පුස්සක් වූ ඛනිජ තෙල් වර්ජනය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,810
    3,344
    113
    මේ වෙනකොට ඛණිජ තෙල් වෘත්තීය සමිති විසින් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කරනවාට විරුද්ධව වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබෙනවා.

    ලංකාව මේ තරම් පසුගාමී තත්ත්වයට සහ උගත් වෘත්තිකයන් ලංකාවට හැරදමා යන තත්ත්වයට පත් කරන්න හොර දේශපාලනඥයන් මෙන් ම මාෆියා ජාලයක් විදියට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ද විශාල වැඩකොටසක් කළා.

    ඒකේ ප්‍රතිඵලයක් ව්දියට ඉතා ම අකාර්‍යක්ෂම, අලස සහ දූෂිත රාජ්‍ය සේවයක් මේ රටේ නිර්මාණය වුණා. එක පැත්තකින් දූෂිත දේශපාලනඥයන් තමන් ගේ හෙංචයියන් ලවා මේ රාජ්‍ය සේවයේ සාරය උරා බිව්වා. අනෙක් පැත්තෙන් වෘත්තීය සමිති යෝජනා වෙන ඕනෑම වෙනස්කමකට එරෙහි වෙමින්, මේ දූෂිත, අසමත්, අකාර්‍යක්ෂම ක්‍රියාවලිය දිගට ම පවත්වාගෙන ගියා. මේ දෙගොල්ල ම එකම කාසියක දෙපැත්තක් වන්නේ ඒ නිසයි.

    මේකෙ ප්‍රතිඵලයක් විදියට ලංකාවේ හුඟක් රාජ්‍ය ආයතනවලට කාර්‍ය සාධන දර්ශක (KPI) හදුන්වා දීම වගේ ලොකු වෙනස්කම් සිදු කරනවා තියා අඩු තරමින් ඇඟිලි සළකුණු යන්ත්‍රයක්වත් සවි කරගන්න බැහැ. ලංකාවේ ජීවත් වන මිනිසුනන්ගෙන් අති බහුතරයකට ලංකාවේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉතා ම අප්‍රසන්න, කටුක අත්දැකීම් තියෙනවා.

    අද මේ ඛනිජ තෙල් වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන්නේ ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට විදේශීය සමාගම් තුනක් එනවාට විරුද්ධවයි. මේ වෘත්තීය සමිති කියන්නේ ලංකාවේ තෙල් වෙළෙඳපොළේ තෙල් සංස්ථාවේ අධිකාරය දිගට ම පවත්වා ගත යුතු බවයි. එහෙම තියාගත්තම තෙල් සංස්ථාවේ සේවකයන්ට ලක්ෂ ගණනින් පඩි ගන්නට, හොරට අතිකාල දීමනා ගන්නට, ආයතනය අන්තිම සතේට ම සූරාකන්නට පුළුවන් වෙනවා. මේ රටේ දුප්පත් මිනිසුන් පරිප්පු ඇටයේ සිට බදු ගෙවමින් මේ සොරුන් නඩත්තු කරගෙන යනවා.

    මේක වෙනස් කළ හැකි එක ම ක්‍රමය වෙළෙඳපොළ තරගකරීත්වය වැඩි කිරීමයි. සම්පත් ගිල දමන මේ කම්බ හොරුන්ට විදේශීය සමාගම් සමග තරග කරන්නට වන තැනට තල්ලු කිරීමයි. තරගකාරීත්වය තුළින් සේවාවන් අලුත් වෙනවා. යාවත්කාලීන වෙනවා. හොරුන්ට වෙළෙඳපොළ ඇතුළේ අධිකාරයන් හදාගෙන පාරිභෝගිකයන් ප්‍රාණ ඇපයට ගන්න බැරි වෙනවා.

    මොවුන් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කරනවාට විරුද්ධව බොරු බිල්ලන් මවන්නේ, 'කුමන්ත්‍රණ තියරි' නිර්මාණය කරන්න හදන්නේ, මිනිසුන් උසි ගන්වන්න හදන්නේ ඒ හින්දයි.

    රනිල්ට විරුද්ධ වීම කියන්නේ වෙළෙඳපොළ තරගකාරීත්වයට විරුද්ධ වීම නෙවෙයි. ආණ්ඩුවට විරුද්ධ වීම කියන්නේ වෘත්තීය සමිති මාෆියාකාරයින්ට පක්ෂ වීම නෙවෙයි. පැහැදිලිව ම මේ වැඩ වර්ජනය කරන්නේ වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කිරීමට විරුද්ධවයි. IMF එකෙන් නොව එල්.ටී.ටී.ඊ. එකෙන් ඇවිත් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කළත් එය හොඳ දෙයක්. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පරාජය කිරීමට හෘදය සාක්ෂියක් තියෙන ලංකාවේ හැම පුරවැසියෙකුට ම යුතුකමක් තියෙන්නේ ඒකයි.

    ලංකාවේ හුඟක් මිනිසුන් යන්න බලාපොරොත්තු වෙන දියුණු, සංවර්ධිත රටවල් කියන්නේ අහසින් පාත් වූ ඒවා නෙවෙයි. හුඟක් වෙලාවට ඒ රටවල් ඒ තැනට පත් වුණේ නිදහස් වෙළෙඳපොළ සහ වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩි කිරීම තුළිනුයි. වෙළෙඳපොළ තරගකාරීත්වය නැති කළොත් ලංකාවටත් සිදුවන්නේ කියුබාව, උතුරු කොරියාව, වෙනිසුවේලාව ගිය පාරේ යන්නයි. එහෙම රටක් හැදෙන එක මේ වෘත්තීය සමිති මාෆියාකාරයන්ට හොඳයි. ඒත් ඒක ඔබට, ඔබේ දරුවන්ට, ඔබේ දරුවන් ගේ දරුවන්ට නරකයි.

    වෙළෙඳපොළ තරගකාරීත්වයට විරුද්ධව ඔබව ප්‍රාණ ඇපයට ගන්න සූදානම් වන මේ මාෆියාකරුවන්ට එක හෙළා විරුද්ධ වන්න. ඒක ඔබට තියෙන අයිතියක්. ඔවුන් ගේ මේ තකතීරු ක්‍රියාමාර්ගයට එරෙහිව සමාජයේ දැඩි ප්‍රතිරෝධයක් එල්ල විය යුතුයි. ඔවුන් නවත්වාලිය හැකි එක ම ක්‍රමය ඔවුන්ට එරෙහිව හිංසනය දියත් කිරීම නොව, ඔවුන් ගේ ක්‍රියාමාර්ග පිළිකෙව් කොට ඔවුන් හුදෙකලා කිරීම හරහා පමණයි.

    -

    රසික ජයකොඩි
    28 - 03 - 2023

    #lka #SriLanka #life #fuel
     
    • Like
    Reactions: vito

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    13,509
    1
    28,367
    113
    - උඩරට -
    සිංගප්පූරුව වගේ රටවල් දියුණු වෙලා තියෙන්නේ පෞද්ගලිකරණය නිසා .. ඒ රටවල් වල යූනීයන් නෑ.. කරන්න ආවොත් කෙලින්ම ගෙදර..

    යූනීයන් ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල් වලට ලොකු තර්ජනයක්..
    රනිලා ඒක දන්නව..
    යූනීයන් නතර කරොත් ලාබ වැඩී..

    කෙනෙක් ට හිතෙන්න පුළුවන් ඉල්ලීම් දිනා ගන්න යූනීයන් ඕනී කියලා ..
    ඒ පැත්තේ යම් ඇත්තක් තිබුණත් මම නම් හොඳක් දකින්නේ නෑ..

    නිදහස් අධ්‍යාපනයත් පෞද්ගලීකරණය කරන්න ඕනී.. විශේශයෙන්ම රාජ්‍ය විශ්ව විදයා. එතකොට වත් රැග් අපතයෝ ඔක්කොම හැලෙයි..
     
    • Like
    Reactions: lilman

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,810
    3,344
    113
    ලංකාව ඇත්තට ම හඳුන්වන්න පුළුවන් ධනවාදී රටක් විදියටවත්, සමාජවාදී රටක් විදියටවත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදියටවත් නෙවෙයි.

    ඔය ඔක්කොම පැත්තකට දමලා ලංකාව දාන්න පුළුවන් පොදු කුලකයක් තියෙනවා.

    ලංකාව වගේ රටවල්වලට කියන්නේ 'statist' හෙවත් රාජ්‍යවාදී රටවල් කියලයි.

    ඒ කියන්නේ ලංකාවේ හුඟක් මිනිසුන්ට තමන් ගේ ආර්තික ජීවිතයට, සමාජ ජීවිතයට , පවුල් ජීවිතයට, සංස්කෘතික ජීවිතයට 'රාජ්‍යය' මැදිහත් නොවුණොත් නින්ද යන්නේ නැහැ.

    මේ වගේ රටවල් වල රජය මූලික කරගෙන විශාල වශයෙන් රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යාපාර කරයි කියලා මිනිසුන් බලාපොරොත්තු වෙනවා. බොහෝ මිනිසුන් 'රාජ්‍යය' තමන්ට රැකියා දෙයි කියලා බලාගෙන ඉන්නවා. ‘රාජ්‍ය සේවයට' බැඳෙන එක සමාජයේ ලොකු ම වරප්‍රසාදයක් බවට පත්වෙනවා.

    මේ විදියට රාජ්‍ය ව්‍යාපාර, රාජ්‍ය ආයතන ගොඩක් නඩත්තු කරගෙන යමින් විශාල පිරිසකට රාජ්‍ය සේවයේ රැකියා දෙනකොට කොහොමටත් විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් පවත්වාගෙන යන්න සිදු වෙනවා.

    විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙන කොට සිදුවන අනිවාර්‍ය ඵලයක් තමයි හැම ආර්ථික ක්‍රියාකාරකට ම රාජ්‍යයෙන් බලපත්‍ර ගන්න සිද්ධ වෙන එක. ඒ කියන්නේ බලපත්‍ර රාජධානියක් හෙවත් License Raj එකක් හැදෙනවා. බලපත්‍රය කියන්නේ සාමාන්‍යයෙන් ‍රාජ්‍යය විසින් මිනිසුන් මත ආර්ථික බලහත්කාරය පතුරවන ප්‍රධාන විදියක්. මේ බලපත්‍ර දෙන වැඩේ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා හවුලේ පාලනය කරනවා.

    මෙහෙම 'බලපත්‍ර රාජධානියක' මොකක් හරි ව්‍යාපාරයක්, ව්‍යවසායයක් කරන කෙනෙකු තමන් ගේ 'බලපත්‍රය' ගන්න හුඟක් වෙලාවට දේශපාලනඥයන්ට, නිලධාරීන්ට අල්ලස් දිය යුතුයි. ඒ හින්දා මෙහෙම රාජ්‍යයක ඉහළ සිට පහළට ම හොරකම, වංචාව, දූෂණය පිළිකාවක් වගේ ඔඩු දුවනවා. දේශපාලන මාෆියාවට අමතරව නිලධාරී මාෆියාවකුත් රටේ තියෙනවා. රටේ ජනතාවත් අඩු වැඩි වශයෙන් මේ ජාලයේ ම කොටස්කරුවන් වී සිටිනවා.

    ඉතින් රාජ්‍යය වටා මුළු රටේ ම මිනිසුන් ගේ, ව්‍යාපාරවල, ආර්ථික ක්‍රියාවලියේ ඉරණම කැරකෙනවා. මිනිසුන් සමහර දේ දෙවියන්ටත්, ඉතුරු ටික රාජ්‍යයටත් බලාගන්න දීලා, පසුගාමී, වගතුවක් නැති ජීවිත ගෙවනවා. පුළු පුළුවන් අය තමන්ට හැකි විදියට දියුණු රටකට පැනගන්න මාන බලනවා. ඉතුරු වෙන අය රාජ්‍යය කියන දඬුඅඬුවට අහුවෙලා දවසින් දවස නරාවළට වැටෙනවා.

    මේ කතාව කියනකොට ඔබට ලංකාවේ කතාව ඉතා ම පැහැදිලිව ඔළුවේ ඇඳෙන්නට ඇති.

    මෙහෙම රටක ඇත්තට ම තියෙන ප්‍රශ්නය වෙන මොකක්වත් නෙවෙයි, රාජ්‍යයේ තියෙන මේ අසීමාන්තික ඇඟිලි ගැසීමයි. ජනතාවත් මේ අසීමාන්තික රාජ්‍ය මැදිහත් වීමට හුරු වී තිබීමයි.

    ලංකාවේ මේ තත්ත්වය ඇතිවෙන්න ප්‍රධානත ම වරදකරුවා වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක ගේ මූලිකත්වයෙන් වාමාංශික, මධ්‍යගත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ ආණ්ඩුයි. ඒ කාලයේ "ජනසතුකරණය" "රජයට පවරා ගැනීම" වගේ දේවලින් ආණ්ඩුව වගේ ම රටේ ජනතාවගෙන් සැළකිය යුතු පිරිසකුත් විශාල උද්දාමයක් ලැබුවා. සිරිමාවෝ ලා වගේ ම මේවායින් චූන් වූ කිසිවෙකුත් අද ජීවතුන් අතර නැහැ. ඒවාට අද වන්දි ගෙවමින් ඉන්නේ ඔවුන්ගෙන් පසු පරම්පරාවයි.

    මේක වෙනස් කරන්න නම් කරන්න ඕනෙ ප්‍රධාන ම දෙය වන්නේ මේ 'රාජ්‍යය' කුඩා කිරීමයි.

    රාජ්‍යය වාණිජ ව්‍යාපාරවලින් ඉවත් වීම, රජයේ සේවාවන් පුළුවන් තරම් ඩිජිටල්කරණය කිරීම, පුළුවන් තරම් තාක්ෂණය හඳුන්වා දීම, automation සිදු කිරීම, බලපත්‍ර ක්‍රමය හැකිතාක් අවම කොට ආර්ථික ක්‍රියාවලිය නිදහස් කිරීම වගේ හැම දේකින් ම වන්නේ මේ 'රාජ්‍යය' කුඩා වීමයි.. රාජ්‍යය කුඩා කෙරෙන තරමට එය කාර්‍යක්ෂම කරන්න, ඵලදායී කරන්න, දූෂණය නැති කරන්න ලේසියි.

    වෙනත් වචනවලින් කියනවා නම් ලංකාවේ තියෙන මේ කෙළවරක් නැති රාජ්‍යවාදී (statist) ස්වභාවය කෙළවරක් දැකීමයි.

    මේ මොහොතේ අප මුහුණ දෙන මේ ආර්ථික අර්බුදය මේ ඉරණම වෙනස් කරන්න ඉතා හොඳ අවස්ථාවක්.

    අපට මතක ඉතිහාසයේ මුල් ම වතාවට මේ රාජ්‍යවාදී ආර්ථික මොඩලය ගැන විශාල විරෝධයක් සමාජය ඇතුළෙන් ම මතු වෙලා තියෙනවා. මේ රාජ්‍යවාදී, අසීමාන්තික රාජ්‍ය මැදිහත්වීම් සහිත මොඩලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කරන හුඟක් පසුගාමී, වාමාංශික ප්‍රචාරණ ව්‍යාපෘති අසාර්ථක වෙමින් යනවා. ඒකේ තේරුම මේ කඩාවැටීමට බලපෑ රෝග නිධානයන් පිළිබඳව මධ්‍යම පංතියේ සැළකිය යුතු සමාජ තීරුවකට යම් අවබෝධයක් ලැබෙමින් පවතින බවයි.

    ලංකාව මොන නිදහස ලබන්නත් කලින් ලංකාවේ ආර්ථිකය රාජ්‍යයේ දඬුඅඬුවෙන් නිදහස් කරගත යුතුයි.

    ඒක නොකර ගත්තොත් ඊලඟට ලංකාව වැටෙන ප්‍රපාතයේ ගැඹුරවත් රටේ ජීවත් වන අති බහුතරයක් මිනිසුන්ට තේරුම් ගන්නට බැහැ.

    -