පුවතක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    warning_radiation_risk.gif

    ජපානයේ න්‍යෂ්ථික විදුලි බලාගාරයක හටගත් කාන්දුවීම් නිසා විකිරණශීලී ද්‍රව්‍ය මඟින් ආහාර අපවිත‍්‍ර වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරිය අනතුරු අඟවයි.

    ජපාන රජය පවසා සිටින්නේ, මේ වන විට කිරි හා නිවිතිවල මෙන්ම නල ජලයේ විකිරණශීලී ද්‍රව්‍ය මට්ටම් අනතුරුදායක ලෙසින් ඉහළ ගොස් ඇති බවටයි.

    දරුණු භූමිකම්පාවක් නිසා හානියට පත් පුකුෂිමා න්‍යෂ්ථික විදුලි බලාගාරය ආසන්නයේ පරීක්‍ෂාවට ලක්වූ ආහාර නියැදිවල විකිරණශීලී අයඩින් අධිකව තිබෙන බව හෙළිව ඇත.

    මෙම තත්ත්වය නිසා ළමුන් හා තරුණ තරුණියන් වඩාත්ම අවදානමට ලක්ව සිටින බව එජා පරමාණුක ශක්ති අධිකාරිය කියා සිටී.

    එවැනි තත්ත්වයක් වැලැක්වීම සඳහා ප‍්‍රදේශයෙන් ජනතාව ඉවත් කරගැනීම හා ඖෂධ බෙදාහැරීම සිදු කෙරෙමින් පවතී.

    ඒ හැරෙන්නට, අන් කිසිදු විකිරණශීලී ද්‍රව්‍යයක් ආහාරවල අඩංගු බවට සොයාගෙන නොමැත.

    එජා පරමාණුක ශක්ති අධිකාරියේ ප‍්‍රධානියා වන යුකියා අමානෝ මේ වන විට ජපානයේ සංචාරයක නිරතව මෙම තත්ත්වය පිළිබඳව සොයා බලමින් සිටී.
     
    • Like
    Reactions: පැටියා

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපේ පැත්තෙ කිරි වලට අවුලක් වෙන එකක් නෑ නේද?