පුරාවිද්‍යා පණත වැනි දෑ ක්‍රියාත්මක වන්නේ සින්නතම්බි උදයා සහ කිරලාගල මුස්ලිම් තරුණයන් වැන්නවුන්ට පමණක් බවයි.
ඔය පහලින් තියෙන්නෙ ඊයේ පෙරේදා හොංකොං වල දක්ෂිණ රාජවංශයට අයත් වසර1500 පමණ පැරණි බුදු පිළිම බාරයක් ඔප්පු කිරීම සඳහා පාට කර ඇති ආකාරය.
Copied Don Supz