පෙමක් නිසා 10 ශ්‍රේණියේ සිසුවාගෙන් 9ශ්‍රේණියේ සිසුවාට තියුණු ආයුධ ප්‍රහාරයක්

saffron2017

Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    ප්‍රේම සම්බන්ධතාවක් මුල්කර ගනිමින් වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු එම පාසලේම 09 ශ්‍රේණියේ සිසුවකුට එල්ල කළ තියුණු ආයුධ පහරකින් තුවාල ලබා එම සිසුවා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි වේයන්ගොඩ පොලීසිය සඳහන් කරයි.10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා එම පන්තියේම සිසුවියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර පාසලේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පහර කෑමට ලක් වූ සිසුවා ද එම සිසුවිය සමග පෙම් සබඳතාවක් ගොඩනගාගෙන ඇත. මේ සම්බන්ධයෙ දැනගත් 10 ශ්‍රේණියේ සිසුවා ඉකුත් (03දා) පාසලේදී සහ පාසල නිමවීමෙන් අනතුරුව පාසල ඉදිරිපිට දී නවය ශ්‍රේණියේ සිසුවාට පහර දී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලීසිය පවසයි.



    පහර කෑ සිසුවා පසුව නිවසට ගොස් නැවත එදින පස්වරුවේ වේයන්ගොඩ නයිවල ප්‍රදේශයට පැමිණ ඇති අතර එහිදී 10 ශ්‍රේණියේ සිසුවා ඔහුගේ පන්තියේම තවත් සිසුන් පිරිසක් සමග පැමිණ නැවත 09 ශ්‍රේණියේ සිසුවාට පහරදී ඇති අවස්ථාවේ 10 ශ්‍රේණියේ සිසුවාගේ මිතුරකු 09 ශ්‍රේණියේ සිසුවාට පිහියකින් පහර දී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

    තියුණු ආයුධ ප්‍රහාරයෙන්තුවාල සිදුවූ 09 ශ්‍රේණියේ සිසුවා පසුව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කෙරුණු බව පොලීසිය පවසයි. රෝහල් පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධ වේයන්ගොඩ පොලීසියට කළ දැනුම් දීමකට අනුව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධ විමර්ශන ආරම්භ කෙරිණි. සිද්ධියට අදාළ 10 ශ්‍රේණියේ සිසුවා සහ පිහි පහර එල්ල කළ එම සිසුවාගේ මිතුරා නිවෙස්වලින් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
    (මීරිගම-කාන්ති)