පෘථිවියේ_අභ්‍යන්තරය

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පෘථිවියේ_අභ්‍යන්තරය


    103949main_earth10.jpg



    පිටතින් බැලූ විට පෘථිවිය ඝන සහ දැඩි බවක් පෙන්වයි. නමුත් එහි මතුපිට සිට කි. මී. 6400 ක් පමණ අභ්‍යන්තරයට යනතෙක් සිදුරක් විදීමට ඔබට හැකි වුවොත් එය අප මතුපිටින් දකින ආකාරයට වඩා බොහෝ වෙනස්කම් වලින් පිරී තිබෙන අයුරු ඔබට දැකගැනීමට ලැබේ. පහළට ගමන් කරන විට පෘථිවියේ උෂ්ණත්වය ටිකෙන් ටික උණුසුම් වන අතර මධ්‍යයට යන විට උෂ්ණත්වය ඉතාමත් අධික වේ. පෘථිවියේ අභ්‍යන්තරයට යන විට එහි උෂ්ණත්වය සෑම මීටර් 100 කටම සෙ. අ. 3 කින් වැඩිවේ.

    වඩ වඩාත් අභ්‍යන්තරයට යාමේදී එහි උෂ්ණත්වය තවත් වැඩිවන බැවින් එහි ඇති පාෂාණ ඝන තත්ත්වයේ නොපවතින අතර උණුසුම් ද්‍රව තත්ත්වයට පත් වේ. පෘථිවියෙ පිටතින් පිහිටි දැඩි පෘෂ්ඨයේ සිට ඉතා ඝනකම් වූ ප‍්‍රාවරණය අතරින් ද්‍රව තත්ත්වයේ පවතින පිටත හරයට යන විට පාෂාණ ද්‍රව්‍ය වලින් නිර්මාණය වූ ස්ථර විශාල ප‍්‍රමාණයක්් දක්නට ලැබේ. මධ්‍යයේ පිහිටි අභ්‍යන්තර හරයට ළඟා වන විට එහි සෑම තැනකම පාෂාණ දැකගැනීමට නොලැබෙයි. මෙම කොටස මුළුමනින්ම පාහේ ඝන ලෝහවලින් සෑදී ඇත.


    පිටත පෘෂ්ඨයපෘථිවියේ පිටතින්ම පිහිටි ස්ථරය පිටත පෘෂ්ඨය යනුවෙන් හඳුන්වයි. ඔබ ඇපල් ගෙඩියක් පෘථිවියට සමාන කළහොත් එහි ලෙල්ල මේ පිටත පෘෂ්ඨයට සමාන කළ හැකිය. පිටත පෘෂ්ඨයේ සම්පුර්ණ ගැඹුර දක්වා සිදුරු කිරීමට කිසිවකු සමත් වී නැති අතර එසේ කිරීමට හැකි වී ඇත්තේ කි. මී. 15 ක පමණ දුරක් පමණි. පෘථිවි පෘෂ්ඨය ඝන පාෂාණයෙන් නිර්මාණය වී ඇති අතර විවිධ ස්ථානවලදී එහි ගැඹුර විවිධ අගයන් ගනී. සාගර පිහිටි තැන්වලදී (සාගරයට ඉහළ කොටස ද ඇතුළුව) එම ස්ථරයේ ඝනකම (නැතහොත් ගැඹුර) කි. මී. 5 - 10 අතර ප‍්‍රමාණයකි. එය ප‍්‍රධාන වශයෙන් බැසෝල්ට් පාෂාණ වලින් සෑදී ඇත. ප‍්‍රධාන භූමි ස්කන්ධයක හෝ මහද්වීප වලට පහළින් ඇති ස්ථරයේ ඝනකම කි. මී. 35 - 70 ක් පමණ වේ.

    මෙය ප‍්‍රධාන වශයෙන් ග‍්‍රැනයිට් (කළුගල්) ආකාරයේ පාෂාණ වලින් නිර්මාණය වී ඇත. පිටත පෘෂ්ඨය තනි ඝන බෝලයක් ලෙස නොපිහිටන අතර එය දිවුල් ගෙඩියක කටුව මෙන් පිටත ආවරණයක් ලෙස පිහිටයි.

    ප‍්‍රාවරණයපෘථිවි පෘෂ්ඨයට පහළින් ඇති කොටස හඳුන්වන්නේ ප‍්‍රාවරණය නමිනි. මෙම කොටස ස්ථර දෙකක් ලෙස පිහිටයි. එහි පිටත කොටස කි. මී. 600 ක් පමණ ඝනකමින් යුක්ත වන අතර ප‍්‍රධාන වශයෙන් පාෂාණ ස්ඵටිකවලින් නිර්මාණය වී ඇත. උණුසුම් ද්‍රව තත්ත්වයේ පවතින පාෂාණ ඒවා අතර පිහිටා ඇත. එහි උෂ්ණත්වය සෙ. අ. 2000 ක් පමණ වේ. මෙම උණු ද්‍රව පාෂාණ මැග්මා යනුවෙන් හඳුන්වන අතර ඒවා ස්ථරය තුළ උණු තාර මෙන් ගලායයි. මේවා ඉතා ඉහළ පීඩනයක් යටතේ ප‍්‍රාවරණය තුළ පවතින අතර සමහර අවස්ථාවලදී පෘථිවි පෘෂ්ඨය මතුපිට ඇති දුර්වල ස්ථානවල ඇති විවර සහ සිදුරු තුළින් පිටතට නික්මේ. ගිනිකන්දක් පුපුරා යන විට ලාවා නමින් හඳුන්වන රතු පැහැති උණුසුම් උකු ද්‍රවයක් ලෙස මේවා පිටතට විසිරී යයි. ප‍්‍රාවරණයේ ඇති අනෙක් ස්ථරය අභ්‍යන්තර ප‍්‍රාවරණය යනුවෙන් හඳුන්වයි.

    අභ්‍යන්තර ප‍්‍රාවරණයේ අධික පීඩනයක් පවතින නිසා එහි පවතින පාෂාණ ඝන තත්ත්වයේම පවතී. නමුත් ඒවා ඉතා දැඩි බවක්් නොපෙන්වයි. ඒවා ප්ලාස්ටික් මෙන් පවතින අතර ක‍්‍රමක‍්‍රමයෙන් චලනය වෙයි.

    හරයප‍්‍රාවරණයේ ආරම්භක ස්ථානයේදී එහි හදිසි වෙනස් වීමක් පෙන්වයි. පාෂාණවලට වඩා එහි ඇති ද්‍රව්‍ය වලින් බොහෝ ප‍්‍රමාණයක් යකඩ සහ නිකල් වැනි ලෝහ වර්ගයි. පිටත හරයේ උෂ්ණත්වය ගැඹුරට යන විට වැඩි වන අතර අභ්‍යන්තර හරය ආසන්නයට යන විට සෙ. අ. 3000 කට අධික වේ. පිටත හරයේ ඇති යකඩ ද්‍රව තත්ත්වයේ පවතී. ඒවා යෝධ ඉස්කුරුප්පු මෙන් කරකැවෙමින් පවතී. මෙම කි‍්‍රයාකාරිත්වයේ හේතුවෙන් පෘථිවියේ චුම්බක ක්‍ෂේත‍්‍රය හටගනී. අභ්‍යන්තර හරයේදී එහි උෂ්ණත්වය තව තවත් වැඩිවෙයි. පෘථිවියේ මධ්‍යයට යන විට සමහර විට එහි උෂ්ණත්වය සෙ. අ. 7500 තරම් ඉහළ අගයක් ගනී.

    නමුත් මෙම ස්ථරයේ පවතින ඉතා අධික පීඩනය නිසා (මෙම කොටසේ පවතින පීඩනය පෘථිවියේ මතුපිට පීඩනය මෙන් මිලියන කීප ගුණයකින් වැඩිය) එහි ඇති යකඩ ස්ඵටික ඝන බෝලයක් මෙන් එකට බැඳී පවතී. අපට පෘථිවියේ අභ්‍යන්තරය පිළිබඳ දැන ගත හැක්කේ කෙසේ ද? කිසිවෙකුටත් කිසිදාක පෘථිවියේ අභ්‍යන්තරයේ මෙතරම් දුරක් ගමන් කළ නොහැකිය. පෘථිවියේ අභ්‍යන්තරයේ ස්ථර අතරින් ඒවා පසුකරමින් එන භූමිකම්පාවලිින් හටගන්නා කම්පන තරංගවලින් අපට අභ්‍යන්තරය පිළිබඳ තොරතුරු ලබාගත හැක. එමෙන්ම උල්කාෂ්ම මගින් ද පෘථිවි අභ්‍යන්තරය පිළිබඳ තොරතුරු ලැබේ. භූම්කම්පා වලින් හටගන්නා සමහර කම්පන තරංග පිටත හරය අතරින් ගමන් නොකරයි. එයින්් අපට එම කොටස ද්‍රව තත්ත්වයේ තිබෙන බව තීරණය කළ හැකිය. පෘථිවි හරය යකඩවලින් නිර්මාණය වී ඇති බව අපි දනිමු. දීර්ඝ කාලයකට ඉහත දී පෘථිවිය වැනි ග‍්‍රහ ලෝකයකින් බිඳී ගිය ග‍්‍රාහක කැබලි වල සංයෝජනය පෘථිවි හරයේ ඇති යකඩ සමඟ සංසංදනය කර බැලීමෙන් මේ පිළිබඳව නිගමනවලට එළඹීමේ හැකියාව ඇත.

    මංජුල දිසානායක



    Lawa_2473400.jpg

     

    Similar threads