පූස් අම්මව කබරයෙක් හපා කාලා..🙁

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,180
    46,958
    113
    අපේ පාරේ පූසෙක් පැටව් දාල හිටියා..උෟව පාර අයිනේ පැටව් ඵක්ක හිටියේ..කන්න බොන්න දුන්නා ඒ ළග ගෙවල් අය..ඊයේ අාපු තඩි කබරයෙක් පැටව් ගිලින්න ගිහින් වෙන්න අැති පූස් අම්මා පැටව් ටික බේරගන්න ගිහින් කබරයා පූස් අම්මගේ බෙල්ලෙන්ම අල්ලලා..මිනිස්සු දකිනකොට උෟව කටේ තියන් දෙපැත්තට ඵහෙට මෙහෙට ගහනවලු..කබරයාට ගහල කොහොමහරි පූස් අම්මව බේරගෙන vet ඵකකට අරන් ගිහින් ලේ පෙරෙද්දිම..බෙහෙත් දීලා ඉන්ජෙක්ෂනුත් ගහලා..ඒත් දැන් උෟට කිසි දෙයක් කන්න බැරිලු..සෙන්ස් ඵකක් නැහැලු කෑම දුන්නත් ඉව කරාට කන්නේ නෑ..පැටවුන්ට කිරි දෙන්නෙත් නැතුව දැන් උෟ ඵහෙට මෙහෙට යනවලු පිස්සුවෙන් වගේ..පැටව් 4 දෙනෙක් ඉන්නවා තාම අැස් අැරලත් නෑ...ළග ගේක කට්ටියක් දැන් ඵයාලව තියන් කිරි ඵහෙම පොවන්න ට්‍රයි කරනවා ඒත් උන් පූස් අම්මව තමයි හොයන්නේ..පූස් අම්මට කිරි දෙන්න තරම් මානසිකත්වයක් නෑ..අරූ බෙල්ලම හපන් හිටපු නිසා අැතුලෙන් සෑහෙන්න තුවාල වෙලා අැති.🙁.මේකට මොකක්ද බං කරන්නේ..මේවගේ සත්තුන්ට උදව් කරන්න තැනක් තියෙනවද..පන්නිපිටියේ ඉන්නේ..කිරි බිව්වේ නැති වුනොත් පැටව් මැරෙයි ඒකයි.🙁


    මේ ඕක වෙන්න කලින් දවසේ ගත්ත ෆොටෝ ඵකක්..

    gjDGsGG.jpeg
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,964
    4,389
    113
    :( :(
    පව් බන්.
    ඌ recover වුනොත් තමයි. නැත්තං පැටව් කිරි දීල හදන්න වෙනව. අපි නං සැරයක් පූස් අම්මව නැති වුනාම වෙන එකෙක්ගෙන් කිරි දුන්න ඒ දවස්වලම පැටවු දාපු.(ගෙදරම තමයි.) සැරයක් දෙසැරයක් පිඹල පැනල ගිහිල්ල ඇවිල්ල දුන්න. එදා ඉඳන් ඌ තමයි අම්ම.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,958
    113
    vet කෙනෙක් ගාවට අරන් යන්න.

    අරන් ගියානේ..ඵයාලත් කියන්නේ බෙල්ල යටින්ම හපා කාලා නිසා හරියට කන්න ඵහෙම බැරි වෙයි කියලා කාලෙකට..උෟට සනීප වුනත් වෙනකොට කාලයක් යයි ඒ කාලේ අැතුලත පැටවුන්ට මොකද කරන්නේ..උන් තාම අැස් අැරලත් නෑනේ..
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Syringe එකකින් කිරි පොවන්න

    පූස් අම්මා කන්නැත්තං සේලයින් දෙන්න වෙයි. Vetගෙන් අහගෙන අපිටම දෙන්න පුලුවන්.
    ------ Post added on Nov 21, 2025 at 4:03 PM
     
    • Like
    Reactions: Bitter Truth

    planner123

    Well-known member
  • May 22, 2018
    8,780
    15,055
    113
    Poos petawunta kiri powala loku karanna puluwan. Poosi nathi wuna kiyala awulak wenne naha.

    Syringe ekakin or pahan thirayak pogawala powanna wenne.

    Poos petawunta kiri powala loku karanna puluwan. Poosi nathi wuna kiyala awulak wenne naha.

    Syringe ekakin or pahan thirayak pogawala powanna wenne.
    ------ Post added on Nov 21, 2025 at 4:07 PM
     
    • Sad
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,958
    113
    Poos petawunta kiri powala loku karanna puluwan. Poosi nathi wuna kiyala awulak wenne naha.

    Syringe ekakin or pahan thirayak pogawala powanna wenne.

    Poos petawunta kiri powala loku karanna puluwan. Poosi nathi wuna kiyala awulak wenne naha.

    Syringe ekakin or pahan thirayak pogawala powanna wenne.
    ------ Post added on Nov 21, 2025 at 4:07 PM

    තෑන්ක්ස් බං👍
     
    • Like
    Reactions: planner123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    elu kiri thama hodama. piti kiri wadak naa. fresh milk unath unta diagest karanna bamaruy.
    as aralath nathi nam ELU KIRI thama hodama.

    feeding bottle thiyanwa silicon/rubber wage. nathi unath pahan thira walin puluwna podima kale nam as arala ura bonna puluwan tharam nam syringer ekakin puluwan

    dawasata 6-8 parak powanna wenawa aduma.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,121
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    නිර්දේශිත ක්‍රියාමාර්ග​

    1. වහාම පශු වෛද්‍යවරයෙකු හමුවීම අනිවාර්යයි. බළලාට තුවාල කළේ ආසියානු ජල කබරගොයා (Varanus salvator / කබරගොයා) බව වෛද්‍යවරයාට පැහැදිලිව දන්වන්න. මෙය තුවාලයේ බැක්ටීරියා වර්ග හඳුනාගෙන නිවැරදි ප්‍රතිජීවක තෝරාගැනීමට උපකාරී වේ.
    2. සාමාන්‍ය ප්‍රතිකාර
      • තුවාලය හොඳින් සෝදා හැරීම, මළාංශ ඉවත් කිරීම සහ ගැඹුරු සේදීම (අවම වශයෙන් සෙඩේෂන් යටතේ).
      • පුළුල් වර්ණාවලි ප්‍රතිජීවක (Gram-negative, Gram-positive සහ anaerobic බැක්ටීරියා ආවරණය වන ඒවා; උදා: amoxicillin-clavulanate + enrofloxacin).
      • වේදනා නාශක, අවශ්‍ය නම් රුධිර කාන්දුව (IV fluids), සහ රුධිර පරීක්ෂා කිරීම.
      • කබරගොයා දිළට සඳහා විශේෂ antivenom නැත; ප්‍රතිකාර සහායක වර්ගයේ පමණි.
    3. වෛද්‍යවරයා වෙත ගෙනයාමට පෙර (ප්‍රමාද වුවහොත්)
      • බළලා සන්සුන්ව තබා චලනය අඩු කරන්න.
      • ගැඹුරු තුවාල තමන් විසින් සෝදන්න එපා – එයින් බැක්ටීරියා තවත් ගැඹුරට යා හැක.
      • තුවාලයේ ඉදිමීම, කහ බඩු ගැලීම, උණ, වමනය, දැඩි දුර්වලභාවය හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිරීක්ෂණය කරන්න.

    කඩිනම් ප්‍රතිකාර ලැබුණහොත් බළලා සුවපත් වීමේ අනුපාතය ඉතා ඉහළය. කෙසේ වුවත්, ප්‍රමාද වීමෙන් බරපතල සංකූලතා ඇතිවිය හැක. කරුණාකර වහාම පශු වෛද්‍ය උපදෙස් ලබාගන්න.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    අද අපේ පාරෙ බල්ලො තුන්දෙනෙක් තලගොයෙක්ව අල්ලගෙන හපනවා දැක්කා මම රාජාංගනේ හාමුදුරුවෝ වගේ හේයි ගෑව විතරයි බල්ලො තුන් දෙනා ඩිස්මිස් වුනා තලගොයා පැනල ගියා.
     
    • Wow
    Reactions: nalin0001