පෙමක් නිසා 10 ශ්‍රේණියේ සිසුවාගෙන් 9ශ්‍රේණියේ සිසුවාට තියුණු ආයුධ ප්‍රහාරයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ප්‍රේම සම්බන්ධතාවක් මුල්කර ගනිමින් වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු එම පාසලේම 09 ශ්‍රේණියේ සිසුවකුට එල්ල කළ තියුණු ආයුධ පහරකින් තුවාල ලබා එම සිසුවා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි වේයන්ගොඩ පොලීසිය සඳහන් කරයි.10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා එම පන්තියේම සිසුවියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර පාසලේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පහර කෑමට ලක් වූ සිසුවා ද එම සිසුවිය සමග පෙම් සබඳතාවක් ගොඩනගාගෙන ඇත. මේ සම්බන්ධයෙ දැනගත් 10 ශ්‍රේණියේ සිසුවා ඉකුත් (03දා) පාසලේදී සහ පාසල නිමවීමෙන් අනතුරුව පාසල ඉදිරිපිට දී නවය ශ්‍රේණියේ සිසුවාට පහර දී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලීසිය පවසයි.



    පහර කෑ සිසුවා පසුව නිවසට ගොස් නැවත එදින පස්වරුවේ වේයන්ගොඩ නයිවල ප්‍රදේශයට පැමිණ ඇති අතර එහිදී 10 ශ්‍රේණියේ සිසුවා ඔහුගේ පන්තියේම තවත් සිසුන් පිරිසක් සමග පැමිණ නැවත 09 ශ්‍රේණියේ සිසුවාට පහරදී ඇති අවස්ථාවේ 10 ශ්‍රේණියේ සිසුවාගේ මිතුරකු 09 ශ්‍රේණියේ සිසුවාට පිහියකින් පහර දී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

    තියුණු ආයුධ ප්‍රහාරයෙන්තුවාල සිදුවූ 09 ශ්‍රේණියේ සිසුවා පසුව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කෙරුණු බව පොලීසිය පවසයි. රෝහල් පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධ වේයන්ගොඩ පොලීසියට කළ දැනුම් දීමකට අනුව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධ විමර්ශන ආරම්භ කෙරිණි. සිද්ධියට අදාළ 10 ශ්‍රේණියේ සිසුවා සහ පිහි පහර එල්ල කළ එම සිසුවාගේ මිතුරා නිවෙස්වලින් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    අක්කලා තමා මල්ලිලව නොමග යවන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    සුදාම්මි සුවෙන්
    සුදාම්මිගේ අනුකම්පා ජන්ද වලින් 9 වසරේ චමින්ද ජයග්‍රහණය කරයි
    දුශ්ඨයා ලෙස 10 වසරේ අජිත් පත් වේ
     
    • Haha
    Reactions: meeka

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,859
    113
    Colombo, Sri Lanka
    @NRTG me pagaya neda oya
    suduammita weda pennala thiyenne
    Pop Tv What GIF by Schitt's Creek
     
    • Haha
    Reactions: Asmodeus

    lilman

    Well-known member
  • May 10, 2009
    41,203
    54,988
    113
    Colombo
    මිතුරකු 09 ශ්‍රේණියේ සිසුවාට පිහියකින් පහර දී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

    මුන් පාන් ගෙඩියටත් පිහියෙන් පහර දෙනව ඇති :eek:
     
    • Haha
    Reactions: SLK_sri

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,009
    113
    අපි 9 වසරෙදිත් හොරා පොලිස් සෙල්ලම කළා බං
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    2010 තමයි මම දැකපු සුපිරිම වලිය දැක්කෙ. royal-thurstan තනිකර ඉස්කෝල දෙකක් ජංගියක් වෙනුවෙන් ගහගත්තා. අන්තිමට සතියක් යනකන් 12.30ට ඉස්කෝල ඉවර කරල STF එකෙන් ඉස්කෝලෙ වටේට guard එක දාල තමයි නතර උනේ.
     
    • Like
    Reactions: SLK_sri