පුස්තකාල_සාමාජි.....

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    පුස්තකාල_සාමාජි.....

    පොත් කියවන්න කැමති අයට හොඳ ආරoචියක්:D

    මේ මාසයේ ජාතික පුස්තකාලයෙන් සාමාජිකත්වය නොමිලේ



    ඔක්තෝබර් මාසය ජාතික කියවීමේ මාසය ලෙසින් නම් කර ඇති නිසා මේ මාසයේ ජාතික පුස්තකාලයට පැමිණෙන පාඨකයන්ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වාර්ෂික සාමාජිකත්වය නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇති බව ජාතික පුස්තකාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අශෝක සේනානි හේවගේ මහතා පවසයි. කියවීමේ මාසය සාර්ථක කර ගැනීමට විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමටද ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය තීරණය කර ඇත.දීප ව්‍යාප්ත මට්ටමින් රචනා හා පෝස්ටර් තරග පැවැත්වීමටත් පළාත් පාලන ආයතන මගින් පාලනය කරන පුස්තකාල 1200 ක පොත් ප්‍රදර්ශනල ජංගම පුස්තකාල පැවැත්වීමට ද තීරණය කර තිබේ. ජාතික කියවීමේ මාසය වෙනුවෙන් පැවැත්වෙන ජාතික මහෝත්සවය ඔක්තෝබර් 28 දා ජාතික පුස්තකාල මණ්ඩලයේ ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.



    Source:lankacnews
     
    • Like
    Reactions: urajdrlk and djdush