පෙට්‍රල් 500 ට ගහනවාද? 1000 ට ගහනවාද?

cat123

Well-known member
  • Sep 25, 2007
    2,701
    4,444
    113
    ඩොලර් එක 200 අල්ලන් හිටියාම වුන පාඩුව හරියට තේරුන්නෑ වගේද? ඔය සන්තෑසියම තමා දැන් පෙට්‍රල් වලටත් වීගෙන එන්නෙ. පෙට්‍රල් 92 දැන් 338, පෝලිමේ ඉදලා පෙට්‍රල් ගහගන්න පැය 12 වත් වැය කරන්න ඕන. රටට ආර්තිකයට පණ පොපොවන මිනිසුන්ට මෙච්චර වෙලා නාස්ති කරන්න විධියක් නෑ. වෙලාව වැඩියෙන් තියෙන මිනිස්සු තුන් හතර පාර පෝලිම් වල ඉදලා වාහනේට පෙට්‍රල් ගහගෙන ගෙදර ඇවිත් බූලි පුරවලා ආයි යනවා පෝලිමට.

    338 දැන් එලියේ 500-600 විකිණෙනවාලු. ආර්තිකයට සක්‍රිය දායකත්වයක් දෙන මිනිස්සු වෙන කරන්න දෙයක් නැති නිසා එහෙම හරි පෙට්‍රල් ගන්නවාලු. 338 දිගටම අල්ලන් හිටියොත් මොකද වෙන්නෙ? ඔය 500-600 කලුකඩය (black market) එක යහමින් දියුණු වෙනවා. එතකොට, ඇත්තටම රටේ ආර්තිකට දායක වන පිරිස දිගින් දිගටම වැඩි ගානට පෙට්‍රල් ගන්නවා,ඒත් ඔවුන් සම්භන්ධ ව්‍යාපාර දියුණු වන්නේ නෑ. ඔවුන්ගේ ආදායම් එතනමයි. පෙට්‍රල් අර්බුදය එතනමයි.

    පෙට්‍රල් බෙදන සංස්ථාවටත් ලීටරයක් ලීටරයක් පාසා පාඩුයි. ඒත් අහක ඉන්න ආර්තිකයට සක්‍රිය දායකත්වයක් නොදෙන කලුකඩය ලාබ උපයනවා. ඩොලරයටත් උනේ ඔය ටිකමයි. 200 අල්ලන් ඉන්න දවසක් පාසා රජයට පාඩුවුනා. විදේශ ශ්‍රමිකයන් රජයේ මුග්ධ තීරණ නිසා අසරණ වී කලුකඩය (උන්ඩියල්, හවානා වැනි) තෝරාගත්තා. අහක සිටි කලුකඩකාරයින් හොදට ලාබ ලැබුවා. දැන් ඒ කලුකඩය බිදින්න අපහසු මට්ටමට ඇවිල්ලා. එදා ඩොලරය 200 රදවා නොගෙන විචලනයට ඉඩ දුන්නා නම් අදටත් ඩොලරයේ අගය 270-280 විතර. දැන් පෙට්‍රලුත් 338 අල්ලාගෙන සිටිමුද? මේ නිසයි මහබැංකු අධිපති කියන්නේ පෙට්‍රල් ඇතුලු සමහර භාණ්ඩ වල මිල ඉහල දාන්න කියලා. ඉල්ලුම හා සැපයුම අතර තුලනක් ඇති කරගත යුතුම නොවේද? නොඑසේ නම් 500-600 නවත්වා ගත හැකි පෙට්‍රල් මිල 1000 ට යාම වැඩි ඈතක නොවේ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පෙට්‍රල් බෙදන සංස්ථාවටත් ලීටරයක් ලීටරයක් පාසා පාඩුයි.

    මෙතන වැරදයිනේ. සංස්ථාවේ ගානටම තමයි IOC එකේ දෙන්නෙත් උන් ඩබල් ත්‍රිබල් ප්‍රොෆිට් කරද්දී සිපෙට්කෝ පාඩු වෙන්න විදියක් නෑනේ
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,833
    3,796
    113
    ෆුවල් ක්‍රයිසිස් එක ඉදිරියට යනවා.
    පෙට්‍රල් වලට සමීකරණයක් ගෙනල්ල මිල නිදහස් කරන්නම ඕනෙ.
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,701
    4,444
    113
    මෙතන වැරදයිනේ. සංස්ථාවේ ගානටම තමයි IOC එකේ දෙන්නෙත් උන් ඩබල් ත්‍රිබල් ප්‍රොෆිට් කරද්දී සිපෙට්කෝ පාඩු වෙන්න විදියක් නෑනේ

    මෙතන ලීටරයක් දැන් තියෙන ගාන පාඩුයි

    fuel crisis එක දිගටම යනවා. Dollar එකේ අගය ස්ථිරව (සුලු විචලන සහිතව) තබා ගන්න මහ බැංකුව උපායන් ගොඩක් පාවිච්චි කරනවානෙ. ඒ වුනාට local fuel demand එක supply කරන්න තරම් dollars allocate කරන්න බැරි එකනෙ අවුල. ඒකට තියෙන්නෙ demand එක අඩුකරවන්නනෙ. ටිකක් ලොකු hike එකකට එක පාර ගියොත් හරියාවි නෙ. ටික කාලයකට හරි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අද දන්න එකෙක් පෙට්‍රල් බොතලයක් අරන් තිබ්බ 800ට 😁

    කරන රස්සාව අනුව, ඩර්‍යිවින් ලයිසන් එහෙකට පෙට්‍රල් ලීටර් ගානක් දුන්න නන් හරි සතියකට මෙච්චරක් කියල
    ලයිසන් ඩීටෙල් දාල සිස්ටම් එකක් හදන්න ඔන මුලින් ඉතින්

    මෙහෙ වීල් බුවාල දැන් ලීටරෙ 700 ගානෙ විකුනනව, උන් කරන්නෙ රෑ තිස්සෙ ශෙඩ් ගාව ලගිනවා
    එතනත් බොතල් ගෙනල්ල, පාට් දානව උදෙ වෙනකන්, බවුසර් ආවම තෙල් පුරො ගන්නව
    එකෙක් කීව ලීටර් 20 බූලියක් වෙනම ගන්න 2000ක් දෙනවලු තෙල් ගහන එකාට
    ඒව වෙනම විකුනනව
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දේශපාලුවොයි උන්ගෙ වටපඩයොයි පෙට්‍රල් ගෑස් ඩොලර් ගැන කියන සුරංගනා කතා විශ්වාස කර තවදුරටත් අමාරුවේ වැටීම ඔබට බාරයි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    අද දන්න එකෙක් පෙට්‍රල් බොතලයක් අරන් තිබ්බ 800ට 😁

    කරන රස්සාව අනුව, ඩර්‍යිවින් ලයිසන් එහෙකට පෙට්‍රල් ලීටර් ගානක් දුන්න නන් හරි සතියකට මෙච්චරක් කියල
    ලයිසන් ඩීටෙල් දාල සිස්ටම් එකක් හදන්න ඔන මුලින් ඉතින්

    මෙහෙ වීල් බුවාල දැන් ලීටරෙ 700 ගානෙ විකුනනව, උන් කරන්නෙ රෑ තිස්සෙ ශෙඩ් ගාව ලගිනවා
    එතනත් බොතල් ගෙනල්ල, පාට් දානව උදෙ වෙනකන්, බවුසර් ආවම තෙල් පුරො ගන්නව
    එකෙක් කීව ලීටර් 20 බූලියක් වෙනම ගන්න 2000ක් දෙනවලු තෙල් ගහන එකාට
    ඒව වෙනම විකුනනව
    සුනාමි අයියයි කොරෝන මල්ලියි සෙවණෙ හැදුන දරුවොනේ. පපුකැවුත්ත පුරාම තියෙන්නෙ හොරකමයි වංචාවයි
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    අද දන්න එකෙක් පෙට්‍රල් බොතලයක් අරන් තිබ්බ 800ට 😁

    කරන රස්සාව අනුව, ඩර්‍යිවින් ලයිසන් එහෙකට පෙට්‍රල් ලීටර් ගානක් දුන්න නන් හරි සතියකට මෙච්චරක් කියල
    ලයිසන් ඩීටෙල් දාල සිස්ටම් එකක් හදන්න ඔන මුලින් ඉතින්

    මෙහෙ වීල් බුවාල දැන් ලීටරෙ 700 ගානෙ විකුනනව, උන් කරන්නෙ රෑ තිස්සෙ ශෙඩ් ගාව ලගිනවා
    එතනත් බොතල් ගෙනල්ල, පාට් දානව උදෙ වෙනකන්, බවුසර් ආවම තෙල් පුරො ගන්නව
    එකෙක් කීව ලීටර් 20 බූලියක් වෙනම ගන්න 2000ක් දෙනවලු තෙල් ගහන එකාට
    ඒව වෙනම විකුනනව
    5000 ගහන ශෙඩ් එකක 10000ක් ගැහුව ජීප් එකකට 1000ක් තෙල් ගහන එකාගේ සාක්කුවට දාල. ත්‍රීවීල් උන් පෙට්‍රල් ගහනවා අදිනවා ආයේ පෝලිමට එනවා. ස්ටොක් කරන්න දවස් වෙන කරනවා හයර් දුවන්න දවස් වෙන් කරනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    මෙතන වැරදයිනේ. සංස්ථාවේ ගානටම තමයි IOC එකේ දෙන්නෙත් උන් ඩබල් ත්‍රිබල් ප්‍රොෆිට් කරද්දී සිපෙට්කෝ පාඩු වෙන්න විදියක් නෑනේ
    පාඩුවට හේතුව භූමිතෙල් වගේ. IOC නෑ නේ භූමිතෙල්.. ලීටරයකින් රු 250ක් විතර පාඩු ලු.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    සිපෙට්කෝ පාඩු වෙන්නෙ රජයේ වරදින්.ඕක කීයක් කළත් ඕක පාඩුයි කියයි.
    මූ හදන්නෙ තෙල් වැඩි කරල,දුප්පතුන්ගේ මිල දී ගැනීමේ හැකියාව නැති කරන්න.ඕකෙන් තවත් ප්‍රචණ්ඩ වීම් විතරයි වෙන්නෙ
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    3 whrl Park eke ekek දෙන්නෙක් ඉන්නවා උන් කරන්නේ petrol පෝලිමේ ඉන්න එක. උන් එළියට ඇවිත් හයර් යන උන්ට දෙනව. උන් Shift එකට වැඩ. ඇරැව්වල patte ඊයේ ඕකට වලියක් ගිහින් 3 whlr එකක glass කුඩු කලා. හැමෝම stress එකේ ඉන්නේ. 3 whlr 5 කට car 1 කට තෙල් ගහන්න දෙන්නේ. ඉතින් 3 whlr පෝළිම ඉක්මනට ඉවර වෙනවා. උන් ආයේ පිටිපස්ස ට ඇවිත් ඉන්නවා තෙල් ටික බාලා ඇවිත්.
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,888
    8,252
    113
    දැන් ඉතින් අලුතින් තෙල් මීටර් ටිකත් ගේන්න වෙනවා. ලබන සතියේ ඉලක්කම් හතර වෙච්ච ගමන් බඩුම තමයි...

    283476354_5839064432788892_1730614513665975550_n.jpg
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    ඩොලර් එක 200 අල්ලන් හිටියාම වුන පාඩුව හරියට තේරුන්නෑ වගේද? ඔය සන්තෑසියම තමා දැන් පෙට්‍රල් වලටත් වීගෙන එන්නෙ. පෙට්‍රල් 92 දැන් 338, පෝලිමේ ඉදලා පෙට්‍රල් ගහගන්න පැය 12 වත් වැය කරන්න ඕන. රටට ආර්තිකයට පණ පොපොවන මිනිසුන්ට මෙච්චර වෙලා නාස්ති කරන්න විධියක් නෑ. වෙලාව වැඩියෙන් තියෙන මිනිස්සු තුන් හතර පාර පෝලිම් වල ඉදලා වාහනේට පෙට්‍රල් ගහගෙන ගෙදර ඇවිත් බූලි පුරවලා ආයි යනවා පෝලිමට.

    338 දැන් එලියේ 500-600 විකිණෙනවාලු. ආර්තිකයට සක්‍රිය දායකත්වයක් දෙන මිනිස්සු වෙන කරන්න දෙයක් නැති නිසා එහෙම හරි පෙට්‍රල් ගන්නවාලු. 338 දිගටම අල්ලන් හිටියොත් මොකද වෙන්නෙ? ඔය 500-600 කලුකඩය (black market) එක යහමින් දියුණු වෙනවා. එතකොට, ඇත්තටම රටේ ආර්තිකට දායක වන පිරිස දිගින් දිගටම වැඩි ගානට පෙට්‍රල් ගන්නවා,ඒත් ඔවුන් සම්භන්ධ ව්‍යාපාර දියුණු වන්නේ නෑ. ඔවුන්ගේ ආදායම් එතනමයි. පෙට්‍රල් අර්බුදය එතනමයි.

    පෙට්‍රල් බෙදන සංස්ථාවටත් ලීටරයක් ලීටරයක් පාසා පාඩුයි. ඒත් අහක ඉන්න ආර්තිකයට සක්‍රිය දායකත්වයක් නොදෙන කලුකඩය ලාබ උපයනවා. ඩොලරයටත් උනේ ඔය ටිකමයි. 200 අල්ලන් ඉන්න දවසක් පාසා රජයට පාඩුවුනා. විදේශ ශ්‍රමිකයන් රජයේ මුග්ධ තීරණ නිසා අසරණ වී කලුකඩය (උන්ඩියල්, හවානා වැනි) තෝරාගත්තා. අහක සිටි කලුකඩකාරයින් හොදට ලාබ ලැබුවා. දැන් ඒ කලුකඩය බිදින්න අපහසු මට්ටමට ඇවිල්ලා. එදා ඩොලරය 200 රදවා නොගෙන විචලනයට ඉඩ දුන්නා නම් අදටත් ඩොලරයේ අගය 270-280 විතර. දැන් පෙට්‍රලුත් 338 අල්ලාගෙන සිටිමුද? මේ නිසයි මහබැංකු අධිපති කියන්නේ පෙට්‍රල් ඇතුලු සමහර භාණ්ඩ වල මිල ඉහල දාන්න කියලා. ඉල්ලුම හා සැපයුම අතර තුලනක් ඇති කරගත යුතුම නොවේද? නොඑසේ නම් 500-600 නවත්වා ගත හැකි පෙට්‍රල් මිල 1000 ට යාම වැඩි ඈතක නොවේ.
    මචන් මට මේක කියපන් රු. 420 හරි රු. 1000 හරි petrol ගන්න petrol තියෙනවද කියල. ඉස්සෙල්ලා ප්‍රශ්නෙ අදුනගෙන ඉන්න ඕනේ බන් ඒක විසදන්න