පෙරහන් කඩ පූජාව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සෑම බෞද්ධයෙක්ම අට පිරිකරක් නොහොත් අෂ්ඨ පරිස්කාරයක් පුජා කර ඇතැයි සිතමි.
    අට පිරිකරෙහි අට වැනි අංගය ලෙස පෙරහන්කඩය අයත්වේ...
    පෙරහන්කඩයෙහි කාර්යභාරය නම් ජලය හෝ පාන වර්ග පෙරා පවිත්‍ර කර ගැනීමයි.
    අප පානය කරන ජලය ගත්තද, එහි ඉතා කුඩා ජීවීන් විශාල ප්‍රමාණයක් ජීවත්වේ.
    එබැවින් එම ජලය පෙරහන්කඩයකින් පෙරා ගැනිමෙන් එම ජීවින්ගේ ප්‍රාණය සුරක්ෂා වෙයි.
    තවද එම ජිවින් ආහාර මාර්ගයට ඇතුළු වීමෙන් අපට ඇතිවන රෝග පීඩා තුරන් වෙයි..
    මෙනිසා බුද්ධ ධර්මයෙහි පෙරහන්කඩ පුජාව මහත්පල මහානිසංස කුසලයක් ලෙස දැක්වෙයි.....
    🔸
    පෙරහන්කඩවලට අයිති ⁣වන්නේ මොනවද කියලා....
    🔹
    සුදු රෙදිවලින් මහන ලද පෙරහන්කඩ හා රෙදි ගොටු....
    🔹
    තවද වෙළෙද පොලෙහි ඇති ජලය හා පාන වර්ග පෙරීමට භාවිතා කරන උපකරන, ගොටු වර්ග ....
    🌹
    🌷
    අතීතයේ සිටම ව්ගේෂයෙන් ,...
    (01) බඩදරැ අම්මලා
    (02 )රෝගි අය
    (03 )අල්ලායුෂ ඇති අය වෙනුවෙන්
    නිර්දේශය කර ඇති පිංකමකි පෙරහන්කඩ පූජාව.....
    ☸️
    🙏
    එය මහත්ඵල මහානිසංස කුසල කර්මයකි....
    🤰
    තවද පෙරහන්කඩයක් පූජ කරන මව්වරැන් විසින් එම පුජාව සිදු කරන විට. පෙරහන්කඩයෙන් ජලය පහසුවෙන් පෙරී යන්නා සේ, මාගේ දරැවා නිරෝගිව ශරීරයෙන් මෙලොවට බිහිවේවා යැයි අධිෂ්ඨාන කරමින් පූජා කලයුතුය....
    ☸️
    🌷
    🌹
    මෙය අතිතයේ සිටම පැවතුණු පිළිවෙතකි....
    ✴️
    ඒවාගේම රෝගි පුද්ගලයන්, විශේෂයෙන්ම වකුගඩු රෝග, මුත්‍රා රෝග, රැධිරය සම්බන්ද රෝග සහිත අයද....
    ☸️
    🙏
    මෙම පුජාව සිදු කිරිමෙන් නිරෝගි සුව අත්වේ...
    🤴
    වසභ රජතුමා වසර 12 කින් මිය යන බව පැවසූ විට....
    ⚜️
    ☸️
    🙏
    මහ රහතන් වහන්සේලාගෙන් ඔහු විමසනවා...
    ⚜️
    ☸️
    🙏
    දිර්ඝායුෂ ලැබීමට කලයුතු පිංකම් මොනවාද කියා....
    ⚜️
    ☸️
    🙏
    එවිට මහ රහතන්වහන්සේලා නම් කරන පිංකම් අතර මූලිකවම කුසල කර්මය වන්නේ පෙරහන්කඩ පූජාවයි...
    ☸️
    ධර්මයට අනුව පෙරහන්කඩ පූජාවෙන් ආනිසංස 6ක් රැස් වෙයි....
    (01 ) සෑම දෙනාටම වඩා දීර්ඝායුෂ ලැබීම.
    (02 )අවිආයුධවලින් හානියට පත් නොවීම.
    (03 )සොර සතුරන්ට හානි කිරීමට නෙහැකි වීම.
    (04 )නියමිත ආයුෂ ගෙවෙනතුරැ මරණයට පත් නොවීම.
    (05 )සැමට ප්‍රසන්න වීම.
    (06) වස විසෙන් කිසිදු හානියකට ලක් නොවීම.
    සියළු සත්වයන් කෙරෙහි කරැණාවෙන් හැකිතාක් මෙය ෂයා කර, සැමට මෛත්‍රිය පතුරැවමු. පිං හා කුසල් රැස්කරගමු ...
    ☸️
    🌷
    🌹
    🙏
    🙏
    🙏
    🙏
    🙏

    උපුටා ගැනිමකි
    🙏
    🙏
    🙏
    🙏

    උතුම් නිර්වණවබෝධය ලැබේවා
    🙏
    🙏
    🙏
    🙏