Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුස්සක් වූ ඛනිජ තෙල් වර්ජනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව ඇත්තට ම හඳුන්වන්න පුළුවන් ධනවාදී රටක් විදියටවත්, සමාජවාදී රටක් විදියටවත්, ප්රජාතන්ත්රවාදී රටක් විදියටවත් නෙවෙයි.

ඔය ඔක්කොම පැත්තකට දමලා ලංකාව දාන්න පුළුවන් පොදු කුලකයක් තියෙනවා.

ලංකාව වගේ රටවල්වලට කියන්නේ 'statist' හෙවත් රාජ්‍යවාදී රටවල් කියලයි.

ඒ කියන්නේ ලංකාවේ හුඟක් මිනිසුන්ට තමන් ගේ ආර්තික ජීවිතයට, සමාජ ජීවිතයට , පවුල් ජීවිතයට, සංස්කෘතික ජීවිතයට 'රාජ්‍යය' මැදිහත් නොවුණොත් නින්ද යන්නේ නැහැ.

මේ වගේ රටවල් වල රජය මූලික කරගෙන විශාල වශයෙන් රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යාපාර කරයි කියලා මිනිසුන් බලාපොරොත්තු වෙනවා. බොහෝ මිනිසුන් 'රාජ්‍යය' තමන්ට රැකියා දෙයි කියලා බලාගෙන ඉන්නවා. ‘රාජ්‍ය සේවයට' බැඳෙන එක සමාජයේ ලොකු ම වරප්‍රසාදයක් බවට පත්වෙනවා.

මේ විදියට රාජ්‍ය ව්‍යාපාර, රාජ්‍ය ආයතන ගොඩක් නඩත්තු කරගෙන යමින් විශාල පිරිසකට රාජ්‍ය සේවයේ රැකියා දෙනකොට කොහොමටත් විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් පවත්වාගෙන යන්න සිදු වෙනවා.

විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙන කොට සිදුවන අනිවාර්ය ඵලයක් තමයි හැම ආර්ථික ක්රියාකාරකට ම රාජ්‍යයෙන් බලපත්‍ර ගන්න සිද්ධ වෙන එක. ඒ කියන්නේ බලපත්‍ර රාජධානියක් හෙවත් License Raj එකක් හැදෙනවා. බලපත්‍රය කියන්නේ සාමාන්‍යයෙන් රාජ්‍යය විසින් මිනිසුන් මත ආර්ථික බලහත්කාරය පතුරවන ප්‍රධාන විදියක්. මේ බලපත්‍ර දෙන වැඩේ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා හවුලේ පාලනය කරනවා.

මෙහෙම 'බලපත්‍ර රාජධානියක' මොකක් හරි ව්‍යාපාරයක්, ව්‍යවසායයක් කරන කෙනෙකු තමන් ගේ 'බලපත්‍රය' ගන්න හුඟක් වෙලාවට දේශපාලනඥයන්ට, නිලධාරීන්ට අල්ලස් දිය යුතුයි. ඒ හින්දා මෙහෙම රාජ්‍යයක ඉහළ සිට පහළට ම හොරකම, වංචාව, දූෂණය පිළිකාවක් වගේ ඔඩු දුවනවා. දේශපාලන මාෆියාවට අමතරව නිලධාරී මාෆියාවකුත් රටේ තියෙනවා. රටේ ජනතාවත් අඩු වැඩි වශයෙන් මේ ජාලයේ ම කොටස්කරුවන් වී සිටිනවා.

ඉතින් රාජ්‍යය වටා මුළු රටේ ම මිනිසුන් ගේ, ව්‍යාපාරවල, ආර්ථික ක්‍රියාවලියේ ඉරණම කැරකෙනවා. මිනිසුන් සමහර දේ දෙවියන්ටත්, ඉතුරු ටික රාජ්‍යයටත් බලාගන්න දීලා, පසුගාමී, වගතුවක් නැති ජීවිත ගෙවනවා. පුළු පුළුවන් අය තමන්ට හැකි විදියට දියුණු රටකට පැනගන්න මාන බලනවා. ඉතුරු වෙන අය රාජ්‍යය කියන දඬුඅඬුවට අහුවෙලා දවසින් දවස නරාවළට වැටෙනවා.

මේ කතාව කියනකොට ඔබට ලංකාවේ කතාව ඉතා ම පැහැදිලිව ඔළුවේ ඇඳෙන්නට ඇති.

මෙහෙම රටක ඇත්තට ම තියෙන ප්රශ්නය වෙන මොකක්වත් නෙවෙයි, රාජ්‍යයේ තියෙන මේ අසීමාන්තික ඇඟිලි ගැසීමයි. ජනතාවත් මේ අසීමාන්තික රාජ්‍ය මැදිහත් වීමට හුරු වී තිබීමයි.

ලංකාවේ මේ තත්ත්වය ඇතිවෙන්න ප්‍රධානත ම වරදකරුවා වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක ගේ මූලිකත්වයෙන් වාමාංශික, මධ්‍යගත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ ආණ්ඩුයි. ඒ කාලයේ "ජනසතුකරණය" "රජයට පවරා ගැනීම" වගේ දේවලින් ආණ්ඩුව වගේ ම රටේ ජනතාවගෙන් සැළකිය යුතු පිරිසකුත් විශාල උද්දාමයක් ලැබුවා. සිරිමාවෝ ලා වගේ ම මේවායින් චූන් වූ කිසිවෙකුත් අද ජීවතුන් අතර නැහැ. ඒවාට අද වන්දි ගෙවමින් ඉන්නේ ඔවුන්ගෙන් පසු පරම්පරාවයි.

මේක වෙනස් කරන්න නම් කරන්න ඕනෙ ප්‍රධාන ම දෙය වන්නේ මේ 'රාජ්‍යය' කුඩා කිරීමයි.

රාජ්‍යය වාණිජ ව්‍යාපාරවලින් ඉවත් වීම, රජයේ සේවාවන් පුළුවන් තරම් ඩිජිටල්කරණය කිරීම, පුළුවන් තරම් තාක්ෂණය හඳුන්වා දීම, automation සිදු කිරීම, බලපත්‍ර ක්‍රමය හැකිතාක් අවම කොට ආර්ථික ක්‍රියාවලිය නිදහස් කිරීම වගේ හැම දේකින් ම වන්නේ මේ 'රාජ්‍යය' කුඩා වීමයි.. රාජ්‍යය කුඩා කෙරෙන තරමට එය කාර්යක්ෂම කරන්න, ඵලදායී කරන්න, දූෂණය නැති කරන්න ලේසියි.

වෙනත් වචනවලින් කියනවා නම් ලංකාවේ තියෙන මේ කෙළවරක් නැති රාජ්‍යවාදී (statist) ස්වභාවය කෙළවරක් දැකීමයි.

මේ මොහොතේ අප මුහුණ දෙන මේ ආර්ථික අර්බුදය මේ ඉරණම වෙනස් කරන්න ඉතා හොඳ අවස්ථාවක්.

අපට මතක ඉතිහාසයේ මුල් ම වතාවට මේ රාජ්‍යවාදී ආර්ථික මොඩලය ගැන විශාල විරෝධයක් සමාජය ඇතුළෙන් ම මතු වෙලා තියෙනවා. මේ රාජ්‍යවාදී, අසීමාන්තික රාජ්‍ය මැදිහත්වීම් සහිත මොඩලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කරන හුඟක් පසුගාමී, වාමාංශික ප්‍රචාරණ ව්‍යාපෘති අසාර්ථක වෙමින් යනවා. ඒකේ තේරුම මේ කඩාවැටීමට බලපෑ රෝග නිධානයන් පිළිබඳව මධ්‍යම පංතියේ සැළකිය යුතු සමාජ තීරුවකට යම් අවබෝධයක් ලැබෙමින් පවතින බවයි.

ලංකාව මොන නිදහස ලබන්නත් කලින් ලංකාවේ ආර්ථිකය රාජ්‍යයේ දඬුඅඬුවෙන් නිදහස් කරගත යුතුයි.

ඒක නොකර ගත්තොත් ඊලඟට ලංකාව වැටෙන ප්‍රපාතයේ ගැඹුරවත් රටේ ජීවත් වන අති බහුතරයක් මිනිසුන්ට තේරුම් ගන්නට බැහැ.

[QUOTE="riduna pm, post: 28746925, member: 567786"] ලංකාව ඇත්තට ම හඳුන්වන්න පුළුවන් ධනවාදී රටක් විදියටවත්, සමාජවාදී රටක් විදියටවත්, ප්රජාතන්ත්රවාදී රටක් විදියටවත් නෙවෙයි. ඔය ඔක්කොම පැත්තකට දමලා ලංකාව දාන්න පුළුවන් පොදු කුලකයක් තියෙනවා. ලංකාව වගේ රටවල්වලට කියන්නේ 'statist' හෙවත් රාජ්‍යවාදී රටවල් කියලයි. ඒ කියන්නේ ලංකාවේ හුඟක් මිනිසුන්ට තමන් ගේ ආර්තික ජීවිතයට, සමාජ ජීවිතයට , පවුල් ජීවිතයට, සංස්කෘතික ජීවිතයට 'රාජ්‍යය' මැදිහත් නොවුණොත් නින්ද යන්නේ නැහැ. මේ වගේ රටවල් වල රජය මූලික කරගෙන විශාල වශයෙන් රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යාපාර කරයි කියලා මිනිසුන් බලාපොරොත්තු වෙනවා. බොහෝ මිනිසුන් 'රාජ්‍යය' තමන්ට රැකියා දෙයි කියලා බලාගෙන ඉන්නවා. ‘රාජ්‍ය සේවයට' බැඳෙන එක සමාජයේ ලොකු ම වරප්‍රසාදයක් බවට පත්වෙනවා. මේ විදියට රාජ්‍ය ව්‍යාපාර, රාජ්‍ය ආයතන ගොඩක් නඩත්තු කරගෙන යමින් විශාල පිරිසකට රාජ්‍ය සේවයේ රැකියා දෙනකොට කොහොමටත් විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් පවත්වාගෙන යන්න සිදු වෙනවා. විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙන කොට සිදුවන අනිවාර්ය ඵලයක් තමයි හැම ආර්ථික ක්රියාකාරකට ම රාජ්‍යයෙන් බලපත්‍ර ගන්න සිද්ධ වෙන එක. ඒ කියන්නේ බලපත්‍ර රාජධානියක් හෙවත් License Raj එකක් හැදෙනවා. බලපත්‍රය කියන්නේ සාමාන්‍යයෙන් රාජ්‍යය විසින් මිනිසුන් මත ආර්ථික බලහත්කාරය පතුරවන ප්‍රධාන විදියක්. මේ බලපත්‍ර දෙන වැඩේ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා හවුලේ පාලනය කරනවා. මෙහෙම 'බලපත්‍ර රාජධානියක' මොකක් හරි ව්‍යාපාරයක්, ව්‍යවසායයක් කරන කෙනෙකු තමන් ගේ 'බලපත්‍රය' ගන්න හුඟක් වෙලාවට දේශපාලනඥයන්ට, නිලධාරීන්ට අල්ලස් දිය යුතුයි. ඒ හින්දා මෙහෙම රාජ්‍යයක ඉහළ සිට පහළට ම හොරකම, වංචාව, දූෂණය පිළිකාවක් වගේ ඔඩු දුවනවා. දේශපාලන මාෆියාවට අමතරව නිලධාරී මාෆියාවකුත් රටේ තියෙනවා. රටේ ජනතාවත් අඩු වැඩි වශයෙන් මේ ජාලයේ ම කොටස්කරුවන් වී සිටිනවා. ඉතින් රාජ්‍යය වටා මුළු රටේ ම මිනිසුන් ගේ, ව්‍යාපාරවල, ආර්ථික ක්‍රියාවලියේ ඉරණම කැරකෙනවා. මිනිසුන් සමහර දේ දෙවියන්ටත්, ඉතුරු ටික රාජ්‍යයටත් බලාගන්න දීලා, පසුගාමී, වගතුවක් නැති ජීවිත ගෙවනවා. පුළු පුළුවන් අය තමන්ට හැකි විදියට දියුණු රටකට පැනගන්න මාන බලනවා. ඉතුරු වෙන අය රාජ්‍යය කියන දඬුඅඬුවට අහුවෙලා දවසින් දවස නරාවළට වැටෙනවා. මේ කතාව කියනකොට ඔබට ලංකාවේ කතාව ඉතා ම පැහැදිලිව ඔළුවේ ඇඳෙන්නට ඇති. මෙහෙම රටක ඇත්තට ම තියෙන ප්රශ්නය වෙන මොකක්වත් නෙවෙයි, රාජ්‍යයේ තියෙන මේ අසීමාන්තික ඇඟිලි ගැසීමයි. ජනතාවත් මේ අසීමාන්තික රාජ්‍ය මැදිහත් වීමට හුරු වී තිබීමයි. ලංකාවේ මේ තත්ත්වය ඇතිවෙන්න ප්‍රධානත ම වරදකරුවා වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක ගේ මූලිකත්වයෙන් වාමාංශික, මධ්‍යගත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ ආණ්ඩුයි. ඒ කාලයේ "ජනසතුකරණය" "රජයට පවරා ගැනීම" වගේ දේවලින් ආණ්ඩුව වගේ ම රටේ ජනතාවගෙන් සැළකිය යුතු පිරිසකුත් විශාල උද්දාමයක් ලැබුවා. සිරිමාවෝ ලා වගේ ම මේවායින් චූන් වූ කිසිවෙකුත් අද ජීවතුන් අතර නැහැ. ඒවාට අද වන්දි ගෙවමින් ඉන්නේ ඔවුන්ගෙන් පසු පරම්පරාවයි. මේක වෙනස් කරන්න නම් කරන්න ඕනෙ ප්‍රධාන ම දෙය වන්නේ මේ 'රාජ්‍යය' කුඩා කිරීමයි. රාජ්‍යය වාණිජ ව්‍යාපාරවලින් ඉවත් වීම, රජයේ සේවාවන් පුළුවන් තරම් ඩිජිටල්කරණය කිරීම, පුළුවන් තරම් තාක්ෂණය හඳුන්වා දීම, automation සිදු කිරීම, බලපත්‍ර ක්‍රමය හැකිතාක් අවම කොට ආර්ථික ක්‍රියාවලිය නිදහස් කිරීම වගේ හැම දේකින් ම වන්නේ මේ 'රාජ්‍යය' කුඩා වීමයි.. රාජ්‍යය කුඩා කෙරෙන තරමට එය කාර්යක්ෂම කරන්න, ඵලදායී කරන්න, දූෂණය නැති කරන්න ලේසියි. වෙනත් වචනවලින් කියනවා නම් ලංකාවේ තියෙන මේ කෙළවරක් නැති රාජ්‍යවාදී (statist) ස්වභාවය කෙළවරක් දැකීමයි. මේ මොහොතේ අප මුහුණ දෙන මේ ආර්ථික අර්බුදය මේ ඉරණම වෙනස් කරන්න ඉතා හොඳ අවස්ථාවක්. අපට මතක ඉතිහාසයේ මුල් ම වතාවට මේ රාජ්‍යවාදී ආර්ථික මොඩලය ගැන විශාල විරෝධයක් සමාජය ඇතුළෙන් ම මතු වෙලා තියෙනවා. මේ රාජ්‍යවාදී, අසීමාන්තික රාජ්‍ය මැදිහත්වීම් සහිත මොඩලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කරන හුඟක් පසුගාමී, වාමාංශික ප්‍රචාරණ ව්‍යාපෘති අසාර්ථක වෙමින් යනවා. ඒකේ තේරුම මේ කඩාවැටීමට බලපෑ රෝග නිධානයන් පිළිබඳව මධ්‍යම පංතියේ සැළකිය යුතු සමාජ තීරුවකට යම් අවබෝධයක් ලැබෙමින් පවතින බවයි. ලංකාව මොන නිදහස ලබන්නත් කලින් ලංකාවේ ආර්ථිකය රාජ්‍යයේ දඬුඅඬුවෙන් නිදහස් කරගත යුතුයි. ඒක නොකර ගත්තොත් ඊලඟට ලංකාව වැටෙන ප්‍රපාතයේ ගැඹුරවත් රටේ ජීවත් වන අති බහුතරයක් මිනිසුන්ට තේරුම් ගන්නට බැහැ. - [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom