පෙම්වතිය...

r runner

Member
May 12, 2015
2,396
780
0


පෙනෙන නොපෙනෙන දුරින්
ඒත් හොඳටම ළඟින්
ඔබ වටා නීල පවුරක් බඳිමි.
දිවා කල හිරු දියර
පෙරා සිහිලැල් කරන
වළාකැටියෙන් රිදී තිර අදිමි.

පළොල් පැහැ කොපුල් පෙති
විසිර යන හිත නිවයි.
තනුක කර රුහිරු බිඳු
වළා මත ඉහිරවමි.
ඔබේ පැහැයම ගැවසි
සැඳෑ ස්වප්නෙක ගිලෙමි.

සහස් ගව් දුර පැතිරි
සිහිලැල් වු සුවඳක් ය.
බිළිඳු හසරැලි තරම්
ඒ සුවඳ පිවිතුරු ය.
නෙත් පියා ගැඹුරටම කිමිදෙමි.
මත් බවින් මෙන් සිත් රැහැන් බිඳ
රත් දෙතොල් සිපගනිමි.

ළා සඳේ දාරයක්
පිනි දියෙන් දියකරන්
කැන්වසය මත තරු අඳිමි.
සිහින් වැහි පොදක් ඉස
දූලි සුණු පිසහරිමි.

"ආදරෙද මට?" නො අසමි.
ආදරේ බැව් නොකියමි.
විසල් අහසක් හදවත'වු කල
වදන්වල ක්ෂ්‍රද්‍ර බව නැවත නැවතත් අත් දකිමි.



Yashodha Sammani Premarathne | යශෝධා සම්මානි ප්‍රේමරත්න
අප්‍රේල් 29, 2015

උපුටා ගත්තා... බම්ප්පියෝ.....