ඉන්ධන සංචිත ගැන සංස්ථාවෙන් පැහැදිලි කිරීමක් 🔴😊😊

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113


    මෙරට ඉන්ධන අවශ්‍යතාවයට වඩා සියයට 10කට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

    එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේ, හදිසි ගබඩා කිරීම් නොකරන්නේ නම් රට තුළ අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන පවතිනු ඇති බවය.

    මැයි මාසයේ මැද දක්වා මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව දෙරණ බිග්ෆොකස් වැඩසටහන සමඟ අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළේය.

    "මෙතැන තියෙන ප්‍රශ්නය තෙල් නැතිකම නෙවෙයි. මෙට්‍රික් ටොන් 40,000ක නැවක එනවා නම් අපි 40,000ක ගැප් එකක් ඇති කරනවා. නැව එද්දී හිස් කරනවා නෙවෙයි. පසුගිය කාලයේ ඩීසල් සියයට 150ක රේට් එකේ ගියා. එතකොට 40 වෙනුවට 60ක් යනවා. ඕක තව පොඩ්ඩක් වැඩිවුණොත් එහෙම ලංකාව ඇතුළේ තෙල් නැති දවසක් එනවා.

    QR කේතය තියෙන නිසා මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ.