පෙම්කිරීම තහනම්.
ප‍්‍රසිද්ධ ස්ථානවල පේ‍්‍රම කරන්නන් ලංකාවේ අද සුබ දසුනක් බවට පත්ව ඇත. කොළඹ ගාල්ල, මාතර , හික්කඩුව, මීගමුව යන මුහුදු තීරවලත් ප‍්‍රසිද්ධ උද්‍යානවලත් ගාලු මුවොදර පිටියේත් පේ‍්‍රම කරන්නන් අද සුලබ දසුනකි. එහෙත් මේ පිළිබඳ යෞවන යෞවනියන් පවසන්නේ වෙනත් කතාවකි.තමන්ට පේ‍්‍රම කරන්නට උචිත ස්ථාන නොවීම නිසා තමන්ට පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානවල පේ‍්‍රම කිරීමට නිතැතින්ම යොමුවන බව ඔවුහු පවසති.
අපේ රටට පේ‍්‍රමකරන ප‍්‍රශ්නය තිබුණත් වෙනත් රටවලට ඇත්තේ පේ‍්‍රම කරන ප‍්‍රශ්නය නොවේ. ප‍්‍රසිද්ධ ස්ථානවල ලිංගිකව හැසිරීමේ ප‍්‍රශ්නය එම රටවලට දැඩි හිසරදයක් බවට පත් වී තිබේ. ඉතාලියේ වාහන තුළත්, උද්‍යාන වලත් කඳුකර ජනශූන්‍ය ප‍්‍රදේශවලත් සම්භෝග සුවයත් ඊට ආසන්න හැඟුම් වලින් යුතුව පේ‍්‍රම කරන්නනුත් දැකිය හැකිය. ප‍්‍රංශයේ වනගත ප‍්‍රදේශවලත්, ප‍්‍රසිද්ධ ස්ථාන වලත් මෙවැනි සුලබ දසුන් දැකිය හැකිව තිබේ. ජර්මනියේ ගංඟාවල නිරුවතින් හිරු රැස් නාමින් පේ‍්‍රම කරන්නන් සුලබ දසුනකි. විදේශ රටවල් බොහොමයක සම්භෝග සුවයේ යෙදෙන ජවනිකා ඇතුළත් ටෙලි චිත‍්‍රපටි දවස පුරා විකාශනය වේ. විශේෂයෙන් බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය, අමෙරිකාව, ඉතාලිය, ඕස්ටේ‍්‍රලියාව, තායිලන්තය ආදි රටවලට මහත් හිසරදයක් වී ඇත්තේ පේ‍්‍රම කරන්නන් නොව සම්භෝග සුව විඳින්නන් ප‍්‍රසිද්ධ ස්ථානවල ඇතිකරන ගාල ගෝට්ටියයි.
ලාංකික පෙම්වතුන්සමහර විදේශ රටවල සම්භෝග සුව විඳින්නන් තමන්ගේ නිවෙසට ගෙන්වා ඒවා නැරඹීමටද විදේශිකයෝ පුරුදු පුහුණු වී සිටිති. වේදිකා නාට්‍යවල සම්භෝග සුව විඳීමේ කලාව එරට වල දුබල නැත. මෙයින් බලන කල ලංකාවේ අහිංසක පේ‍්‍රම කරන්නන්ට මරු පහර ගැසීම සෑම ක්‍ෂේත‍්‍රයක් විසින්ම ඉටුකරන සද්චාරිත‍්‍රයක් බවට පත්ව ඇත.සමලිංගික විවාහ නීතිගත කිරීම, සමලිංගිකයන්ගේ සංගම් ඇතිකිරීම, පලායන්නන්ගේ සංගම්, අනාථවූවන්ගේ සංගම්, ස්තී‍්‍ර දූෂණයට ලක්වූවන්ගේ සංගම් ආදී සංගම් රැසක් යුරෝපයේ හා අමෙරිකාවේ රටවල් පුරා විසිරී පැතිරී ඇත. මේ අතින් බලන කළ අප තවමත් ඔවුන්ට වඩා ශිෂ්ට යුගයක සිටින බව පැහැදිලිව ම පෙනේ.
ලංකාවේ යෞවන යෞවනියන්ට නිදහසේ පේ‍්‍රම කිරීමට ස්ථාන නොමැතිවීම බලවත් අඩුපාඩුවක් බව මැදහත් විචාරකයන්ගේ මතයයි. මිනිසාගේ මානසික නිදහස රැක ගැනීමට ස්ථාන වෙන්කර තිබීම රටකට අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ.මෙරට කාන්තා විවේකාගාර, යොවුන් ආධාර මධ්‍යස්ථාන, යෞවන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නොමැතිකම බලවත් අඩුපාඩුවක්ව ඇති බව පැහැදිලිවම පෙනීයන සත්‍යයකි. ශ්‍රී ලංකා පොලිසියට මහත් හිසරදයක්ව පවතින්නේ ප‍්‍රසිද්ධ ස්ථානවල පේ‍්‍රම කරන්නන්ගේ නොමනා හැසිරීම්ය. ප‍්‍රසිද්ධ ස්ථාන වල පේ‍්‍රමකරන්නේ මුදල් හදල් යහමින් ඇති උදවිය නොව එදිනෙදා යාන්තමින් ජීවිකාව ගෙනයන මෙරට සමාජ ස්ථරයේ පහළ මට්ටමේ පිරිස් බව ලෝකයාට රහසක් නොවේ.
ප‍්‍රසිද්ධ ස්ථානවල පේ‍්‍රම කිරීම තහනම්ව පවතින්නේ සමාජයේ පහළ ස්ථරවල සාමාන්‍ය යෞවන යෞවනියන්ට ය. ලංකාවේ අති ප‍්‍රසිද්ධ සුප‍්‍රසිද්ධ හෝටල් තුළ පේ‍්‍රමකරන්නටත් සම්භෝග සුව විඳින්නටත් අවසර පත් දී ඇත්තේ ඉතා සීමිත පිරිසකට පමණකි. ඒ සීමිත පිරිස ලබන වින්දනය මෙරට වලංගු නීතියට අනුකූල වන අතරම ප‍්‍රසිද්ධ ස්ථානවල පේ‍්‍රම කිරීම මෙරට වලංගු නීතියට පටහැනි වේ. මේ ලෙස මෙරට නීතිය කි‍්‍රයාත්මක වන්නේ සමාජයේ පහළ ස්ථරයන් පීඩාවට පත් කිරීමටත් ඔවුන් හරහා සමාජ සුචරිතවාදය ලොවට හෙළි කිරීම පිණිස බවත් නිරාකූල සත්‍යයක් බවට පත්ව ඇත.
සමාජ දුෂ්චරිතසමාජ දුෂ්චරිත 3 වැනි ලෝකයේ රටවල් පොලිසි විසින් ශෝධනය කරනු ලබන්නේ පහළ ස්ථරයන් වෙත පමණක් බව බැලූ බැල්මට පෙනේ. මේ නිසා 3 වැනි ලෝකයේ රටවල පොලිස් නීතිය ඇති හැකි අය වෙනුවෙන් සැකසුණු නීති පද්ධතියක් බවට පත්ව ඇත. මෑතකදී හෙළි කරන ලද සමීක්ෂණ වාර්තාවකින් දැක්වූණේ ලංකාවේ අංක එකේ දූෂිත ආයතනය ශ්‍රී ලංකා පොලිසිය බවයි. මේ පිළිබඳව පොලිසියට දෝෂාරෝපණය එල්ල කිරීමෙන් පළක් නොවන්නේ පොලිසිය අද දේශපාලනීකරණයට ලක්ව අවසන්ව ඇති නිසාවෙනි.ප‍්‍රසිද්ධ ස්ථානවල පේ‍්‍රම කිරීම තහනම් කොට ඇත්තේ මෙරට සුචරිතවාදී බව ලොවට පෙන්වීමේ ෙච්තනාවෙනි. ඒ නිසා සමාජයේ පහත් ස්ථරවල සමාජ වෛරය තුරන් කිරීමටත් ඔවුන්ට නිදහසේ පෙම් කිරීමට නියමිත ස්ථාන ලබාදීම වගකිවයුත්තන්ගේ යුතුකමක් බවට පත්වන්නේය.
ගිලා බැස ඇති සමාජයක පේ‍්‍රමය පමණක් ජීවිතයට නව ජවයක් එක් කරන බලාපොරොත්තුවේ අරුණැල්ල බවට පත්ව ඇත. මෙරට ඉහළ පෙළේ සමාජ සංවිධාන විසින් ඇතිකරන සමාජ දූෂණය කොතරම්ද යත් එයින් ලොවට හෙළි වන්නේ අංශු මාත‍්‍රයක් පමණි. ඒ අංශු මාත‍්‍රය දැනගත් විටද බලධරයන් මුණිවත රකින්නේ ඔවුන් ඉහළ සමාජ ස්ථරය හා බැඳී සිටින නිසාවෙනි. මෙරට මුළු සමාජ ව්‍යුහයම පහළ සමාජ ස්ථරයන් පීඩනයට පත්කොට සුචරිතවාදය පැවසීමට සැකසී ඇත්තේ ය. දෛනිකව ජීවත්වීමට දැඩි සටනක් කරන පහළ සමාජ ස්ථරවල යෞවන යෞවනියන්ට පේ‍්‍රම කිරීමටවත් ස්ථාන වෙන්කර දීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. එසේ නැතහොත් ඔවුන්ගේ සමාජ වෛරය කිසිදා නොසන්සිදෙනු ඇත.
තිලක් පුෂ්පකුමාර සේනානායක