පූසකු ළඟ තබාගත්තාට ළමා දිනයේදී ළමයකුට ගහලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනුරාධපුර නගරයේ පිහිටි විශේෂ අවශ්‍යතාවන් සහිත දරුවන් අධ්‍යාපනය ලබන පාසලක පාලිකාවක් විසින් පූසකු ළඟ තබා ගත්තැයි 15 හැවිරිදි පිරිමි දරුවකුට ලෝක ළමා දිනයේදී පහර දී තුවාල කිරීමේ‍ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පාලක මණ්ඩලයට උපදෙස් දුන් බව අනුරාධපුර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අශෝක පුෂ්පකුමාර මහතා ඊයේ (07) පැවසීය.




    මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පදවිය, ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි පිරිමි දරුවෙකි. පහර කෑමට ලක්ව ඇත්තේ මෙම විද්‍යාලයේ නේවාසිකව අධ්‍යාපනය ලබන පිරිමි දරුවෙකි. පසුගිය දිනක කිසියම් පුද්ගලයකු පූස් පැටවුන් දෙදෙනකු පාසලේ තාප්පය උඩින් පාසල් භුමියට දමා තිබී ඇති අතර මෙම දරුවා ඉන් එක් පූස් පැටවකු නේවාසිකාගාරයේ සිය සයනය මත තබාගෙන සිටිනු දැක කෝපවූ පාලිකාව එම දරුවාට පොල්ලකින් පහරදී ඇතැයි කියති.


    එම සිද්ධිය විදුහල්පතිවරයාට අනාවරණය වීමත් සමග විදුහල්පතිවරයා සිද්ධිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් කළ විමසුමේදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස පාලක මණ්ඩලයේ කළමනාකරුට තමන් උපදෙස් දුන් බවය.


    එසේම මීට පෙරද පාලිකාවට විරුද්ධව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කලාප, පළාත් අධ්‍යාපන කාර්යාල මට්ටමින් හා හා අමාත්‍යාංශ මට්ටමින්ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පැවසේ.මෙම පාලිකාව නිසි අවසරයකින් තොරව නේවාසිකාගාරය තුළ සුනඛයෙකු ඇති කරන බවටත් දරුවන්ට දීමට නියමිත ආහාර සුනඛයාට දෙන බවටත් මවුපියෝ චෝදනා කරති. එසේම මෙම සුනඛයා පහර කෑමට ලක්වූ සිසුවා දෙවරක්ම සපාකන ලද බවත් මවුපියෝ පැවසූහ.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පදවිය, ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි පිරිමි දරුවෙකි. පහර කෑමට ලක්ව ඇත්තේ මෙම විද්‍යාලයේ නේවාසිකව අධ්‍යාපනය ලබන පිරිමි දරුවෙකි.

    ලියලා තියෙන්නෙත් විශේෂ අවශ්‍යතා ඒකකයේ එකෙක්ද කොහෙද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    ඔය වගේ තැන්වල සතෙක් ගෘගස්තව හදන්න ඕනේ එකෙක් නෙමෙයි 2-3ක් ඒක රැදවියන්ගේ මානසිකත්වයට හොදයි. උන්ට ගහන උන්ව කුඩු කරන්න ඕනේ. වෙන රටවල දැන් ඔෆිස් අස්සෙත් බල්ලො ඉන්නවා මානසික සෞඛ්‍යය වර්ධනය කරන්න . අපේ උන් ගල් යුගයේ , උන්ට අම්ම අප්පා නෑ බල්ලෙක් පුසෙක් තියාගන්නත් බෑ .
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හැම පාසලකටම දාන්න ඕන අමාත්යාන්ස මට්ටමින් කෙනෙක් නිකන් එච් ආර් රෝල් එක කරන. ලමයින්ට ඩිරෙක්ට් ගිහිල්ල කතා කරන්න පුලුවන් වෙන්න.

    උන්දැ වගකියන්න ඔනෙ කෙලින්ම මිනිස්ට්‍රියට. පිනාට නෙවෙයි, පිනාට උඩින් දාන්න ඕන. ඉන්ඩිපෙන්ඩන්ට් කොමිශන් එකක් වගෙ.

    ස්කොල වල ලමයිට වෙන ඔක්කොම කැරි වෙඩ අල්ලගන්න පුලුවන්.