පෙම්වතාගේ පොලු පහරින් 23 හැවිරිදි පෙම්වතිය මරුට....

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,448
    8,601
    113
    සිරිපාගම පොලිස් වසමේ කැටවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට පොල්ලකින් පහර දී ඝාතනය කරනු ලැබ ඇති බව පොලිසිය පවසයි.

    මිය ගොස් ඇත්තේ, අවුරුදු 23 ක් වූ රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

    පොලිසිය සඳහන් කළේ, ඝාතනය සිදු කළ පුද්ගලයා මෙම කාන්තාව සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බව ත් ඔවුන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් ඊයේ (දෙසැ. 4) උදෑසන කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බව ත් ය.

    පහර දීමෙන් තුවාල ලබා සිටි කාන්තාව ගිලීමලේ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පැවසීය.

    මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

    මෙම සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලිසිය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

    සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිරිපාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.