පෘතග්ජනයා

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, මේක මට අපු ඊමේල් එකක ස්ප්‍රිට් එකක් කිව්වොත් වැරදි නැහැ. උස්සලා දැම්මේ....

    animated%20line%20green.gif
    animated%20line%20green.gif


    පෘතග්ජනයා යන්නෙහි තේරුම කුමක්ද ?

    සතරමග සතර ඵලයන්ට නොඑළඹි සිටින් අය අප හඳුන්වනු ලබන්නේ පෘතග්ජන නමින්ය.

    ඉතිං මොකක්ද මේ වචනෙ තේරුම ?
    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, මේක මට අපු ඊමේල් එකක ස්ප්‍රිට් එකක් කිව්වොත් වැරදි නැහැ. උස්සලා දැම්මේ....

    පෘථග්ජන යන වචනයේ තේරුම හුදකලා වූ පුද්ගලයා යන්නයි. එතකොට හුදකලා වෙලා ඉන්නේ ආරාමයක හෝ වනවාසීව ජීවත් වන මාර්ග ඵල ලාභී භික්ෂූන් වහන්සේලා නේද ? මේ ගෙවල්වල දරු ම‍ල්ලමන්, නෑදෑයන්, හිතමිතුරන් වටකරගෙන සිටින අප කෙසේද හුදකලා වූවන් වන්නේ ?

    උදාහරණයක් විදියට මෙන්න මෙහෙම හිතන්න. නවීන විද්‍යාව අනුව අපට දැනගන්නට ලැබෙනවා අපේ ග්‍රහලෝකයට වෙනත් ග්‍රහවස්තුවක් කඩාගෙන වැටෙන්න ආසන්න වෙලා කියලා.

    අපි ඉස්සෙල්ලම හිතන්නේ මේක ගොඩබිමට නොවැටී මුහුදට වැටුනානම් හොඳයි කියලා නේද ?

    ඒක හරි නොගියොත් අපි මොකද කරන්නෙ ?

    අපි උත්සාහ කරනව පුළුවන්නම් මේ කඩාවැටෙන ග්‍රහලෝකයේ ගමන් මාර්ගය මුහුද පැත්තට හරවන්න.

    ඒකත් හරි නොගියොත් මොකද කරන්නෙ ?

    එහෙනං අඩු තරමින් අපේ රටට නොවැටී වෙන රටකට තල්ලු කරගන්න නේද බලන්නෙ.

    ඒ උත්සාහයත් හරි නොගියොත් මොකද කරන්නෙ ?

    එහෙනං මේක අපේ ගම් පලාතට නොවැටී ඈත ගම් පළාතකටවත් (යාපනය පැත්තට) වට්ටන්න බලනව නේද ?

    ඉතින් මේක වැටෙන්නෙ අපේ පළාතටම නං අඩු වශයෙන් මේක අපේ ගමට නොවැ‍ටී අල්ලපු ගමේ එවුංගේ ඇඟ උඩට කඩා වැටුනනං හරි කියලා අපට හිතෙනවා නේද ?.

    නෑ, මේක අපේ ගමටමයි වැටෙන්නෙ.

    එහෙනං මේක අපේ ගේ උඩට නොවැටී වෙන කාගෙහරි ගේකට වැටෙනවනම් හොඳයි කියලා හිතනවා නේද ?

    ඔන්න ඕක තමයි තනි වීම, හුදකලා වීම කියලා කියන්නෙ. අවස්තාවේ හැටියට එන්න එන්නම පටු වෙනවා සීමාවන්. තනි වෙනවා තමන්. තමන් විතරක් බේරුනොත් ඇති කියන මට්ටමටම එනවා. අන්න එතකොට තමයි පෘතග්ජන වෙන්නේ.

    දැන් බලන්න සමහර ජාත්‍යන්තර ප්‍රශ්නවලදී මිනිස්සු තමන්ගේ ජාතිය වෙනුවෙන් නැගී සිටිනවා. ඒත් අභ්‍යන්තර ප්‍රශ්නයකදි ජාතිය පැත්තක දාලා තමන්ගෙ කණ්ඩායම, ගමේ අය, නෑදෑයො, අන්තිමට තමන් ගැන, ඔය විදියටයි අපි හිතන්නෙ.

    මගුල් ගෙදරකදි බොහෝ වෙලාවට වැඩ කරන්නෙ "අනිත් පැත්තෙ" කට්ටියට උජාරුව පෙන්නන්න. තව සුළු වෙලාවකින් මේ අනිත් පැත්තෙ කට්ටියත් අපේ කට්ටිය බවට
    පත් වෙනවා කියලා හිතන්නෙ නැහැ නේද ?.

    මට හිතෙන්නෙ අපි මේ ජාතික කැක්කුම ගමේකම නෑදෑකම ගැන හිතන්නෙ අර "හුදකලා වීමේ" භීතිය නිසා නෙමෙයිද ?.
     
    Last edited: