පෘතුවිය-අසලින්-විශාල-ග්‍රහකයක්-අද-ගමන්-ක&#3515

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
පෘතුවිය-අසලින්-විශාල-ග්‍රහකයක්-අද-ගමන්-ක&#3515

Source: gossip9


2011 MD නමින් හදුන්වන විශ්වයේ පාවෙන විශාල ග්‍රහකයක් අද (27) පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය පවසනවා.මෙම ග්‍රහකය පෘතුවි කක්ෂයට කිලෝමීටර් 12000 ක් ඈතින් ගමන් කරන අතර එය පෘතුවියේ ගැටුනොහොත් එහි විනාශයේ තරම පරමාණු බෝම්බයක් පිපිරිම හා සමාන වනු ඇති බව නාසා ආයතනය විස්තර කර සිටිනවා.

විද්‍යාඥයින් විසින් මෙම ග්‍රහකයා පෘතුවියේ නොගැටී පෘථිවිය පසුකර යන බවට පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබේ.

2011 MD ග්‍රහකය අද ග්‍රිනිච් වේලාවෙන් 17:14 ට පෘතුවිය පසුකරගෙන යන අතර එය පැහැදිලිව ගිනිබෝලයක් සේ අන්ටාක්ටිකාවට දර්ශනය වනු අතට විද්‍යාඥයින් මත පල කර සිටිනවා.2011 MD වැනි විශාල ග්‍රහයින් පෘතුවි වායුගෝලය හරහා පැමිණීමේදී දැවී අළු නොවේ.


මෙම වසරේ මෙයට පෙර ඇති වූ මෙවන් තත්වයන්

පසුගිය අප්‍රේල් 15 වනදා න්‍යෂ්ටික බෝම්බ 15ක ශක්තියක් අඩංගු ග්‍රහකයක් පෘතුවිය පසුකරගෙන ගියේ පෘතුවියට සැතපුම් 2,085, 321ක් දුරිනි(පෘතුවියේ සිට සඳට ඇති දුර මෙන් දස ගුණයක්).එය GP59 යන නමින් හැදින්විණි.

ඉදිරියේදී සිදුවීමට නියමිත තත්වයන්

2005 YU55 නැමැති දැවැන්ත ප්‍රමාණයේ ග්‍රහකයක් එළඹෙන නොවැම්බරයේදී පෘතුවිය ආසන්නයෙන්ම ගමන් ගන්නා බව නාසා ආයතනය පවසයි.මෙම ග්‍රාහකය පොළවේ ගැටුන හොත් එමඟින් න්‍යෂ්ටික බෝම්බ 65,000ක පිපිරීමක් ඇතිකිරීමට හා සැතපුම් 06ක් පළලැති අඩි 2000ක් ගැඹුරු ආවාටයක් ඇතිකිරීමටද සමත් බවද එම වාර්තා හෙළිකරයි.


ටොන් මිලියන 55ක පමණ බරකින් යුත් මෙම ග්‍රාහකය ප්‍රමාණයෙන් මීටර් 400ක විශ්කම්භයකින්යුතු වන අතර එය සඳට වඩා කිට්ටුවෙන් අප පසුකර යනු ඇතැයිද තාරකා විද්‍යාඥයෝ අනාවැකි පවසති. එළඹෙන නොවැම්බර් 08 සහ 09 දිනවල මෙලෙස මෙම ග්‍රාහකය පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරනු විද්‍යාඥයින් මත පළකර සිටී.

කෙසේ නමුත් නාසා විද්‍යාඥයින් පවසන්නේ ඉදිරි වසර 100 තුළ ග්‍රාහකයක් පෘතුවියේ ගැටීමේ අවදානමක් නොමැති බවයි.
 
Last edited by a moderator:

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එහෙමනම් හෙට වෙද්දී ෆොටෝ ටිකක් මේකෙත් කව්රු හරි දාවි නේ
     

    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    Menna Badu.



    storyone_backstory_2005YU551.jpg