පෙට්‍රල් නැත - කැමතිනම් ගහන්න

monson

Well-known member
  • May 7, 2007
    25,632
    28,631
    113
    පෙට්‍රල් නැත - කැමතිනම් ගහන්න

    රටේම වාහන ලෙඩ කරවන්නට
    බාල තෙල් ගෙන්වූ තෙල් බාලා කවුද?



    අජිත් අලහකෝන්


    ධාවනය වෙමින් තිබූ යතුරු පැදි ත්‍රිරෝද රථ හා මෝටර් රථ හිටි හැටියේ මහමඟ නතර විය. ඉන්පසුව ඒවා ගරාඡ් වෙත තල්ලු කරගෙන යැමට රියෑදුරන්ට සිදුවිය. වාහනයේ හදවත බඳුවූ එන්ජිම නතර වී ඇත. ටැංකියේ සිට එන පෙට්‍රල්.......පෙට්‍රල් නොව අප ද්‍රව්‍ය සහිත වෙනත් ද්‍රdවණයක්‌ බව ගරාඡ් හිමියන්ට වැටහිණි.

    වාහන එසේ රෝගාතුර වෙද්දී ඉන්ධන පිරවුම්හල් පොම්ප අක්‍රිය විය. මේ පිරවුම්හල්වල ටැංකිවලින් ආවේ පෙට්‍රල් නොව වෙනත් ද්‍රාවණයකි. පොම්පවලට හානි පැමිණවීමට තරම් ඒ ද්‍රාවණයේ රසායනික ක්‍රියාකාරිත්වය වැඩිවිය.

    "පෙට්‍රල් නැත" ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල දැන්වීම් එල්ලා තිබෙද්දී "කැමතිනම් ගහන්න" යනුවෙන්ද පුවරු ප්‍රදර්ශනය විය. ඒ පාරිභෝගිකයාගෙන් එල්ලවන චෝදනාවලින් මිදෙන්නටය. කෙසේ වෙතත් වාහන හිමියන්ට, ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දස දහස්‌ ගණනින් පාඩු විඳින්නට සිදුවිය.
    "බාල පෙට්‍රල් ගෙනල්ලා" රටපුරා කතාබහ කරන්නට විය. මේ කතාබහ දුරදිග ගියේය. කතාබහේ අවසානයක්‌ දකින්නට පෙර ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ටයිටස්‌ ජයවර්ධන මහතා නියමිත කාලයට කලින් පූර්ව විශ්‍රාම නිවාඩු ලබාගෙන තිබේ. තවත් මාස තුනක සේවා කාලයක්‌ තිබියදීත් ලේකම්වරයා ඉල්ලා විශ්‍රාම යන්නේ, නැතිනම් විශ්‍රාම යැමට පෙර හිමි නිවාඩු ලබාගන්නේ ඇයි. රට පුරා තැන තැන එන්ජින් අක්‍රිය වී වාහන නතරවීමේ සහ ඉන්ධන පිරවුම්හල්වල පොම්පවලට හානිවීමේ වගකීම භාරගෙනද? පෙට්‍රල් කියා සැකකටයුතු ද්‍රාවණයක්‌ ගෙන්වීමේ වගකීම තමන් මත පටවා ගනිමින්ද?

    වෙනත් රටවල නම් සාමාන්‍ය සිදුවීමක්‌ වන වගකීම ගෙන සේවය හැරයැමේ ක්‍රියාව අපේ රටට තවමත් ආගන්තුකය. මෑතකදී මේ ආදර්ශය අපට ලබා දුන්නේ ආචාර්ය මහින්ද බාලසූරිය මහතාය. ඒ පොලිස්‌පති තනතුරින් ඉල්ලා විශ්‍රාම යැමෙනි. පෞද්ගලික අංශයේ විශ්‍රාම පනතට එරෙහිව කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපයේ පැවැති උද්ඝෝෂණයේදී පොලිස්‌ වෙඩි ප්‍රහාරයකින් තරුණයකු මිය යැමේ සිද්ධියේ වගකීම පොලිස්‌පති ආචාර්ය බාලසූරිය භාරගත්තේය. වසර දෙකක සේවා දිගුවකට හිමිකම් තිබියදීත් විශ්‍රාම යැමේ ලිපිය භාරදුන් ඔහුට බ්‍රසීලයේ තානාපති තනතුර පිරිනමා ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තාකර තිබිණි.

    ටයිටස්‌ ජයවර්ධන මහතා පූර්ව විශ්‍රාම යැමේ ලිපිය ජනාධිපති ලේකම්වරයාට භාර දුන් බව ඉතාම විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔස්‌සේ මාධ්‍යයට තොරතුරු ලැබිණි.

    රටම ආන්දෝලනයකට ලක්‌කළ මේ පෙට්‍රල් මොනවාද ඒවා ලංකාවට ආවේ කෙසේද යන්න පිළිබඳ මේ දිනවල විෂයභාර ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ නියමය පරිදි පරීක්‍ෂණ පවත්වයි. හොරාගේ අම්මාගෙන් පේන අහන ක්‍රමයෙන් ඇමැතිවරයා මිදී ඇත. ඒ මෙම පරීක්‍ෂණ කණ්‌ඩායමේ මූලිකත්වයට වෙනත් අමාත්‍යංශයක ලේකම්වරයකු පත් කිරීමෙනි. එහෙත් මෙම පරීක්‍ෂණවලට දැනටමත් බලපෑම් එල්ල වී ඇති බව නම් පැහැදිලිය. තත්ත්වයෙන් බාල පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් 20,000 ක්‌ මෙරටට ගෙන්වා ඇති බව නොරහසකි. මේ පෙට්‍රල් පිළිබඳ පරීක්‍ෂණ ආරම්භවීමත් සමගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ වාණිජ අංශයේ පරිගණක පද්ධතිය මුළුමනින්ම අක්‍රිය කර ඇති බවට තොරතුරු ලැබී ඇත. ඒ අනුව මෙම පරීක්‍ෂණයට අදාළ ඉතාමත්a වැදගත් තොරතුරු රැසක්‌ වළලා දැමීමට ගත් උත්සාහයක්‌ ලෙස බැලූ බැල්මට පැහැදිලිය.

    පෙට්‍රල් තොගය මෙරටට ගෙන්වන තැන සිට සියුම් දත්ත ඒ අනුව මැකී ගොස්‌ ඇත්ද යන්න ප්‍රශ්නයකි. මෙම පෙට්‍රල් තොගය ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙන්නේ ටෙන්ඩර් කැඳවීමකින්ද තොරව බව පැවැසේ. මෙකී පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් 20,000 ශ්‍රී ලංකාවට ආවේ කෙසේද යන්න ගැන සොයා බැලීම මෙම අපරාධය සොයා ගැනීම සඳහා වන මූලික කාරණයයි.

    සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව පසුගිය මැයි මාසයේ දින කිහිපයක්‌ ක්‍රියාවිරහිත වීම නිසා රටපුරා පෙට්‍රල් හිඟගයක්‌ ඇති විය හැකි යෑයි ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ නිලධාරීන් දැනුම්දීමක්‌ කර තිබේ. ඒ අනුව ජුනි 10, 11 දින වනවිට අලුතෙන් තෙල් ඇණවුම් කළයුතු බවද මෙම නිලධාරීන් වගකිවයුත්තන්ට පෙන්වා දී තිබේ. ඒ අනුව මැයි 05 වැනිදා පෙට්‍රල් මිලට ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක්‌ කර ඇත. එකී ටෙන්ඩර් විවෘත කරනු ලැබුවේ මැයි 25 දිනය. ඒ ටෙන්ඩර් කැඳවා දින විස්‌සක්‌ ගතවූ පසුවය. මෙම තෙල් නැව මෙරටට ළඟාවිය යුත්තේ ජුනි 10, 11 යන දිනවල බවද අදාළ ටෙන්ඩර් කරුවන්ට කොන්දේසි ඉදිරිපත් කර තිබිණි. එහෙත් මෙම දිනවල තෙල් නැව මෙරටට ළඟා කරවීම අපහසු බව නිසාම ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම් අඩුවිය. ටෙන්ඩර් ඉදිරිපත් කළේ එක්‌ සමාගමක්‌ පමණි. ටෙන්ඩර් විවෘත කර දින පහළොවක්‌ වැනි සුළු කාලයකදී පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් 20,000 ක නැවක්‌ ලබාදීම අපහසු බව සමාගම් බොහෝමයක්‌ පවසද්දී අයදුම් කළේ ඉන්දියානු රිලයන්ස්‌ සමාගම පමණයි. ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය නැතිනම් ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව මේ ටෙන්ඩරය අවලංගු කිරීමට පියවර ගෙන යළි අලුතින් ටෙන්ඩර් කැඳවූයේය. මේ අලුතෙන් කැඳවූ ටෙන්ඩර් විවෘත කරන ලද්දේ මැයි 30 දාය. එහෙත් තෙල් නැව ලංකා වරායට ළඟාවිය යුතු දිනයේ වෙනසක්‌ නොකළ වගකිවයුත්තෝ එය ජුනි 10,11 දෙදින තුළ ලබා දිය යුතුම බවට කොන්දේසි පැනවීය.


    ටෙන්ඩරය විවෘත කර දින දහයක්‌ තුළ තෙල් නැවක්‌ ලබාදීම අපොහොසත් බැවින් ජුනි 16, 17 දෙදින තුළ පෙට්‍රල් නැව ලබාදිය හැකි බව දන්වා ටෙන්ඩර්යක්‌ ඉදිරිපත් කළේ එවරද එක්‌ සමාගමක්‌ පමණි. ඒ ද පෙර ටෙන්ඩරය ඉදිරිපත් කළ ඉන්දියානු රිලයන්ස්‌ සමාගම් ටෙන්ඩර්යයි. මෙය අමාත්‍යාංශය විසින් අවලංගු කළේය.

    ටෙන්ඩර්කරුවන්ට පෙට්‍රල් නැවක්‌ සීමිත දින ගණනකදී ලබාදිය යුතු බවට කොන්දේසි පනවමින්, එය සිදු නොකෙරෙන තත්ත්වයේ පසුබිමක්‌ නිර්මාණය කරන්නට අමාත්‍යංශයේ ඇතැමුන් ඒ ලෙස ක්‍රියා කළාදෝ යන සාධාරණ සැකයක්‌ද ඇතිවීම කිසිසේත් වැළැක්‌විය නොහැක. මේ අයගේ සැලසුම ක්‍රියාත්මක වන්නේ ඉන්පසුවය.

    ඉදිරිපත් කළ ටෙන්ඩර් දෙකම අවලංගු කළ අමාත්‍යංශය ටෙන්ඩර් කැඳවීමක්‌ නොකරම එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉනොක්‌ නමැති සිංගප්පූරු සමාගමකින් පෙට්‍රල් මෙටි්‍රක්‌ටොන් 20,000 ක්‌ ඇණවුම් කිරීමට පියවර ගත්තේය. ඉනොක්‌ නමැති සමාගම පෞද්ගලික සමාගමක්‌ වන අතර මෙම ගනුදෙනුව කිසිසේත් ශ්‍රී ලංකා රජයත්, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයත් අතර සිදුවූ ගනුදෙනුවක්‌ නොවන බවද පැවැසේ. හාස්‍යයට කරුණ නම් මේ ටෙන්ඩර් නොකැඳවා ගෙන්වන පෙට්‍රල් නැව පෙර ටෙන්ඩර් කරුවන්ට නියම කළ ජුනි 10 11 දිනවල ශ්‍රී ලංකා වරායට සේන්දු නොවීමය. එය පැමිණෙන්නේ ජුනි 15 දාය.

    නීත්‍යනුකූලව ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම්වලට පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් 20,000 ආනයනය කිරීම මෙහිදී වළක්‌වා ඇත. කෘත්‍රිම ලෙස ඉන්ධන හිඟයක්‌ මවා පා කිසියම් පුද්ගලයකු හෝ කණ්‌ඩායමක්‌ තනි කැමැත්තට තෝරාගත් සමාගමක්‌ වෙත (ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව) පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් 20,000 ගෙන්වීමට භාර දී ඇති බව මේ අනුව පෙනී යයි.

    සාමාන්‍යයෙන් ඉන්ධන නැවක්‌ වරායට සේන්දු වූ විගස එම තෙල් ගොඩබාන්නේ නැත. එම තෙල්වල නියෑදි පරීක්‍ෂණයක්‌ සිදු කිරීම අනිවාර්යය. මෙම පෙට්‍රල් නැවද එම පටිපාටිය අනුව වරායට සේන්දු වූ පසු ඉන් පෙට්‍රල් නියෑදියක්‌ කොළොන්නාව පරීක්‍ෂණාගාරයේදී පරීක්‍ෂාවට ලක්‌කෙරිණි. මේවා පෙට්‍රල් නොවන බව ප්‍රමිතියෙන් තොර බව අනාවරණය කරගත් පරීක්‍ෂණ කණ්‌ඩායම ඒවා ගොඩ බෑමට අවසර ලබා දීම ප්‍රතික්‍ෂේප කළහ. එහෙත් කිසියම් බලධාරියෙකු පරීක්‍ෂණ නිලධාරීන්ගේ උපදෙසට පිටින් ගියේය. තත්ත්වයෙන් බාල පෙට්‍රල් තොගය ගොඩ බෑම සිදු නොකරන ලෙසට පර්යේෂකයන් දුන් තීරණය වෙනස්‌ කර මෙම බලධරයා එම තෙල් තොගය කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය වෙත ගොඩබෑමට අණ කළේය. ඒ අනුව එම පෙට්‍රල් කොළොන්නාවට ගොඩ බෑවේය. පසුව මෙම පෙට්‍රල් වෙළෙඳ පොළට නිකුත් විය. ඒ පෙට්‍රල් පුරවාගෙන ධාවනය කරන ත්‍රිරෝද රථ, යතුරු පැදි, මෝටර් රථ, පමණක්‌ නොව ඉන්ධන පිරවුම් හල්වල ඇති පොම්පද විශාල ප්‍රමාණයක්‌ හානිවන්නට විය.

    මේ පිළිබඳ අමාත්‍යාංශයට පැමිණිලි ගලා එන්නට විය. මාධ්‍ය ඔස්‌සේ මේ තත්ත්වය පිළිබඳ පුවත් පළකරන්නට විය. එය දැනගත් අමාත්‍යංශය යළිත් එකි පෙට්‍රල්වල නියෑදි පරීක්‍ෂණයක්‌ සඳහා කොළොන්නාව තෙල් පිරිපහදුවේ රසායනාගාරය වෙත පෙට්‍රල් සාම්පල යවන්නට පියවර ගත්තේය. එහෙත් ඒවා දුටු පමණින් බැලු බැල්මටම පෙට්‍රල් නොවන බවත් වෙනත් ද්‍රdවණයක්‌ බවත් රසායනාගාරයේ විද්‍යාඥයන් තීරණය කළේය. රට පුරා වාහන, ඉන්ධන, පොම්ප හානියට පත් කළ මෙම අද්භූත ද්‍රdවණය තම රසායනාගාරය තුළදී පරීක්‍ෂාවට ලක්‌ කළොත් රසායනාගාරයේ ඇති වටිනා පරීක්‍ෂණ උපකරණද හානියට පත්වේයෑයි සාධාරණ සැකයක්‌ මතු කළ විද්‍යාඥයින් එම නියෑදි පරීක්‍ෂණය ප්‍රතික්‍ෂේප කළේය. එහෙත් මේ සිද්ධිය වන අවස්‌ථාවේදී ප්‍රශ්නගත පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් 17,000 ක්‌ වෙළෙඳපොළට නිකුත් කර අවසන්ය. ඉතිරි මෙටි්‍රක්‌ ටොන් 3000 වෙළෙඳපොලට යෑවීම නතර කළ බවද ප්‍රකාශ විය. මේ තොරතුරු ජනතා විමුක්‌ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ද හෙළි කළේය. පිරිපහදුවේ ටැංකිවලට වැසි ජලය එකතුවීම නිසා මේ පෙට්‍රල් ප්‍රමිතියෙන් තොරවන්නට ඇති බව ඇමැතිවරයාද වරෙක ප්‍රකාශ කළේය. මේ පිරිපහදුවේ ටැංකිවලට වැසි ජලය එකතුවන්නේ නම් මීට පෙරත් මේ ආකාරයටම සිදුවිය යුතුය. එහෙත් එවැන්නක්‌ මින් පෙර සිදුව ඇතැයි අනාවරණය වී නොමැත. අනෙක්‌ අතට පෙට්‍රල් ටැංකිවලට ජලය කාන්දු වන තත්ත්වයක්‌ ඇත්නම් එහි වරද කාගේද ටැංකිවලට වතුර මිශ්‍ර වීම වැළැක්‌වීමට බලධාරීන් පියවර නොගත්තේ මන්ද යන ගැටලු මෙහිදී මතුවේ.

    ඇමැතිවරයා ඉන්පසු අවස්‌ථාවකදී පවසා තිබුණේ පෙට්‍රල් අවශ්‍යතාව වැඩි නිසා ටැංකි තුළ තිබූ මංඩිද නිකුත් කර ඇති බවය. එහෙත් මෙම තෙල් ටැංකිවලින් පිටතට තෙල් නිකුත් කිරීම සිදු කරනුයේ ටැංකිය පතුලේ සිට අඩි දෙක තුනකට වඩා ඉහළින් බව තතු දත් අය පවසති. මේ නිසා කිසිසේත් පතුලේ ඇති මංඩි නිකුත් නොවේ.

    එහෙත් පසුගිය 05 දා ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ වෙනත් කතාවකි.

    මෙම පෙට්‍රල් ගනුදෙනුව සිදුවන අවස්‌ථාවේදී තමන් ශ්‍රී ලංකාවේ නොසිටි බව, ලංකාවට පැමිණෙද්දී පෙට්‍රල් සිද්ධිය ගැන විශාල ලෙස කතා බහ කරමින් සිටි බවද ඇමැතිවරයා පැවසීය.

    මෙම පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් 20,000 ගෙන්වීමේ ක්‍රියාවලිය සොයා බැලීම සඳහා අමාත්‍යංශ මට්‌ටමින් මේ වනවිට කමිටුවක්‌ පත්කර තිබේ. එම කමිටුවට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළත් නොකරන්නට ඇමැතිවරයා ගත් තීරණයද මෙහිදී අගය කළ යුතුය. වෙනත් අමාත්‍යංශයක ලේකම් වරයෙක්‌ ප්‍රධානත්වය දරන මෙම කමිටුවට හිටපු පිරිපහදු කළමනාකරුවකු වන රසායන විද්‍යඥයෙක්‌ සහ අලෙවි ප්‍රවීණයෙක්‌ ඇතුළත් කර තිබේ.

    අදාළ පරීක්‍ෂණ අවසන් වනතුරු තෙල් නැව එවන ලද සිංගප්පූරු සමාගම වෙත මුදල් ලබාදීම අත්හිටුවීමටද පියවර ගත් බව කී sඇමැතිවරයා නිශ්චිත දිනයේදී තෙල් නැව ලබා දෙන්නට ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම්වලට අපහසු බව කී නිසා වෙනත් සමාගමකින් තෙල් ටොන් 20,000 මිලට ගැනීමට තීරණය කළ බවද කීය. මෙම ප්‍රශ්නගත තෙල් බෙදා හැරීමද අත්හිටුවූ බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    ජල වාෂ්ප සමඟ ක්‍ෂණිකවම ප්‍රතික්‍රියා දක්‌වන මීතේන් නමැති සක්‍රිය මූලද්‍රව්‍ය මෙම ඉන්ධනවල අන්තර්ගතවීම නිසා ඒවා තත්ත්වයෙන් බාල වී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ නිලධාරීහු පවසති. මෙම පෙට්‍රල් තොගයේ මීතේන් අඩංගු බව තෙල් නැව වරායට පිවිසි මොහොතේ සිදුකළ පරීක්‍ෂණවලින්ද තහවුරු වී ඇත. එසේ තිබියදීත් සංස්‌ථාවේ කිසියම් පුද්ගලයෙක්‌ හිතුමතේට තීරණයක්‌ ගෙන ඒවා වෙළෙඳ පොළට නිකුත් කරන්න නියෝග දීම කොතරම් වරදක්‌ද?

    දැන් මේ වරද කවුරුන් හෝ අතින් සිදුව ඇත. එය හිතාමතා කළ වරදකි. කුමක්‌ හෝ පෞද්ගලික වාසියක්‌ අපේක්‍ෂාවෙන් කළ බරපතල වරදකි. සිදුකරන පරීක්‍ෂණයෙන් මේ වරදකරුවන් කවුදැයි හඳුනාගත හැකිවේවිද? පොලිස්‌පතිවරයාට ගෙදර යන්නට සිදුවූ කටුනායක ඝාතන සිද්ධියේ වරදකරුවන් සෙවීමට පත්කළ පරීක්‍ෂණ කමිටු වාර්තාවට සිදුවූ දේ මෙම පරීක්‍ෂණ වාර්තාවටත් සිදුවේද? පෙට්‍රල් බාලද නැද්ද යන්න ඉන්ධන පිරවුම්හලෙන් වාහනයට තෙල් ගසාගන්නා පුද්ගලයන් දන්නේ නැත. මෙය ඔවුන්ගේ වරදක්‌ නොවේ. ඒත් ආණ්‌ඩුවේ වරදට වන්දි ගෙවන්නට, පාඩු විඳින්නට සිදුව ඇත්තේ වාහන හිමිකරුවන්ටය. ඉන්ධනහල් හිමියන්ටය. සිදුකර ඇති වරද සුළුපටු නොවේ. එහෙයින් ආණ්‌ඩුව මේ හානි මඟහරවන්නට ගන්නා ක්‍රියාමාර්ගය කුමක්‌ද? ඒ ක්‍රියාමාර්ගය දෙසත්, පත් කළ පරීක්‍ෂණ කණ්‌ඩායමේ වාර්තාව දෙසත් මුළු රටම බලා සිටිති. විධිමත් පරීක්‍ෂණය අවසානයේ වරදකරුවන්ට ලබා දෙන්නේ කිනම් ආකාරයේ දඬුවමක්‌ද නැතිනම් උසස්‌ වීමක්‌ද යන්න දෙසත් ජනතාව අවධානයෙන් යුක්‌තව බලා සිsටිති.


    2011/07/10:lol:

    - http://www.divaina.com/2011/07/10/feature22.html
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ ආණ්ඩුවේ නොහැකියාව වහන්න ඒ ආණ්ඩුවේ වැරදි සිද්ධි පෙන්නන්න සිද්ධ වීම :lol::lol:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    රටේම වාහන ලෙඩ කරවන්නට
    බාල තෙල් ගෙන්වූ තෙල් බාලා කවුද?



    අජිත් අලහකෝන්


    පහුගිය ටිකේ කොහෙද බන් හිටියේ? ලිපියට කරුණු හොයන්න ගියාද? තෙල් නැවේ මද ආපහු ආවේ?

    තෙල් නැති ටිකේ උඹ පෙන්න හිටියේ නැති නිසා ඇහුවේ

    5a05c44db7202895617552.gif

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,632
    28,631
    113
    පහුගිය ටිකේ කොහෙද බන් හිටියේ? ලිපියට කරුණු හොයන්න ගියාද? තෙල් නැවේ මද ආපහු ආවේ?

    තෙල් නැති ටිකේ උඹ පෙන්න හිටියේ නැති නිසා ඇහුවේ

    5a05c44db7202895617552.gif


    Ai dakke nadda supurudu lesa meke hitiya ;)

    see from
    http://elakiri.com/forum/showthread.php?t=1741256&page=401
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,632
    28,631
    113
    මේ වන විට බාල පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් 40,000 අඩංගු නෞකාව කිසිදු පරීක්‍ෂණයකට භාජන නොකර මුදාහැර ඇත.

    2013/06/26 :lol:

    බාල තෙල් ගෙන්වූයේ 'බ්ලැක්‌ ලිස්‌ට්‌' සමාගමකින්

    ශිරාන් රණසිංහ

    බාල ඩීසල් මෙටි්‍රක්‌ ටොන් හතළිස්‌ දහස මෙරටට ගෙනැවිත් ඇත්තේ කලින් බාල පෙට්‍රල් ගෙනා ඉනොක්‌ නමැති අසාදු ලේඛනගත කළ (බ්ලැක්‌ ලිස්‌ට්‌) සමාගමෙන්ම යෑයි ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

    2011 ජුනි මස බාල පෙට්‍රල් මෙරටට ගෙනාවේ ද මෙම ඉනොක්‌ නමැති සමාගමය. මෙම සමාගම 2011 වන විටත් අසාදු ලේඛනගත කර තිබියදී බාල පෙට්‍රල් මෙරටට ගෙන්වූ අතර එම සිද්ධියෙන් පසුව දෙවැනි වරටත් අසාදු ලේඛනගත කළ සමාගමෙන් බාල ඩීසල් ඇණවුම් කිරීම පිළිබඳ විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කළ යුතු බව ද අදාළ නිලධාරියා කියා සිටියේය.

    2011 වසර් ජුනි මාසයේ බාල පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් දාහත්දහසක්‌ වෙළෙඳපොළට නිකුත් කළ පසු වාහන අතරමග නතර වීම නිසා එවකට ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ පිළිබඳ සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත් කළේය.

    එම කමිටුවේ නිර්දේශවලට අනුව බාල පෙට්‍රල් ගෙන්වූ සමාගම බ්ලැක්‌ ලිස්‌ට්‌ කළ එකක්‌ බවත් තෙල් සංස්‌ථාවට සිදුවූ පාඩුව එම සමාගමෙන් අයකරගත යුතු බවත් සඳහන් වී තිබිණි. අදාළ සමාගමෙන් සම්පූර්ණ පාඩුව පියවා ගත නොහැකි නම් වගකිවයුතු තෙල් සංස්‌ථා නිලධාරීන්ගෙන් ඉතිරිය අයකරගන්නා ලෙසට ද නිර්දේශ කර තිබිණි.

    ඒ අනුව ඇමැතිවරයා කියා සිටියේ මින් පසු තෙල් ආනයන කරන විට නිසි ටෙන්ඩර් පටිපාටිය පමණක්‌ නොව එම සමාගම්වල පැටිකිරිය ද සොයන බවයි.

    කෙසේ වෙතත් යළිත් වතාවක්‌ බ්ලැක්‌ ලිස්‌ට්‌ කළ මෙම සමාගමෙන්ම ඩීසල් මිලදී ගැනීම පිළිබඳ වහාම සොයා බලා සත්‍ය රටට හෙළි කළ යුතුව ඇතැයි ද වෘත්තීය සමිති නායකයෝ ද පවසති.

    මේ වන විට බාල පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් 40,000 අඩංගු නෞකාව කිසිදු පරීක්‍ෂණයකට භාජන නොකර මුදාහැර ඇත.


    - http://www.divaina.com/2013/06/26/news03.html
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,632
    28,631
    113
    බාල ඩීසල් නිසා දුම්රියට වූ පාඩුව
    තෙල් සංස්‌ථාව ගෙවිය යුතුයි

    - දුම්රිය දෙපාර්තමේන්තු පොදු සේවක සංගමය

    2012/08/03

    ලසිත දුමින්ද

    බාල ඩීසල් භාවිත කිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ අලාභය තෙල් සංස්‌ථාව විසින් ගෙවිය යුතු බව දුම්රිය දෙපාර්තමේන්තු පොදු සේවක සංගමය ප්‍රකාශ කරයි.

    මේ නිසා දුම්රියන් 36 ක්‌ විවිධ කාර්මික දොaෂවලට ලක්‌ව ඇතැයිද සමස්‌ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුමතිපාල මානවඩු මහතා ඊයේ (02 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

    තත්ත්වයෙන් බාල තෙල් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම ගැටලු මතු වුණා. මීට පෙර බාල පෙට්‍රල් ගෙන්වූවා. එයින් අගතියට පත්වූ විශාල වාහන සංඛ්‍යාවකට වන්දි ගෙවන්න රජයට සිදුවුණා.

    දැන් යළිත් බාල ඩීසල් ගෙන්වලා. මේක බරපතළ තත්ත්වයක්‌. මෙය තවත් සිද්ධියක්‌ නිසා වසා ගන්න ඇතැමුන් උත්සාහ කරනවා. බාල තෙල් ගෙන්වලා මහජන මුදල් විනාශ කරනවා. මේක මහා හොරකමක්‌.

    බාල ඩීසල් ගැන තොරතුරු හෙළිවුණේ දුම්රියන්වල වේගය අඩුවූ නිසයි. දුම්රියන්වල තිබෙන µsල්ටර් වල ඉටි සාන්ද්‍රණයන් තිබෙන බව පසුව කළ පරීක්‍ෂණ වලදී හෙළිවුණා.

    මේ වන විට දුම්රියවල µsල්ටර් 102 ක්‌ අක්‍රිය වෙලා. එක දුම්රියක µsල්ටර් 03 ක්‌ හෝ 04 ක්‌ තියෙනවා. එක µsල්ටරයක වටිනාකම රුපියල් 30,000 ක්‌ පමණ වෙනවා. මෙහි අලාභය දරන්නේ කවුද?

    ඉදිරියේ දී එන්ජින්වලටත් ගැටලු ඇතිවෙන්න පුළුවන්. දුම්රිය තෙල් ගන්නේ තෙල් සංස්‌ථාවෙන් පමණයි. එනිසා මෙම ගැටලුවෙන් තෙල් සංස්‌ථාවට ගැලවෙන්න බැහැ.

    තෙල් සංස්‌ථාවට ලෝකයේ වගකිවයුතු ආයතනවලින් තෙල් ගන්න පුළුවන්කම තිබියදීත් බ්ලැක්‌ ලිස්‌ට්‌ කළ ආයතනවලින්ම තෙල් ගැනීම වංචාවක්‌. මෙවැනි දේවල්වලට වගකිව යුතු පුද්ගලයන් ඉන්නවා.


    - http://www.divaina.com/2012/08/03/news24.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,632
    28,631
    113
    බාල තෙල් පාඩුව කෝටි 14යි

    2012/05/10

    ශිරාන් රණසිංහ

    මෙරටට ගෙනා ප්‍රමිතියෙන් තොර ගුවන් යානා තෙල් (Jet oil) මෙටි්‍රක්‌ ටොන් හත්දහස්‌ පන්සියය භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට ගත් තීරණය නිසා ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි දහහතරක්‌ (මිලියන 140 ක්‌) යෑයි තෙල් සංස්‌ථා මුදල් අංශය ගණන් බලා තිබේ. නෞකාවට ගෙවූ ප්‍රමාද ගාස්‌තු මෙන්ම මේ දිනවල පවතින විදේශ විනිමය අනුපාතවල අවාසියද මෙම පාඩුව මෙතරම් වැඩිවීමට බලපෑ බව මුදල් අංශයේ ප්‍රධානියෙක්‌ "දිවයින" ට පැවැසීය.

    සිංගප්පූරු බ්‍රිටිෂ් පෙට්‍රොaලියම් (සිංගප්පූරු බී. පී.) නමැති සමාගමකින් මෙම ඉන්ධන තොගය ඛනිජ තෙල් සංස්‌ථාව මිලදී ගෙන ඇත.


    මීට දින කිහිපයකට පෙරාතුව ASDRAL EXTRA ESS නමැති නෞකාවකින් මෙරටට ගුවන් යානා තෙල් මෙටි්‍රක්‌ ටොන් විසිදහසක්‌ රැගෙනවිත් තිබේ. මෙම මෙටි්‍රක්‌ ටොන් විසිදහසින් ප්‍රමිතියෙන් තොර මෙටි්‍රක්‌ටොන් 7500 ක්‌ වෙනම ටැංකියක අසුරා තිබී ඇත.

    ඉන්ධන තොගය ගොඩබෑමට පෙරාතුව ලබාගත් සාම්පල් පරීක්‍ෂණයේදී ගුවන් යානා තෙල් තොගයේ ප්‍රශ්නයක්‌ ඇතැයි තහවුරු වූ පසුව අදාළ සිංගප්පූරු තෙල් සමාගමද වෙනම රසායනාගාර පරීක්‍ෂණයක්‌ සිදුකර ඇත.

    මෙම නෞකාවේම ඩීසල් මෙටි්‍රක්‌ ටොන් විසිදහසක්‌ ගෙන්වා ඇති අතර ඒවායේ ප්‍රශ්නයක්‌ නොතිබූ බව ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව තහවුරු කළේය. භූමිතෙල් හා ගුවන් යානා තෙල් (Jet oil) අතර විශාල වෙනසක්‌ නැති බව තෙල් සංස්‌ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාද සඳහන් කළේය.

    කෙසේ වෙතත් පාඩුවක්‌ සිදුව ඇතිදැයි ගණනය කිරීම තෙල් සංස්‌ථාව මගින් සිදුකරන කටයුත්තක්‌ යෑයි ද ඇමැතිවරයා සඳහන් කළේය. ගුවන් යානා තෙල් මෙටි්‍රක්‌ ටොන් 7500 ක්‌ භූමිතෙල් ලෙස පාවිච්චියට ගැනීමේදී වන පාඩුව අවම වන ලෙස සිංගප්පූරු බිටි්‍රෂ් පෙට්‍රොaලියම් නමැති ආයතනය ගුවන් තෙල් බැරලයකට ඩොලර් ශත විසිපහක්‌ බැගින් මිල වට්‌ටමක්‌ ලබාදුන් පසුවත් සංස්‌ථාවට රුපියල් කෝටි දහයක්‌ පාඩුවී ඇතැයි තෙල් සංස්‌ථා මුදල් අංශය සඳහන් කළේය.


    - http://www.divaina.com/2012/05/10/news04.html
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mahinda ehema kara ehemai kiyala meh wuna dey wahanna bh mchn aniwa mewata adala rajaya thamai ea kiyanne my3 waga kiyanna oni api chande dunne ahinsaka minihata wenawa kiyapu sadarenata ko nah :dull:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කියෙව්වෙ නැහැ බං කවුද මහින්දද ගෙනල්ල තියෙන්නේ??