පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා නව චන්ද්‍රික

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා නව චන්ද්‍රික

    පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා නව චන්ද්‍රිකාවක්

    පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා ගැනීම සඳහා නාසා ආයතනය මඟින් නව චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කර තිබේ.
    The Transit Exoplanet Survey Satellite හෙවත් TESS ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රිකාව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යාවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශගත කර තිබේ.
    ස්පේස් එකස් ආයතනයේ ෆෝල්කන් 9 රොකට්ටුවකින් අභ්‍යාවකාශ ගතකර තිබෙන මෙම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් වියදම් කර ඇත.
    එම ගවේෂණ යානය මගින් ඉදිරි වසර දෙකක් තුළ දීප්තිමත් තාරකා දෙලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් වටා ඇති ක්ෂිරපථය පරීක්ෂාවට ලක් කිරීමට හැකිවනු ඇත.
    එම යානය සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි ග්‍රහලෝක 20,000 ක් වත් හඳුනාගනු ඇති බවට නාසා ආයතනය විශ්වාසය පළ කරයි.
    එසේම එහිදී පෘථිවියට සමාන ග්‍රහලෝක 50 ක් වත් එම යානයට සොයා ගැනීමට හැකි වනු ඇතැයි ද නාසා ආයතනය වැඩිදුරටත් පවසයි.
    කෙසේ වුවත් පෘථිවියෙන් එපිට ජීවයක් පැවතීම සම්බන්ධයෙන් කරනු ලබන පර්යේෂණ සඳහා මෙම නව චන්ද්‍රිකාව මඟින් ලබා ගන්නා තොරතුරු ඉතා වැදගත් වෙතැයි කියැවේ.


    http://www.dailymail.co.uk/sciencetech/article-5629597/Planet-hunting-TESS-spacecraft-map-85-sky.html
    image_2dd4b44be5.jpg

     
    • Like
    Reactions: manojdhrma

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    68,000
    113
    I wish they meet some nasty aliens and get ass raped.Then this nonscense will be over
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Good Post මචං. Rep++ මමත් සෑහෙන්න ආසා සබ්ජෙක්ට් එකක් අභ්‍යවකාශය, විශ්වය, වෙනත් ග‍්‍රහලෝක සොයාගෙන යෑම.... :):):)

    අපේ ජීවිත කාලය තුලදී කොයි යම් අවස්ථාවක හරි ජීවය සහිත පෘථිවියට සමාන ග‍්‍රහලෝක සොයාගනීවි ගොඩක් දුරට. ඒත් ඒ සොයාගන්න ලෝකයකට ගමන් කරන්න අවශ්‍ය තරම් දියුණු අභ්‍යවකාශ තාක්ෂණික මට්ටමකට යද්දි අපි ජීවත් වෙන ලෝකය අවසානයට ඇවිත් තියෙන්න ගොඩක් දුරට ඉඩ තියේවි. මීට කලින් උනත් එහෙම තිබිල තියෙන්න ඉඩ තියෙනව. අපිටත් වඩා සුපිරි දියුණුවක් ලබපු පෘථිවියක් සහිත ජීවීන් හිටපු ලෝකයක් තියෙන්න ඇති. ඒත් එච්චර දියුණු උනත් ඒගොල්ලන්ටත් වෙනත් ග‍්‍රහලෝකයකට ගමන් කරන්න යන්න කලිං ජීවත් වුණු ලෝකය විනාශ වුනා වෙන්න පුළුවන්.

    මිනිසාට භෙෘතික විද්‍යාවෙන් යා හැකි දුර මොන තරම් උත්සාහ කලත් සීමිතයි. මොකද සියළු භෙෘතික දේට කල හැකි දේ සීමා සහිතයි. ගොඩක් විශ්වීය නීති කඩලා හෝ වෙනස් කරලා ඒවා අභිබවා යන්න භෙෘතික දේට හැකියාවක් නැහැ. ඉතාම ආසන්නයට කිට්ටුවෙන්න උත්සාහ කරන්නට හැකි වේවි. විද්‍යාව දියුණුයි. දැනට භෙෘතික විද්‍යාව String theory කියන න්‍යායාත්මක මට්ටමකට විද්‍යාවේ සොයාගෙන ඇති දේවල් අනුව විශ්වය හැදිල තියෙන දේවල් ගැන යම් යම් කරුණු තහවුරු කරගන්න උත්සාහ කරමින් ඉන්නව. ඒත් අවුරුදු ගාණක් තිස්සේ මේ තියරිය සම්බන්ධයෙන් ඔප්පු කරගන්න පුළුවන් මට්ටමේ පුංචි හෝ දේවල් තාමත් නැහැ හරිම අල්පයක් විතරයි. තාම Black Hole ගැන කිසිම දෙයක් හොයාගෙන නැහැ. ඒත් මේ ගමන කොච්චර දිව්වත් අපි ජීවත් වෙන ලෝකයේ පවතින ස්වභාවය අවසානයට පත්වෙන්නට කලින් ඒ වෙනුවට විසඳුමක් හොයාගන්න මොන තරම් විද්‍යාවෙන් දියුණුවට පත් වුනත් බැරිවෙයි කියන එක අපිට හිතන්න පුළුවන්. එහෙනම් ඒක හොයන්න භෙෘතික සීමාවෙන් එහාට යන්නම වෙනව. ඒ කියන්නේ භෙෘතික මාන සියල්ල අත හැරල අධ්‍යාත්මිකව ලෝකය දිහා බලන්න පටන් ගන්නම වෙනව.

    බුදු හාමුදුරුවො දේශනා කරපු ධර්මය ඇතුලෙ අපිට මේ විශ්වය ගැන ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්. තාම ඒ ධර්මය ඇතුලේ දේශනා කරපු දේවල් වලින් සියට දහයක් විස්සක්වත් හොයාගෙන නැහැනෙ භෙෘතික විද්‍යාවෙන්. කොහොමත් කිසිම සැකයක් නැහැ දැනට තියෙන භෙෘතික විද්‍යාවේ දියුණුවත් එක්ක අභ්‍යාවකාශ ගමන් යන්නට අඩුම තරමේ අගහරු ලෝකෙට ගිහිං ජනාවාස ඇති කරන්නට පටන්ගන්න එක හරි සිද්ධ වෙයි. ඒත් ඒ වෙනුවෙන් මොන තරම් කාලයක් මිනිසුන්ට දියුණු වෙන්න ඔ්නෙද? දැනට විශ්වයේ කාලයත් එක්ක ගත්තම අපේ පෘථිවියේ විද්‍යා දියුණුව ඇති වෙලා තාමත් විනාඩි ගාණකුත් නෑ වගේ. පැයක් යද්දි පුදුම කාලයක් ගතවෙලා ඉවරයි. හැබැයි ඒ වෙද්දි අපි කොයි කොයි තැන්වල නැවතිලා ඉදීවිද?

    නමුත් අපි දන්නව භෙෘතික ලෝකයේ තියන හැම දේම කවද හරි විනාශයට පත්වන දේවල් කියල. ඉතින් ඒ වගේ දේවල් යොදා ගනිමින් විශ්වයේ සීමාවන්ගෙන් එහාට හොයන්න යනව කියන එක ඇත්තටම මොන තරම් දියුණු වුනත් කරන්න බැරි දෙයක් කියන එක තේරුම් යන්න ඔ්නෙ. හැබැයි විද්‍යාඥයින් නතර වෙන් නෑ. යම් කිසි දවසක තේරුම් යයි මේ හෙවිල්ලෙ තේරුමක් නැහැ කියල. බුදු හාමුරුවො පවා විශ්වය ගැන හොයන්න යන එකට කිසිම තැනක් දීල නැහැ. ඒ වෙනුවට කියල තියෙන්නෙ තම අධ්‍යාත්මය දියුණු කරල මේ ඉන්න උගුලෙන් ගැලවෙන්න කියන එකයි.
     
    Last edited:
    • Like
    Reactions: ravindaj