ඔයා මිනිස් ලෝකයේ අවුරුදු 90 ක් හෝ ඊට වැඩියෙන් ජීවත් වුණොත්, ඔයාට සැලකිය යුතු දීර්ඝායුෂ තියන බව සැලකෙනවා. හැබැයි, සත්ව ලෝකයේ සමහර සතුන්ට අවුරුදු 90 ක් කියන්නෙ ළදරුවෙකුගේ වයසක්. මේ ජීවීන්ගෙන් සමහරක් මේතරම් කාලයක් තිස්සේ පැවතුණු අයයි.
01. ටුවාටරා – අවුරුදු 110 ට වැඩි
ටුවාටාරා කියන්නෙ නවසීලන්තයේ වෙසෙන කුඩා උරග වර්ගයක්. මොවුන් කටුස්සන් වගේ පෙනුණට ඇත්තටම ඔවුන් මීට වසර මිලියන 200 කට විතර පෙර පෘථිවියේ ජීවත් වූ ඩයිනෝසෝරයන් හා සම්බන්ධ විශේෂිත පෙළපතක කොටසක්. අද වෙනකොට මේ විශේෂයන් වඳවීමේ තර්ජනයට ලක්වෙලා තියනවා. ඒත් ඔවුන්ගෙන් සමහරෙකුට අවුරුදු 110 කට වඩා වැඩි ආයු කාලයක් තිබෙනවා.
02. ඔරේන්ජ් රෆී – අවුරුදු 149 යි
මොවුන් හෙමින් වැඩෙන, දිගු කල් පවතින මත්ස්‍ය විශේෂයක්. උපරිම ආයු කාලය අවුරුදු 149 ක් තරම් ඉහළ අගයක් ගන්නා බවට ඇස්තමේන්තු කරලා තිබුණත්, අද වෙනකොට අධික ලෙස මසුන් ඇල්ලීම නිසා ඔවුන් වඳවීමේ තර්ජනයට ලක්වෙලා සිටිනවා.
03. ජියෝඩක් – අවුරුදු 168 යි
ජියෝඩක් කියන්නෙ උතුරු ඇමරිකාවේ බටහිර වෙරළ තීරයට ආවේණික විශාලම ජීවී විශේෂයක්. ජියෝඩක් ගැහැණු සතුන් ජීවිත කාලය පුරාවටම බිත්තර බිලියන පහකට වඩා නිපදවනවා. පැරණිතම ජියෝඩක් අවුරුදු 168 ක් ජීවත්ව තිබෙන බව හොයාගෙන තිබෙනවා.
04. අවුරුදු 211 ක් පැරණි දුනු තල්මසා
දුනු තල්මසා, නිල් තල්මසා තරම් ප්‍රසිද්ධ නැතත්, ඔවුන්ට කැපී පෙනෙන විශේෂිත ලක්ෂණ කිහිපයක් තියනවා. සතුන් අතර විශාලම කට තියෙන්නෙ දුනු තල්මසුන්ටයි. මේ ජීවීන්ට වසර 200 කට වඩා ජීවත් වෙන්න පුලුවන් අතරම වැඩිම කාලයක් කලක් ජීවත් වන මුහුදු ක්ෂීරපායි සතුන් වර්ගය වෙන්නෙත් මේ දුනු තල්මසුන්. ඒ වගේම පැරණිතම දුනු තල්මසාගේ වයස අවුරුදු 211 ක් වෙනවා.
05. කෝයි මාළු – අවුරුදු 226 යි
සාමාන්‍යයෙන් කෝයි මසුන් අවුරුදු 50 ක් විතර ජීවත් වෙනවා. එත් ඔවුන්ගේ එක් වර්ගයක් වන හැනකෝ කියන තද රතු පාට කෝයි මත්ස්‍යයා වයස අවුරුදු 226 ක් ජීවත් වෙලා තිබෙනවා. මාළුවෙක් මෙච්චර කාලයක් ජීවත් වුණේ කොහොමද කියන එක නම් තාමත් අභිරහසක්.
06. ඇල්ඩබ්රා යෝධ ඉබ්බා – අවුරුදු 255 යි
මේ යෝධ ඉබ්බන්ට නම් ඇදහිය නොහැකි තරම් දීර්ඝ ආයුෂ තියනවා. ඒ අතරිනුත් ඇඩ්වායිටා ඇල්ඩබ්රා යෝධ ඉබ්බා වයස අවුරුදු 255 ක් ජීවත් වුණු අද්විතීය සත්වයෙක්. විද්‍යාඥයන් කියන්නෙ මෙතෙක් ජීවත් වුණු පැරණිතම භෞමික සත්වයා ඇල්ඩබ්රා යෝධ ඉබ්බා කියලයි.
08. අවුරුදු 280 ක් පැරණි මිරිදිය මුතු පැළෑටි
මිරිදිය මුතු පැළෑටි කියන්නෙ දිගු කලක් ජීවත් වන ජීවී විශේෂයක්. ඒවා ඉතා සෙමින් වර්ධනය වන අතර සාමාන්‍ය ආයු කාලය අවුරුදු 86-102 ක් පමණ වෙනවා. හැබැයි මේ කාලය ජලයේ ගුණාත්මකභාවය වගේ පාරිසරික සාධක මත රඳා පවතිනවා. දැනට හොයාගෙන තියන පැරණිතම මිරිදිය මුතු පැළෑටියේ වයස අවුරුදු 280 ක් වෙනවා
09. ග්‍රීන්ලන්ඩ් මෝරා – අවුරුදු 400 යි
ග්‍රීන්ලන්ඩ් මෝරුන්ට තියෙන්නෙ ගොඩක් බය හිතෙන පෙනුමක්. ඒ වගේම පෘථිවියේ සැරිසරන පැරණිතම පෘෂ්ටවංශීන් වෙන්නෙත් මේ ග්‍රීන්ලන්ඩ් මෝරුන්. ඔවුන් ලිංගික පරිණතභාවයට පත්වෙන්නේ වයස අවුරුදු 150 දී පමණ වන අතර සාමාන්‍යයෙන් අවුරුදු 400 ක් පමණ ජීවත් වෙනවා.
10. මුහුදු ක්වාහෝග් – අවුරුදු 507 යි
මුහුදු ක්වාහෝග් කියන්නෙ ආහාරයට ගත හැකි ක්ලාම් විශේෂයක්. ඔවුන් සමුද්‍ර ද්වීපද මොලුස්කාවන් වන අතර හැම වසරකම තමන්ගෙ කවචයට තවත් එක් ස්ථරයක් එකතු කර ගනිමින් ඉතා දිගු ආයු කාලයක් ජීවත් වෙනවා. අවුරුදු 507 ක් ජීවත් වූ මින්ග් කියන්නෙ මෙයට හොඳම උදාහරණයයි.
11. ඇන්ටාක්ටික් ස්පොන්ජ් – අවුරුදු 1550 ක් පැරණි
විද්‍යාඥයින්ගෙන් බහුතරයක් කියන්නෙ ඇන්ටාක්ටික් සාගරයේ තිබෙන ඉතාම අඩු උෂ්ණත්වය හා ඒවායේ මන්දගාමී වර්ධන වේගය නිසා ඇන්ටාක්ටික් ස්පොන්ජියට සියවස් ගණනාවක් ජීවත් විය හැකි බවයි. මෙහි පැරණිතම නිදර්ශක අවුරුදු 1,550 ක් වයස බව සමහරු ගණන් බලා තිබෙනවා.
12.අමරණීය ජෙලිෆිෂ් මාළුන්
මේ “අමරණීය” ජෙලිෆිෂ්ට කරදරයක් වුණාම ආයෙත් ඉපදෙන්න පුලුවන්. ඒ කියන්නෙ ලෝකයේ ඉන්න අනිත් ජීවීන් වගේ නෙවෙයි,එයාලට මැරෙන්නෙ නැතුව ඉන්න පුලුවන්. ඔවුන්ගේ ටියුරිටොප්සිස්, වැඩිහිටි සෛල බාල කරගෙන පොලිප්ස් බවට පරිවර්තනය කරනවා. බඩගින්නෙන් පෙළෙන විශේෂ බොහෝමයක් සාගරයේ ජීවත්වෙන නිසා විලෝපිකයන් විසින් මොවුන්ව පහසුවෙන් මරා දැමිය හැකියි.
------ Post added on Oct 1, 2021 at 10:13 AM